Monday, June 11, 2012

ගුවන් තොටුපලේදීම රෝගීන් හදුනා ගැනීමට ඒකකයක් හදන්න ජනපති උපදෙස්

lankahotnews.org
ශ්‍රී ලංකාවේ සිට විදේශීය රට‍වල රැකියාව සඳහා පිටත්ව යන පුද්ගලයින් නැවත මෙරටට පැමිණීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීම වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. 
 විදේශීය රැකියා සඳහා ගොස් නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් බෝ නොවන රෝගවලට ගොදුරුවී ඇති බවට තොරතුරු
අනාවරණය වීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන තිබේ.
මෙසේ පැමිණෙන බොහෝ පිරිස් අතර දියවැඩියාව, ගැබ්ගෙල පිළිකා, පියයුරු පිළිකා, හෘද ආබාධ, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලට විශාල වශයෙන් ගොදුරුවී තිබෙන බවයි සෞබ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
ජනපති උපදෙස් අනුව කටුනායක ගුවන් තොටුපලේදීම මෙවැනි පුද්ගලයින්ගේ රෝගී තත්වය හඳුනා‍ගෙන ඔවුන්ව එම මොහොතේදීම ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දුවී තිබේ.

4 comments:

  1. හොදයි හදල පෙන්නන්නකෝ

    ReplyDelete
  2. THAWATH GAANAKATA ANINNADA KOHEDA HADANNE
    AHINSAKA DUPPATH MINISSU AMARUWEN HOYAGENA SALLITIKA.

    ReplyDelete
  3. රටට විදේශ වත්කම් එකතු කරන මේ මිනිස්සුන්ගේ තුට්ටු දෙකට කෙලින වැඩක් මේක. විදෙස් රටවලින් එන සමාජරෝග ගැන කිව්වනම් ටිකක් හිතන්න තිබුණා. පුදුම ආදරයක් මේක. අනිවා මේක විශාම වැටුප වගේ එකක් හැබැයි මේක කෙරෙන වැඩක් කියලනම් පේනවා. මෛත්‍රීපාල තමන්ගේ පිරිහෙන දේශපාලන ගෞරවය රැක ගන්න කියන බොරු මේවා.

    ReplyDelete
    Replies
    1. කෙරෙන නොවේ නොකෙරෙන වැඩක් ලෙස නිවැරදි විය යුතුයි....

      Delete