Wednesday, June 20, 2012

ගොවීන් SMS මගින් කෘෂිකාර්මික කටයුතු සැලසුම් කරනයට පොලබවයි



මහවැලි ජලාශයන්හි ජල මට්ටම පිළිබද තොරතුරු කෙටි පණිවිඩ (SMS) මගින් ජංගම දුරකතනයට ලබා දීම පිළිබදව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අවධානය යොමු වී තිබේ.
විශේෂයෙන්ම මෙම වැඩපිළිවෙල මඟින් ගොවි ප්‍රජාවට සිය කෘෂිකාර්මික කටයුතු විධිමත්ව සැලසුම් කර ගැනීම සදහා විශාල පහසුවක් වනු ඇත.ජලාශයන්හි ජල මට්ටම සියයට හතලිහ දක්වා අඩු වු විටදී සහ ජල මට්ටම සියයට අනුවත් අනුපහත්  අතරට පැමිණි විටදී මෙසේ කෙටි පණිවිඩ මගින් ගොවි ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.
ජලාශයන්හි ජල මට්ටම ඉහළ ගිය අවස්ථාවන්හි එම
ජලාශ ප්‍රදේශ අවට  ජීවත්වන ජනතාවගේ ජීවිත සහ දේපල සුරක්ෂිත කර ගැනීම සදහාද මෙය වැදගත් වනු ඇතැයි නියෝජිතායතනය පවසයි.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919)  ඔස‍්සේද මෙම සේවාව ලබා දීමට අපේක්‍ෂා කෙරේ.

No comments:

Post a Comment