Wednesday, June 13, 2012

ලසිත් මාලිංග දන්නවාද ටිඕපිලෝ ස්ටීවන්සන් - අපේ කාලයේ ක‍්‍රීඩාවේ පරමාදර්ශයයි

lankahotnews.org
කියුබානු ශ්‍රේෂ්ඨ ඔලිම්පික් බොක්සිං ක‍්‍රීඩක ටිඕපිලෝ ස්ටීවන්සන්ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමය සිය බලවත් ශෝකය පළකර නිකුත් කොට ඇත. ක‍්‍රීඩාව වෙනුවට මුදල් පසුපස දුවන ක‍්‍රීඩකයන්ට ටිඕපිලෝ ස්ටීවන්සන් මහඟු ආදර්ශයක් බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

එම නිවේදනය හරහා සමාජවාදී තරුණ සංගමය ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයට කරන බරපතල පහර දීම
මනුෂ්‍ය ආත්මයම නැවත වරක් ප්‍රශ්ණකොට ජීවිතයේ සාරය කුමක්දැයි ප්‍රශ්ණ තිරීමට සිදුවූ බව බෙහෝ පිරිස් ප්‍රකාශ කල නිසා එම නිවේදනය සම්පූර්ණයෙන්ම පල කිරීමට තීරණය කරන ලදි.

"කියුබානු ශ්‍රේෂ්ඨ ඔලිම්පික් බොක්සිං ක‍්‍රීඩක ටිඕපිලෝ ස්ටීවන්සන් හෘදයාබාධයකින් අද (12) දින මිය ගොස් තිබේ. ඔහුගේ වියෝව පිළිබඳ සමාජවාදී තරුණ සංගමයේ අපි අපගේ ශෝකය පළ කරන්නෙමු.

1952 වර්ෂයේ මාර්තු මස 29 වැනි දින කියුබාවේ ලා ටියුනාස් හි උපත ලැබූ ටිඕපිලෝ වයස අවුරුදු 14 දී බොක්සිං ක‍්‍රීඩාවට ප‍්‍රවේශ වූ අතර ලෝකයේ ඔලිම්පික් තරඟ තුනක දී නොකඩවා රන් පදක්කම් ත‍්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය. 1972 මියුනික්හිදී පැවති ඔලිම්පික් තරඟයේදී ඔහුගේ පළමු රන් පදක්කම දිනා ගත් අතර පිළිවෙලින් 1976 දී මොන්ටි‍්‍රයල්හිදීත් 1980 මොස්කව්වලදීත් පැවැති ඔලිම්පික් තරඟවලදී ඔහු විසින් රන් පදක්කම් දිනා ගන්නා ලදී. ඔහු මිය යන විට කියුබානු බොක්සිං ෆෙඩරේෂණයේ උප සභාපති වශයෙන් සේවය කළේය. ශ‍්‍රී ලංකාවේද බොහෝ බොක්සිං කි‍්‍රඩකයන් පුහුණුව ලබන්නේ කියුබානු පුහුණුකරුවන් යටතේය. කියුබාවේ බොක්සිං ක‍්‍රීඩාව මෙවැනි ඉහළ තලයකට ගෙන ඒමේ විශාල භූමිකාවක් ටිඕපිලෝ ස්ටීවන්සන් විසින් ඉටු කරන ලදී.

වරක් මොහොමඞ් අලි සමඟ තරඟ වැදීම සඳහා පැමිණෙන ලෙස ඔහුට දිගින් දිගට ආරාධනා ලැබුණද වාණිජමය තරග වෙනුවෙන් ක‍්‍රීඩා කිරීම ප‍්‍රතික්ෂේප කළ ඔහු පැවසුවේ, තමන් වෘත්තීය ක‍්‍රීඩකයකු නොවන බවත් විනෝදය වෙනුවෙන් පමණක් ක‍්‍රීඩා කරන බවත්ය. එපමණක් නොව ඇමරිකාව විසින් මුදලට ක‍්‍රීඩා කිරීම සඳහා ඔහුට ආරාධනා කළ විට ඔහු අවධාරණය කර තිබුණේ, ඩොලර් මිලියනයකට වඩා තම රටේ මිලියන 8ක ජනතාවගේ ආදරය තමන්ට වටිනා බවය.

අද වන විට අපේ රටේ ක‍්‍රීඩාව මුදලට විකිණෙමින් ඇති මොහොතක සමාජවාදී කියුබාවේ ටිඕපිලෝ ස්ටීවන්සන් ඒ අසහාය ක‍්‍රීඩකයාගේ ආදර්ශය ඉතාමත් ඉහළින් ඔසවා තැබිය යුතුය. තමන්ට ලැබෙන මුදලට වඩා රටේ ජනතාවගේ ආදරය වටිනා බවට වූ ඔහුගේ ප‍්‍රකාශය පමණක් ඊට ප‍්‍රමාණවත්ය. අපේ රටේ ක‍්‍රීඩාව, ක‍්‍රීඩා පිටි සහ ක‍්‍රීඩා නාලිකා ආරම්භ කිරීම පසුපස තම මඩිය තරකර ගැනීමේ ව්‍යාපෘති ඉදිරියට ගන්නා දේශපාලඥයින්ට කියුබානු ආණ්ඩුවේ වැඩපිළිවෙල ආදර්ශයක් වනවා සේම ක‍්‍රීඩාව වෙනුවට මුදල් පසුපස දුවන ක‍්‍රීඩකයන්ට ටීඕපිලෝ ස්ටීවන්සන් මහඟු ආදර්ශයකි. රට සහ ජනතාව අමතක කර මුදල පසුපස නග්න ලෙස හඹායන ක‍්‍රීඩකයන් බිහිවීම ක‍්‍රීඩකයාගේ හෝ ක‍්‍රීඩිකාවගේ අර්බුදයක් පමණක් නොවේ. එය මෙම දුෂ්ට ධනවාදී සමාජ ක‍්‍රමයේ ප‍්‍රකාශනයක් බවත් ටිඕපිලෝ ස්ටීවන්සන් වැනි සැබෑ ක‍්‍රීඩකයින් බිහි වන්නේ, මනුෂ්‍යත්වය අගයන සමාජවාදී සමාජ ක‍්‍රමයක් තුළ පමණක් බවත් පැහැදිලිය.

මෙවැනි ක‍්‍රීඩකයකු අහිමි වීම කියුබාවට මෙන්ම ලෝකයටද විශාල පාඩුවක් බව අවධාරණය කරන අපි ටීඕපිලෝ ස්ටීවන්සන් ක‍්‍රීඩකයාගේ මරණය වෙනුවෙන් ශෝක වන ඔහුගේ පවුලේ සාමාජිකත්වයටත් කියුබානු ජනරජයටත් සමාජවාදී තරුණ සංගමයේ විප්ලවීය ආචාරය පුද කර සිටිමු."

4 comments:

  1. ටිඕපිලෝ ස්ටීවන්සන් මොහොමඞ් අලිට මුහුණදෙන්න බැරිව තමයි ඔහොම දෙයක් කලේ

    ReplyDelete
  2. අප්පුහාමි මාමාගේ පේස් කට් එකමයි

    ReplyDelete
  3. මාලින්ග වගේ හැන්ඩි නෑ ටිඕපිලෝ

    ReplyDelete
  4. මුදලට වඩා රටේ ජනතාවගේ ආදරය වටිනව කියලා හිතෙන්නනම් ඒ සමාජය මාර එකක් වෙන්න ඕන මට හිතෙන්නේ මේක කියුබානු පොදු ජනතාව හිතන විදිහ නොවේ. කියුබානු පාලනයට සමීප පුද්ගලයෙක්ගේ අදහසක්. නිර්ධන පංති දෘෂ්ටිවාදයේ බලපෑම. ඇත්තටම මිනිහෙකුට ජීවත් වෙන්න නම් මුදල් ඕන. ඒත් මිනිහෙක් යම් මුදලක් ප්‍රතික්ෂේප කරනවනම් ඒ මිනිහට ඇතිවෙන්න සල්ලි තියෙනවා. නැත්නම් කාගේ හරි බලපෑමක් නැත්නම් සල්ලි පිළිබද සමාජ ආකල්පය වෙනස්වෙලා

    ReplyDelete