Monday, June 11, 2012

රනිල් සතියක නිල සංචාරයකට චීනයට යයි

lankahotnews.org
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ නිල සංචාරයක නිරත වේ.

ජුනි 10 අලුයම විපක්ෂ නායකවරයා දිවයිනෙන් පිටත්ව ගිය බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනයකට අනුව සිදුකරන මෙම සංචාරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජයවර්ධන සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද සහභාගී වී සිටිති.


මෙම සංචාරය තුළ දී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස චීන‍යේ ප්‍රධාන පෙළේ නායකයින් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ලබන 16 වැනි දින දක්වා රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ රැදී සිටින බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
චීනය සම්බන්ධයෙන් එජාප මතය කීමට ගිය මාසයේ මාධ්‍ය සාකච්ජවක්ද කැදවා තිබුණි.

3 comments:

  1. රනිල් චීනයට යන්නේ නිකන් නොවේ. චීන කොමිනිස්ට් පක්ෂෙට ධනවාදය පිළිබද හැගීමක් හදන්න. රනිල් දෙන ටෝක් වලට ජින්තාවෝ කරකවල අතඇරියා වගේ ඉදියි.

    ReplyDelete
  2. නෑ නෑ රනිල් කියනවා මෙන්න මෙහෙම අද දවසේ චීනය යම් සේද ලංකාව හා සම්බන්ධ වන්නේ චීනය රජ දවස සිටම සේද මාවත හරහා එදත් සම්බන්ධ කම් තිබුණා. ඒ සේදමාවත හදන්න පස් ගෙනාපු සේදවත්ත අදටත් ලංකාවේ වානිජ නගරයක්.

    ReplyDelete
  3. රනිල් කථා කරන්නේ චීනයේ එක පවුලකට එක දරුවෙක් කියන සංකල්පය ගැන කාන්තාවන් ගැබ් ගැනීම වැලැක්වීමට චීනයේ නවතම උපක්‍රම. ඇත්තටම ඇමෙරිකාවට ගේම දුන්නත් ඇමෙරිකාව අත්නොහරින බවත් කියයි. අමතකම වුන කාරනේ තමා අපිට රාජපක්ෂ පාලනයෙන් ලොකු මර්ධනයක් තියෙනවා අපේ පක්ෂ කාර්යාලයටත් ගල් ගැහුව බැරිද කීයක් හරි දෙන්න අපේ කාර්යාලය හදා ගන්න කියලත් ඉල්ලයි. මට හිතෙන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට වඩා හොද කාර්යාලයක් දෙයි පක්ෂ කාර්යාලයට. ගියොත් වචනයක් ආවොත් අලියෙක්. කමොන් රනිල් බබා කමෝන්

    ReplyDelete