Tuesday, June 12, 2012

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාවට ඇතුල් වීමට ඉඩ නොදෙන තත්වයක්?

lankahotnews.org
මෙරට නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදම් පිල්ලෙයි මහත්මිය අදාළ ඉල්ලීම පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගෙන් සිදුකර තිබුණි.


අදාළ ඉල්ලීම පිළිබඳව සහ නියෝජිත කණ්ඩායමට අයත් පුද්ගලයින් පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතය.

විශේෂයෙන් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙම අධ්‍යයනයේ දී වැඩි අවධානය යොමුකරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අදාළ නියෝජිත කණ්ඩායමට මෙරටට පැමිණීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විසින් ඉදිරි සතිය තුළ තීරණය කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන අභ්‍යන්තර පරීක්ෂණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ(11) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

අදාළ පරීක්ෂණ කටයුතු මෙහෙයවන කණ්ඩායමේ නායකත්වයට චාල්ස් පීට්‍රි මහතා පත්කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

1 comment:

  1. අනේ ජී එල් හිතුවක්කාර වෙන්න එපා බෑන්ට එන්න දෙන්න

    ReplyDelete