Thursday, June 21, 2012

ජූලම්පිටියේ අමරේ මාධ්‍ය කියන තරම් නරක නෑ පොලීසිය කියයි


ජූලම්පිටියේ අමරේ නොහොත්"ගීගන ගමගේ අමරේ" නැමැත්තාට මාධ්‍යවල පළවන අන්දමේ වරෙන්තු ප්‍රමාණයක් නොමැති බවත් ඔහුට එරෙහිව ඇත්තේ වරෙන්තු 5ක් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා‍ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව ඔහුට එරෙහිව වසර 2005 දී මිද්දෙනිය ප‍්‍රදේශයේදී ති‍්‍රරොද රථයකට ගිනි තබා රු. 110000/- අනර්ථයක් සිදුකිරිම සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේද, 1998දී වීරකැටිය
ප‍්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරිම සම්බන්ධයෙන් වලස්මුල්ල මහෙස්ත‍්‍රාත් හා තංගල්ල මහාධිකරණයේද වරෙන්තු නිකුත් කර තිබේ.

එසේම 1997 වසරේදී වීරකැටිය ප‍්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරිම, එම වසරේදීම වීරකැටිය ප‍්‍රදේශයේ වයස අවුරුදු 16 දරුවකු අවි පෙන්වා බිය ගන්වා පැහැරගෙනයාම හා 2002 වසරේදී තංගල්ල බන්ධනාගාර නිලධාරීන්ට පහරදී සිරකර තබා එහි තිබු අවි ගබඩාව කඩා අවි හා උණ්ඩ කොල්ලකෑම සහ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරිම යන චෝදනා සම්බන්ධයෙන් වලස්මුල්ල මහෙස්ත‍්‍රාත් හා තංගල්ල මහාධිකරණයෙන් වරෙන්තු නිකුත්කර තිබේ.

No comments:

Post a Comment