Sunday, June 10, 2012

එළදෙනගේ පස්ස ඇමෙරිකාවට, ඉන්දියාවට හිස ලංකාවට - ජවිපෙන් චෝදනා

lankahotnews.org
ආණ්ඩුවට තෙල් ගහන්න සෑම පුරවැසියෙක්ම වසරකට රු 2500ක් ගෙවනවායැයි අපූරු ගණිත සූත්‍රයක්  අද හදුන්වා දුන්නේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි. අපූරු අදහස් කිහිපයක්ම ඉදිරිපත් කල ටිල්වින් සිල්වා මහතා තෙල් සංස්ථාව නඩත්තු කිරීම ලංකා ආණ්ඩුව දරණ අතර ලාභ ලැබීම් ඉන්දියාවට සහ ඇමරිකාවට පවරා දීමේ මෝඩ තීරණය නිසා ජනතාව මත බරපටවා තිබෙන බවත් සදහන් කලා.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල සාමාන්තර වශයෙන් අඩුවී තිබෙනවා. මේ
වනවිට ලංකාවට ගෙන්වන ඞීසල් ලීටරයක මිල රුපියල් 95ක් වී තිබෙනවා. නැව් ගාස්තු, වරාය ගාස්තු ඇතුලූ ගෙවීම් කිරීමෙන් අනතුරුවයි මේ මිල නියම වී තිබෙන්නේ. නමුත් ආණ්ඩුව සුපිරි ඞීසල් විකුණන්නේ රු.142කට. ඞීසල් ලීටරයකින් රුපියල් 47ක වාසියක් ගන්නවා. සාමාන්‍ය ඞීසල් රුපියල් 115ට විකුණා රුපියල් 20ක් ලීටරයකින් ලාභ ලබනවා. නමුත් ආණ්ඩුව ජනතාවට කියන්නේ තෙල් අලෙවියෙන් පාඩු සිදුවන බවයි. ආණ්ඩුව ජනතාවට බොරුවක් කරමින් ඉන්නේ. බොරතෙල් ආනයනය කර පිරිපහදු කිරීමෙන් ලබන ලාභය මීටත් වඩා වැඩියි. මේ ලෙස ලාභ ලබමින් තිබියදී තෙල් සංස්ථාව පාඩු ලබන බව කියන්නේ ඇයි. එහි සත්‍ය තත්වය ආණ්ඩුව තෙල්වලින් විශාල බද්ධක් අයකිරීමයි. පෙට‍්‍රල් ලීටරයකට පනවා ඇති සියලූ බදුවල එකතුව රුපියල් 42ක් වෙනවා. රුපියල් 149ක පෙට‍්‍රල් ලීටරයක් තුළ රුපියල් 42ක බද්ධක් අඩංගුයි. මේ අනුව වාර්ෂිකව ආණ්ඩුව පෙට‍්‍රල් බදුවලින් විතරක් රුපියල් මිලියන 38,000 ක් ලබාගන්නවා. ආණ්ඩුව ඞීසල්වලට රුපියල් 04ක බද්දක් අයකරනවා. එයින් රුපියල් මිලියන 12,000ක බදු ආදායමක් උපයා ගන්නවා. ඞීසල් සහ පෙට‍්‍රල්වලින් විතරක් වාර්ෂිකව රුපියල් මිලියන 50,000 ක් බදු අයකරනවා.
මේ බදු ප‍්‍රමාණය ලංකාවේ ජීවත්වන පවුල් සංඛ්‍යාවෙන් බෙදා බැලූ විට සෑම පවුලක්ම අවුරුද්දකට තෙල්වලින් විතරක් රුපියල් 10,000ක බද්ධක් ගෙවනවා. ආණ්ඩුව ගන්න මේ බදු ප‍්‍රමාණය ජනගහනයෙන් බෙදූ විට සෑම පුරවැසියෙක්ම තෙල් සඳහා විතරක් වාර්ෂිකව රුපියල් 2500ක බද්ධක් ආණ්ඩුවට ගෙවනවා. තෙල් මිල ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමේ එක හේතුවක් වී තිබෙන්නේ ආණ්ඩුව අයකරන මේ බද්ධයි. ඊට අමතරව තෙල් සංස්ථාවේ සිදුකරන වංචා දූෂණත් බලපා තිබෙනවා. නමුත් ගණනය කර නිශ්චිතවම සඳහන් කළ හැක්කේ කළු කඩකාරයෙක් වගේ ආණ්ඩුව බදු අයකරමින් සිටින බවයි. තෙල් සංස්ථාව පාඩු ලබන බවට ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා ලේඛනවල විශ්වාසනීයත්වය පිළිබඳ බරපතල ගැටලූ මතුවී තිබෙනවා. හේතුව තෙල් සංස්ථාවේ ආදායම් වියදම් පිළිබඳව පැහැදිලි විගණනයක් කර නැහැ. අපි මේ බව වගකීමෙන් කියනවා. 2008 වසරේ සිට මේ දක්වා සංස්ථාවේ විගණනයක් කර නැහැ. මේ නිසා සංස්ථාව ඉදිරිපත් කරන දත්ත පිළිබඳව බරපතල ගැටළුවක් මතුවි තිබෙනවා.


තෙල් සංස්ථාව සතුව තිබූ වැදගත්ම තෙල් පිරවුම්හල් 100කට වැඩි ප‍්‍රමාණයක් අයි. ඕ.සී සමාගමට විකුණා දැමීම දක්වන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ තවත් තෙල් පිරවුම්හල් 42ක් අයි. ඕ.සී සමාගමට විකුණුවා. ඒ විකුණුවේ අවුරුදු 10ක බදු සහනයක් එක්කයි. ආණ්ඩුව සංස්ථාවෙන් බදු අය කරද්දී අයි. ඕ.සී සමාගමට අවුරුදු 10ක බදු සහන දුන්නා. ආණ්ඩුවේ මෙවැනි මෝඩ තීරණ නිසා වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ මේ රටේ ජනතාවටයි. ඒ වගේම ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය අයි. ඕ.සී. සමාගමට දුන්නා. ඒ නිසා අයි. ඕ.සී. සමාගමට අමතර වාසියක් සිදුකර තිබෙනවා. කොළඹ වරායෙන් තෙල් බෑමේදී ගෙවිය යුතු අමතර ගෙවීම් ති‍්‍රකුණාමලයේදී කරන්නේ නැහැ. ඒ වගේම අයි. ඕ.සී සමාගම වෙනත් සියුම් උපක‍්‍රම යොදමින් ලාභ ලබනවා. උදාහරණයක් හැටියට රුපියල් 2කින් ඞීසල් මිල වැඩිකිරීම දැක්විය හැකියි. මේ නිසා අඩු මිලකට ඞීසල් විකුණන සංස්ථාවේ පිරවුම්හල්වලට වාහන වැඩි වශයෙන් ඇදෙනවා. සංස්ථා පිරවුම්හල්වල ඞීසල් පෝලිම ඇතිවීම නිසා පෙට‍්‍රල් අවශ්‍ය වාහන අයි. ඕ.සී පිරවුම්හල් කරා ඇදෙනවා. පෙට‍්‍රල් වලින් ලැබෙන ලාභය ඞීසල්වලට වඩා වැඩියි. වැඩි ලාභයක් තිබෙන පෙට‍්‍රල් වැඩියෙන් අලෙවි කර අයි. ඕ.සී. සමාගමේ බදු සහනත් ඇතිව ලාභය ඉහළ දමා ගන්නවා. වැඩි ලාභ තිබෙන පෙට‍්‍රල් අලෙවිය සංස්ථා පිරවුම්හල්වල අඩුවෙනවා. මේ නිසා සංස්ථාවට සිදුවන්නේ ලාභ අඩුවීම හෝ පාඩු වැඩිවීමයි. ඒ අතර අයි. ඕ.සී. සමාගම මේ වගේ උපක‍්‍රම හරහා ලාභ තවත් ඉහළ දමා ගන්නවා.

බොරතෙල් පිරිපහදුවෙන් ලැබෙන අතුරු ඵලයක් වූ තාර අලෙවියෙන් විශාල ලාභයක් සංස්ථාව ලැබුවා. තාර අලෙවි කිරීමේ ඒකාධිකාරයක් සංස්ථාවට තිබුණා. පසුව ඒකත් අයි. ඕ.සී සමාගමට ලබාදුන්නා. ඒ නිසා සංස්ථාවට ලැබුණ ලාභ අයි. ඕ.සී සමාගම වෙත යොමු වුණා. ඒ වගේම සංස්ථාව වැඩිම ලාභ ලැබූ නැව් තෙල් බෙදාහැරීමේ අංශයත් 2003 අවුරුද්දේ මැරයින් සර්විස් සමාගමට පවරා එයින්ද ජෝන් කීල්ස් සමාගමට විකුණුවා. නමුත් පසුව මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම නිසා නැවත රජයට ලබාගැනීමට තීන්දු කළා. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නැවත එය පෞද්ගලීකරණය කරා. ඒ නිසා එයින් ලබාගත හැකිව තිබූ ලාභය අහිමි වුණා. ඒ වගේම ලිහිසි තෙල් බෙදාහැරීමෙන් ලැබූ විශාල ලාභය 1995 කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15කට බදු දුන්නා. 2005 අවුරුද්දේ එය නැවත ආණ්ඩුවට ලබාගැනීමට හැකියාව තිබියදීත් දේශපේ‍්‍රමය ගැන කතා කරන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එය නැවත කැල්ටෙක්ස් සමාගමට දුන්නා. තෙල් සංස්ථාව සතුව තිබූ ලාබ ලබන අංශ සියල්ලක්ම ඇමරිකාවට හෝ ඉන්දියාවට ලබාදී අවසන්. මේ වටිනාම අංශ සංස්ථාවෙන් ඉවත් කර විකුණා දැමීම නිසා සංස්ථාවේ ලාභ නැතිවී පාඩු ඉහළ ගොස් තිබෙනවා. මේ තත්වය හරියට කිරි එළදෙන බෙදා දුන්නා වගේ. කපටි අයියා එළදෙනගේ හිස කොටස මල්ලීට ලබාදුන්නා. කිරි දොවා ගන්නා කොටස අයියා ලබාගත්තා. එළදෙන නඩත්තු කිරීම මල්ලීට පවරා අයියා කිරි දොවා ගත්තා වගේ තෙල් සංස්ථාව නඩත්තු කිරීම ලංකා ආණ්ඩුව දරණ අතර ලාභ ලැබීම් ඉන්දියාවට සහ ඇමරිකාවට පවරා දීමේ මෝඩ තීරණය නිසා ජනතාව මත බරපටවා තිබෙනවා.

තෙල් සම්බන්ධයෙන් අනවශ්‍ය විශාල බරක් ජනතාව මත පටවා විදේශ සමාගම්වලට සහන ලබාදී තිබෙනවා. ජනතාවට බදු බර පටවා ඉන්දියාවට කප්පම් ගෙවන තත්වයක් උදාවී තිබෙනවා. තෙල් බෙදාහැරීමට අමතරව විදුලිය බෙදාහැරීමත් ඉන්දියාවට පැවරීමට කටයුතු කර අවසන්. සාම්පූර් බලාගාරයට අවුරුදු 25ක බදු සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේ වගේ කප්පම් ඉන්දියාවට දෙන අතර රග්බි තරඟවලට ඉන්දියාවේ නළුනිළියෝ ගෙන්වා ගත්තා. ජනතාව මත බදු බර පටවා ආණ්ඩුව ලබාගන්නා මුදල් ආපසු ඉන්දියාවේ නළුනිළියන්ට ගෙවන තත්වයක් ඇතිවී තිබෙනවා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවී ජනතාවට සහන දිය හැකි තත්වයක් මතු වුවත් ආණ්ඩුව ඒ සහනය ජනතාවට නොදෙන ජනතා විරෝධී කි‍්‍රයාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. තෙල් මිල වැඩිකිරීමේ විශාල බර ඉහළ ආදායම් ලබන ධනපති පිරිස්වලට වඩා සාමාන්‍ය ජනතාවට පැටවී තිබියදීත් මේ තත්වය වෙනස් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ධීවරයා ගොවියා, සුළු කර්මාන්තකරුවා ඇතුළු රටේ නිශ්පාදකයන්ට සහ විවිධ වෘත්තීන්වල නියලී සිටින අයට සහන ලබානොදී තමන්ගේ වංචා දූෂණ නාස්ති පියවා ගැනීමට ආණ්ඩුව ගෙන යන මේ ප‍්‍රතිපත්තිය අපි හෙළා දකිනවා. මේ තත්වයට අපි දැඩිව විරෝධය පළකරනවා. මේ තත්වය වෙනස් කර වහාම ජනතාවට සහන ලබාදෙන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. ඩොලර් 125ට තිබූ තෙල් බැරලය ඩොලර් 97ට අඩුවී තිබියදී ජනතාවට ලබාදිය යුතු සහන ලබා නොදෙන්නේ නම් ජනතාව ඒකරාශී කරගනිමින් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනගන බව අපි අවධාරණය කරනවා." යනුවෙන් දීර්ග පැහැදිලි කිරීමක් කළේය.

4 comments:

  1. e kiyanne pukath apita na

    ReplyDelete
  2. කමක්නෑ අපි හරකගේ ඉස්සරහ හරි හොදට බලාගමු.

    ReplyDelete
  3. යකෝ ගොනාගේ පුකවත් පරිස්සම් කරන්න බැරිද?
    දැන් මේක පරිස්සම් කරන්න බැරි වුනේ මහින්දටද ටිල්වින්ටද?

    ReplyDelete
  4. පුරුෂයා අහිමිවුන සමාජයක විකිණෙන්න මිසක් විකුණන්න දෙයක් නෑ.............

    ReplyDelete