Monday, June 11, 2012

CSN පවුලේ නාලිකාවට SYU විරෝධය

lankahotnews.org
ක‍්‍රීඩා ගුවන්විදුලි විකාශන අයිතිය CSN නාලිකාවට විකිණීමට විරෝධය පළ කරන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා  පවසයි.
ක‍්‍රීඩා රූපවාහිනි විකාශන අයිතිය රජයට පමණක් අයිති වී තිබිය දී එම විකාශන අයිතිය මේ වන විට රාජපක්‍ෂ පවුලේ නාලිකාවක් වන CSN නාලිකාවට රුපියල් මිලියන 125කට අවුරුදු 3කට විකුණා ඇති බව මුළු රටම දන්නා කරුණකි.

එහි දෙවැනි පියවර ලෙස ක‍්‍රීඩා ගුවන් විදුලි විකාශන
අයිතිය ද CSN නාලිකාවට විකිණීම සඳහා සියලූ පිඹුරුපත් සකසා ඇති බවට ජනමාධ්‍ය මගින් මේ වන විට හෙලිදරව් කර තිබේ. ක‍්‍රීඩා රූපවාහිනි විකාශන අයිතිය රාජපක්‍ෂ පවුලේ නාලිකාවට ලබා ගැනීම සඳහා ආණ්ඩුව අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙත මුළු රටම දන්නා බැවින් ක‍්‍රීඩා ගුවන් විදුලි නාලිකා අයිතිය ලබාගැනීම සඳහා ජනතාව නොමග යවමින් කූට පිළිවෙත් සකසමින් සිටින බව පැවසේ. ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට කැබිනට් අනුමැතියෙන් ලබා දුන් ක‍්‍රීඩා විකාශන අයිතිය මෙතෙක් ඉතා හොඳින් සිදුකළ බවත් එම විකාශන අයිතිය ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අහිමි කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත් රටට පෙනී ගොස් ඇත.

මෙයද ක‍්‍රීඩා රුපවාහින් විකාශන අයිතියට සිදු වූ දේම සිදුවනවාට කිසුදු සැකයක් නොමැත. මෙම අදූරදර්ශි රාජපක්‍ෂ පාලනය ක‍්‍රීඩාව සංවර්ධනය කරනවා වෙනුවට තම පවුල සංවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස මෙය දැකිය හැක. එබැවින් රජය සතු ක‍්‍රීඩා ගුවන්විදුලි විකාශන අයිතිය රාජපක්‍ෂ පවුලේ නාලිකාවක් වන CSN නාලිකාවට විකිණීමේ ක‍්‍රියා කලාපය තරයේ හෙලා දකින අතර ඊට එරෙහිව පෙළගැසෙන ලෙස රටේ මුළුමහත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු." යනුවෙන් බිමල් රත්නායක මහතා වැඩි දුරටත් ඉල්ලා තිබුණි.

2 comments:

  1. ප්‍රාග්ධනය කේන්ද්‍රගතවීමට කියන්නේ ධනවාදය රිජපක්ෂ පවුල ලංකාවේ ධනපති පංතිය ගොඩ නගනවා. අනිත් උන්ට කොච්චර ආදායම් මාර්ග හැදුවත් දියුණුවක් නෑ. ලංකාවේ ව්‍යපාර දන්නේ රාජපක්ෂලා ඒක පිළිගන්න ඉරිසියාද?

    ReplyDelete
  2. ඇයි ව්‍යාපාර අපිත් දන්නව හරිද ගමේ සීල ව්‍යාපාරය??????????????

    ReplyDelete