Wednesday, June 20, 2012

අමෙරෙලා නිර්මාණය කරන සමාජ ක්‍රමයයි වෙනස්කල යුත්තේ


මරේ අත්අඩංගුවට ගැනීමෙන් ගැටළුව විසදෙන්නේ නෑ අමරෙලා තවතවත් නිර්මාණය කරන සමාජ ක්‍රමය වෙනස් කිරීමට සටන් කිරීමටි ජවිපෙ කරන්නේ. කටුවන ද්විත්ව ඝාතනයට විරෝධය පළ කරමින් (19) පස්වරුවේ පැවති උද්ඝෝෂණයේදී ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය.
එම උද්ඝෝෂණය ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ අතර එයට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
තමන් විසින් කිරිපොවා හදා වඩා ගන්නා මැරයන් නීතිය හමුවට නොගෙන නිදැල්ලේ සැරිසරීමට ඉඩදී සිටින මේ ආණ්ඩුව ගෙදරයැවීමට රටේ ජනතාව සූදානම් බව ඒ මහතා පැවසීය.
ටිල්වින් සිල්වා මහතා තව දුරටත් පවසා සිටියේ මහින්ද
රාජපක්ෂ ආණ්ඩුවේ නිල හා නිල නොවන හමුදා ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයේ යෙදෙන්නන් මරා දමමින් සිටින බවත් ඉතිහාසය පුරාවටම මෙලෙසම සිදුවී ඇති බවත් අවධාරණය කර සිටියේය. මේ ආණ්ඩුවත් අධිරාජ්‍යවාදයත් එය රකින සමාජ ක්‍රමයත් සහමුලින් උපුටා දමනතුරු ‍සටන අත නොහරින බවත් මහ මග මිනිසුන් මරා නොදමන ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කරා කිසිඳු අභියෝගයකට නොසැලී ඉදිරියට යා හැකි සහෝදරත්වයක් ජවිපෙ තුළ ඇති බවත් ඒ සමග එක්වන ලෙස රටේ සියළු දෙනාට ආරාධනා කරන බවත් පැවසීය.

No comments:

Post a Comment