Saturday, June 16, 2012

ඩෙංගු මාරයා ලාංකීය මිනිස් ප්‍රතිදේහ ඉක්මවද්දී මහින්ද කියුබාවේ


ඩෙංගු රෝග ලක්ෂණ මතු නොකර ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති හෙයින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ ළමා ‍රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය දේවන් මෙන්ඩිස් මහතා පැවසීය.
මේ අනුව මොළයේ උණ,පාචනය ,නියුමෝනියාව,කැස්ස වැළඳුණ රෝගීන්ගේ රුධිරය පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ටද ‍ඩෙංගු රෝගය වැලදී ඇති බව තහවුරු වීමෙන් මේ බව
අනාවරණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
තවද තද උණ,ඔළුවේ වේදනාව හා ඇඟපත රුදාව ඩෙංගු රෝග ලක්ෂණ වුවත් මෙම රෝග ලක්ෂණ නොමැතිව ඉරඑළිය බැලීමට ඇති අපහසුව,බෙල්ල වේදනාව,තදබල ඔළුව වේදනාව ,වමනය හා තද නිදිමත වැනි රෝග ලක්ෂණ ඇති මොළේ උණ රෝගීන්ටද ඩෙංගු රෝගය වැළඳි තිබේ.
එසේම රෝහල්ගත කළ වෙනත් රෝග ඇති රෝගීන්ගේ රුධිර පරීක්ෂා කීරිමෙන් අනතුරුව මෙම තත්වය සොයා ගත් බව වෛද්‍ය මෙන්ඩිස් මහතා සඳහන් කළේය. ඩෙංගු මාරයා මෙසේ හිස ඔසවද්දී මෙහි වගකීම ජනතාව මත නොපටවා ඩෙංගු තුරන් කිරීමට විධිමත් ක්‍රියාමාර්ගයකට යෑම රජයේ වගකීමකි. මේ වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් ඩෙංගු අධි වසංගත තත්වයක් ප‍්‍රකාශයට පත් කර ඇත.  වාර්තාවන රොගීන්ගෙන් 50%ට වඩා වැඩි ප‍්‍රමාණයක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්ථාගත වීම භයානක තත්වයකි.
මෙම රෝග කාරක මදුරුවා සම්පූර්ණයෙන්ම මර්ධනය කල රටක් වන සමාජවාදී කියුබාවේ සංචාරයක නිරතවන මහින්ද රාජපක්ෂ මහතා මෙම භයානක තත්වයෙන් රට මුදවා ගැනීමට දැන්වත් කියුබාවෙන් ඉගෙනගත යුතුය.

4 comments:

  1. ඒ කියන්නේ කියුබාවේ මදුරුවො නෑ......
    අපරාදේ කියුබාවට මදුරුදැල් අපනයනය කරලා ගානක් හොයාගන්න හිටියේ ඒකටත් කෙවුනා

    ReplyDelete
  2. කියුබාවේ අර මහා භූමි කම්පාව මාසෙකට වරක් එන තාම ඒක තියෙනවද?

    ReplyDelete
  3. dengu anti-body haduwata mahinda palida

    ReplyDelete
  4. කියුබාවෙන් දීපු ජෛව පාලක බැක්ටීරියාව අපේ රටේ පාවිච්චි නොකළේ මදුරු දඟර නිශ්පාදකයන්ගේ බලපෑම නිසා. අනිත් එක තමයි ඩෙංගු තියෙනවද කියලා ගෙවල් වලට එන නිලධාරීන්ගේ නොදැනුවත්කම. ගස් හරි මල් හරි වතුර එකතුවෙනවා නම් ඉවත් කරන්න ඕන බව ඇත්ත. ඒත් මේ එන සමහර දෙනා ගෙවත්තේ තියෙන ගස් ඔක්කොම කපන්න ඕන වගේ කතාව. ඉතින් ගෙවල් වල මිනිස්සු ගහලා එලවනවා.

    ReplyDelete