Saturday, June 16, 2012

ජනපති මැදමුලන වලව්ව අසල ගමක, ජවිපෙ ජනහමුවකට වෙඩි වරුසාවක් - දෙදෙනෙක් මරුට

හජනතාව මර්ධනය කරමින් පාලනය පවත්වාගෙන යාම ප‍්‍රතිපත්තිය කරගෙන සිටින ආණ්ඩුව කටුවන පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවකට පහරදී දෙදෙනෙකු ඝාතනය කිරීමේ වගකීම, මැර කණ්ඩායම් නඩත්තුකරමින් පවත්වාගෙන යන ආණ්ඩුව භාරගත යුතවබවද, මැර කල්ලිවලින් අවසරගෙන දේශපාලනය කිරීමේ සූදානමක් ජනතා විමුක්ති පෙරමුණට නැතැයි ජවිපෙ
පවසයි. මැදමුලන වලව්ව  අවට ප‍්‍රදේශවල විශාල පොලිස් හා හමුදා ආරක්‍ෂාවක් යොදා තිබියදී බටහිර චිත‍්‍රපටවල වගේ වෙඩි තබමින් ගොස් වාහන පොඩිකිරීමේ හැකියාවක් රාජ්‍ය අනුග‍්‍රහය ලබන පිරිස් වලට පමණයි කල හැක්කේ. එමනිසා මේ නිසා ඝාතනයේ වගකීම එක් එක් අයට පැවරීමට කි‍්‍රයා නොකර මෙම මැර පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටිනවා. 

මෙම මිනීමරුවන් පිලිබඳව පොලීසියට කර ඇති පැමිණිල්ල අනුව කි‍්‍රයා කරමින් ඝාතකයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා තුරු ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට බලපෑම් කරනවා. රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව කථා කරමින් දිගින් දිගටම පවත්වාගෙනයන මර්දනය අවසන් කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව එල්ලකරමින් තිබෙන මර්දනය පිළිබඳව ආණ්ඩුව පළකරන විකෘති ප‍්‍රවෘත්තිවලට ඉඩ නොතබා සත්‍ය තොරතුරු අනාවරණය කිරීම ජනමාධ්‍යවේදීන් සතු යුතුකමක් බව අප පෙන්වා දෙනවා යැයිද පවසන ජනතා විමුක්ති පෙරමුණ බාහිර රටවලින් එල්ලවන මානව හිමිකම් කඩකිරීම පිළිබඳ චෝදනා ආණ්ඩුව ගණන් ගන්නේ නැතිකම නිසා රටතුළින් විශාල මහජන බලපෑමක් ඇතිකරන බවත්  ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් දිනාගැනීම මේ රටේ මහජනතාව සතු අයිතියක් තිසාත්  ඒ වෙනුවෙන් පෙළගැසීමෙන් තොරව ආණ්ඩුවේ මෙම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී මර්දනකාරී පාලනය නවත්වන්න නොහැකියැයිද ප්‍රකාශ කළේය. 

කටුවන ඝාතනයෙන් පසුව විශාල හමුදා සහ පොලිස් බලඇණි ඒ ප‍්‍රදේශවලට යොදා තිබෙනවා. මේ නිසා ප‍්‍රදේශයේ මහජනතාවට එයින් වෙනත් ආකාරයක බලපෑමක් වෙලා තිබෙනවා. මිනීමරු කල්ලි ආරක්‍ෂා කරමින් ජනමතය නොමග යැවීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කළ යුතුයි."

2 comments:

  1. මැදමුලන වලව්ව ලග ඇයි රැස්වීම් කලේ

    ReplyDelete
  2. මැරයින්ගෙන් අවසර නැතිව දන්සලක්වත් දෙන්න බෑ කියලා දන්නේ නැද්ද

    ReplyDelete