Monday, June 11, 2012

මතට තිත ගුවන් මගීන්ටත් අදාලයි

lankahotnews.orgගුවන් යානා තුල බීමතින් පිස්සු කෙලීමේ වර්ධනයක් ඇති වී තිබේ. විශේෂයෙන් පසුගිය මාස 02ක කාලය තුල ඩුබායි සිට පැමිණි ගුවන් යානා 2කම මෙසේ බීමතින් හැසිරුණු පුද්ගලයන් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගන්නා ලදි.
(09) රාත්‍රී 09.00 ට පමණ ශ්‍රී ලංකාව බලා ඩුබායි සිට ගුවන් ගත කල ගුවන් යානයක් තුලදී ගුවන් මගියකු බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන් යානයේ අසුනකට සවිකර තිබූ රූපවාහිනී තිරයකට අලාභ සිදුකර ඇත.

එම සැකකරුව කටුනායක ගුවන්තොටුපොලේදී ගුවන් යානයේ කාර්ය මණ්ඩලය විසින් නීතිමය පියවර ගැනීම සඳහා කටුනායක පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොල පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

මේ පිළිබද අදහස් දැක්වූ ඇහැටුවැව ධම්මලංකාර හිමිනම ප්‍රකාශ කලේ රජයේ මතට තිත වැඩ සටහන ගුවන් මගීන්ටත් අදාල බැවින් තමන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාව මේ පිළිබදව දැනුවත් කොට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

2 comments:

  1. හුටා....... හදිසියට ප්ලෙන් එකේ යද්දි විතරයි ෂොට් එකක් දැම්මේ ඒකටත් කෙලවුනා

    ReplyDelete
  2. ඉදපියව් ජනාධිපති තාම රට ආපු ගමන් කෙලවනවා ප්ලේන්වල අඩි ගහපු එවුන්ව

    ReplyDelete