Saturday, June 16, 2012

කොළඹ සරසවි සිසුන්ගෙන් ඉපයූ මුදල් විදෙස් සිසුන්ගේ පහසුකම් සදහා


ජාත්‍යන්තර සිසුන්ගේ අවශ්‍යතාවයන්ටද ගැලපෙන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට යන සය මහල් බහු කාර්ය ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා වැයවන මුදල් වලින් රුපියල් මිලියන 150 ක වියදමක් දැරීමට කොළඹ විශ්වවිද්‍යාලය සූදානම් වේ.
සිය පශ්චාත් උපාධි පාඨමාලා වලින් ආදායම් ලැබෙන බවත් එම ආදායම් වලින් කොටසක් රුපියල් මිලියන 150 ක් මෙම
ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ පලමු අදියර සඳහා යොදවන බව එහි උපකුලපතිනිය වන ක්ෂණිකා හිරිඹුරේගම පවසයි.
පශ්චාත් උපාධි පාඨමාලා සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ විශාල ඉල්ලුමක් තිබෙනනිසා විශ්වවිද්‍යාලය තුළ 25,000 ක පමණ පිරිසක් මුදල් ගෙවමින් පශ්චාත් උපාධි හදාරන බවද එතුමිය පවසා ඇත.
මෙසේ විශ්වවිද්‍යාලයේ ආදායම් යොදවන්නේ විදෙස් විශ්වවිද්‍යාල වල සිසුන්ගේ යහපත පිණිසයි. අධ්‍යාපනය සදහා වාර්ෂිකව වෙන්වන මුදල් ප්‍රතිශතය අඩුවද්දී නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ උවමනාවන් වෙනුවෙන් මුදල් නොයෙදවූ කොළඹ විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන්ට පහසුකම් සලසන ආයෝජනයට මහින්ද රාජපක්ෂ මහතාගේද අනුමැතිය හා ආශිර්වාදය ලැබී තිබේ.
අදියර දෙකකින් නිම කිරීමට සැලසුම් කර තිබෙන මෙම ගොඩනැගිල්ල සඳහා වැයවන ඉතිරි මිලියන 245 ක මුදල මහජන බැංකුවෙන් ණය මුදලක් ලෙස ලබාගැනීමට නියමිත බව S.B. දිසානායක මහතා ප්‍රකාශකොට තිබුණි.
නිදහස් අධ්‍යාපනයේ ගෙල සිරකරන මෙවැනි වැඩ සටහන් ඉදිරියේදී අනෙක් විශ්වවිද්‍යාල තුලත්  ක්‍රියාත්මක වනු ඇත.

2 comments:

  1. S.B. ඇමති තුමනි
    විදෙස් සිසුන් ලංකාවේ විශ්වවිද්‍යාල වලට ඇතුල් වූ විට ලංකාවේ කොල්ලන් හා කෙල්ලන් සමග යාළු වෙනවා. යාළු වෙලා උන් කැමති නෑ හන්ටින් යන්න ඔය දූවිලි ගොඩවල්වල. උන්ට හොද A/C Rooms ඕනේ. හැම විශ්වවිද්‍යාලයකටම අනුබද්ධව හෝටල් හදන්න. එතකොට ඔබතුමා සංචාරක කර්මාන්තයත් දියුණුකලා කියලා මාධ්‍ය වලට කියන්න පුළුවන්. අනික විදෙස් සිසුන්ගේ දෙමාපියන් ආවම බලන්න රෑට නවතින්න විජේරාම හන්දියේ එහෙම හොද හොටල් නෑ. ඔයාට මතකනේ ඔයා කැම්පස් ඉන්නකොට අප්පච්චි ඔයාව බලන්න ඇවිල්ලා රෑ ඉන්න තැනක් නැතිව හොස්ටල් එකේ හොරාට නිදාගත්ත හැටි.

    ReplyDelete
  2. ඕවට වියදම් කලාට සුද්දෝ එන්නේ නෑ මෙහේ ආවත් අපිට වාසියක් නෑ. දැන් ඔය සංචාරක කර්මාන්තේ නැගල යන්නේ කොම්පැණි කාරයින්ට නම් වාසියි. උන් අපිව සූරා කණවා කියන දේ අමතක කරලනම් වැඩ කරන්නේ අපේ අනාගතය අදුරුයි.

    ReplyDelete