Saturday, June 16, 2012

ශ්‍රී ලංකාවට හංගේරියානු උපදේශණ සේවා අරඹන්න ජනපති යෝජනා කරයි


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක්  අනුව හංගේරියානු රජය සමග උපදේශනය හා සහයෝගිතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කොට තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළෙඳ, මුල්‍ය, කෘෂිකර්ම, සංස්කෘතික, තාක්ෂණික හා විද්‍යාත්මක සහයෝගිතා මෙන් ම  ජාත්‍යන්තරව පවතින අන්‍යෝන වශයෙන් උනන්දුවක් දක්වන කරුණු
පිළිබඳ ව ද දෙරට අතර කරුණු වාර්ෂික ව සමාලෝචනය කිරීමට මෙමගින් ඉඩ සැලසේ.

වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාට මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබෙන උපදෙස් මත එහි ඉදිරි ගිවිසුම් ක්‍රයාත්මක වනු ඇත.

1 comment:

  1. හන්ගෙරියාවේ කෑලි ගන්නද

    ReplyDelete