Wednesday, June 13, 2012

සමාජවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිව දියත්වී තිබූ දැවැන්ත කුමන්ත‍්‍රණය පරාජයට පත්කලා

lankahotnews.org
"සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජතික සංවිධායක ලෙස නලින්ද ජයතිස්ස මහතා පත්වන්වන්නේ ජවිපෙ කට්ටිවාදී  දේශපාලනයේ ආරම්භයත් සමගයි. ඒ වන විටත් එහි ජාතික සංවිධායක ධූරය දැරූ චමීර කොස්වත්ත මහතා හැකි ඉක්මනින් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කලේ නලින්ද ජයතිස්ස සහෝදරයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සමාජිකයෙක් මිස ජාතික සංවිධායක නොවන බවයි. තමා තව දුරටත් ජාතික සංවිධායක බවත් රට පුරා සමාජිකයන්ට නොමග නොයන මෙහිදී ඉල්ලා සිටියේය. මීට අමතරව ජවිපෙ දේපල
, ජවිපෙ අයිතිය, වරප්‍රසාද වෙනුවෙන් නඩු පිට නඩු දැමීය. 2012 ජුනි 11 සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 4වන ජාතික සමුළුව කොළඹ නව නගර ශාලාවේදී පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කලේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට එරෙහි දැවැන්ත කුමන්ත්‍රණය පරාජය කලා යනුවෙනි.
 ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසූවේ "සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 04 වෙනි ජාතික සමුළුව පවත්වන්නට ලැබීම සමාජවාදී ශිෂ්‍ය සංගමයත්, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයත්, ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළු සමාජවාදය පිළිබඳ අපේක්ෂාවෙන් සිටින සියල්ලන්ම ලැබූ ජයග‍්‍රහණයක්. ව්‍යවස්ථාපිතව සමාන්‍යයෙන් පවත්වන සමුළු ඉක්මවා ගිය වැදගත්කමක් මේ සමුළුවට අත්වෙනවා සමාජවාදය දිනාගැනීමේ අභියෝගයට මුහුණදීමේ අර්ථයෙන්. දෙවනුව මේ වනවිට සමාජවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිව දියත්වී තිබූ දැවැන්ත කුමන්ත‍්‍රණය පරාජයට පත්කර තිබීම නිසා. සමාජවාදී ශිෂ්‍ය සංගමය වල්මත් කරවීම සඳහා වූ කුමන්ත‍්‍රණ සියල්ල පරාජය කරමින් ජයග‍්‍රහණ ලැබීමෙන් ඔප්පු කර තිබෙන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජනතා විමුක්ති පෙරමුණෙන් ගැලවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ රටේ ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් අතීතයේදී වගේම අනාගතයේදී සටන් වදිනවා.

1971ට කලින් මේ ශිෂ්‍ය සංගමය හැදින්වූයේ දේශපේ‍්‍රමී ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසයි. 1976 දී පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ වීරසූරිය ශිෂ්‍යා ඝාතනයෙන් පසු සමාජවාදී ශිෂ්‍ය සංගමය වශයෙන් මේ දක්වා අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට නිවැරදි සහ ජයග‍්‍රාහී නායකත්වයක් ලබාදී තිබෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය මංමුලා කර හුදකලා සටන් ගෙනයනවා වෙනුවට ශිෂ්‍ය ව්‍යාපාරයේ අයිතීන් ආරක්ෂා කරන අතරම සමාජවාදී පරිවර්තනයක් සඳහා වූ අරගලය ජයග‍්‍රහණය තෙක්ම ගෙනයෑමට අවශ්‍ය නව නායකත්වය මේ සමුළුවේදී පත්කරගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සතුරන්, සමාජවාදයේ සතුරන් ඇතුළු ධනවාදය රැකීමට කි‍්‍රයාකරන සතුරන් සියලූ දෙනා එක්වී ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කර සමාජවාදී ශිෂ්‍ය සංගමය ජවිපෙන් උදුරාගැනීමට තිබූ සියලූ සැලසුම් පරාජය කිරීමේ ජයග‍්‍රහණත් සමග ඉදිරි ජයග‍්‍රහණ නිර්මාණය කරගන්නවා. 1975, 1976 වකවානුවේ පක්ෂයේ නායකයන් සිරගත කර තිබූ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නම කොල්ලකෑමට පිරිසක් කි‍්‍රයාකරමින් සිටියා. එහි නායකත්වය දැරුවේ පැටි‍්‍රක් ප‍්‍රනාන්දු, වසන්ත දිසානායක වගේ මහත්වරු. නමුත් 1976 අග සෝමවංශ අමරසිංහ සහෝදරයා උපතිස්ස ගමනායක සහෝදරයා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා පක්ෂ නමේ අයිතිය රැකගැනීමට සමත් වුණා. කුමන්ත‍්‍රණකරුවන් ජනතා සංගමය පිහිටුවා ගත්තා. මම මේ ඉතිහාසය මතක් කරේ ඉතිහාසය නැවත නැවතත් වෙනත් ආකාරවලින් මතුවී තිබෙන නිසයි.

ජනතා විමුක්ති පෙරමුණේ සතුරන් සියලූ දෙනා මැයි දින වේදිකාවක එකතුවී සිටින ආකාරය අපි දැක්කා. 1989 මර්දනයෙන් පසු 1994 වනවිට ජනතා විමුක්ති පෙරමුණේ නම කොල්ලකාගැනීමේ කුමන්ත‍්‍රණයක් දියත් කර තිබුණා. ඒ පිටුපස සිටියේ අද උසස් අධ්‍යාපන ඇමති වෙලා ඉන්න එස්.බී. දිසානායක මහත්තයා, රෝහණ විජේවීර සහෝදරයාගේ ඥාතිත්වයක් තිබුණ චන්ද්‍රා ප‍්‍රනාන්දු මහත්තයා වගේ අය. ජනතා විමුක්ති පෙරමුණ කියන නම මේ රටේ දේශපාලනයට ඉතා වැදගත් නමක්. ඒ නම නිර්මාණය වුණේ අති දැවැන්ත කැපකිරීම්වල ප‍්‍රතිඵලයක් විදියටයි. 1994 වනවිට දියත්වී තිබුණේ මේ නම කොල්ලකා ගැනීමේ දෙවැනි කුමන්ත‍්‍රණයයි. ඉන් පසු පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් පමණ වනවිට ජනතා විමුක්ති පෙරමුණ කොල්ලකා බලය අල්ලා ගැනීමේ කුමන්ත‍්‍රණකාරී කල්ලියක් කි‍්‍රයාත්මක වෙමින් තිබුණා. මාස කිහිපයක් ඇතුලත ඒ කුමන්ත‍්‍රණය සම්පූර්ණයෙන් පරාජය කිරීමට හැකිවුණා. ඉන් පසුසේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නම කොල්ලකෑමට මේ කුමන්ත‍්‍රණකාරී කල්ලිය කටයුතු කළා. කුමන්ත‍්‍රණකාරීන්ගේ සියලූ උත්සාහයන් අවසාන වශයෙන් පරාජයට පත්කර මේ සමුළුව පැවැත්වීමට හැකිවී තිබෙනවා.

කුමන්ත‍්‍රණ පරාජයට පත්කළද කුමන්ත‍්‍රණවල නටබුන් තැන තැන සැඟවී තිබී ඉදිරි කි‍්‍රයාමාර්ගවලට බාධා කිරීමේ හැකියවා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිවත් සමාජවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිවත් දියත් කළ කුමන්ත‍්‍රණය මහා දැවැන්ත එකක්. ඒ ගැන ඇතැම් තොරතුරු තවමත් හෙළිවෙමින් තිබෙනවා. කුමන්ත‍්‍රණය පටන් ගන්නා විට ඔවුන් පෙනී සිටියේ රැුඩිකල් වාමාංශික පිරිසක් හැටියටයි. ජනතා විමුක්ති පෙරමුණ විප්ලවය නොකරන නිසා එය කිරීමට කැපවූ පිරිසක් ලෙසයි. නමුත් මාස කිහිපයකින් තහවුරු වූයේ දුෂ්ඨ අවස්ථාවාදී කණ්ඩායම් එක්ක කටයුතු කරන ආකාරයයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීමේ කුමන්ත‍්‍රණය පිටුපස අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ තියෙන බව හෙළි වුණා. මේ පිටුපස  ඕස්ටේ‍්‍රලියාව කි‍්‍රයාත්මක වන බව හෙළිවුණා. 1995-96 විතර කාලයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අටවාගත් ප‍්‍රතිවිප්ලවකාරී ජනවිමුක්ති සහයෝගිතා පෙරමුණේ නම යටතේ අපේ පක්ෂයට එරෙහි කුමන්ත‍්‍රණකරුවන් මැතිවරණ කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචි වුණා. ජනවිමුක්ති සහයෝගිතා පෙරමුණේ නායක ආචාර්ය කමල් කරුණාදාස ජීවත් වන්නේත්  ඕස්ටේ‍්‍රලියාවේ. මේ දේශපාලන සම්බන්ධතා අපි නිවැරදිව තේරුම්ගත යුතුයි. මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය ධනපති ක‍්‍රමයට හීලා වූ සමාජවාදය සඳහා සටන් නොකරන තත්වයට පත්කිරීමේ කුමන්ත‍්‍රණ මේ සියලූ දෙනා එකතු වී දියත් කර තිබුණා. නමුත් අනාගත සමාජවාදී විප්ලවයේ ගිණිසිළුව ශිෂ්‍ය ව්‍යාපාරය බව තහවුරු කිරීමේ අවස්ථාව අද ලැබී තිබෙනවා.

ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව කුමන්ත‍්‍රණ කල්ලි කණ්ඩායම් පැත්තෙන්, ස්වාධීන යැයි කියාගන්නා ශිෂ්‍ය ව්‍යාපාර පැත්තෙන් පැමිණිය හැකියි. මේ සියල්ල පරාජයට පත්කර නිදහස් අධ්‍යාපනයේ අයිතිය සැබෑ ලෙසම තහවුරු කළ හැකි සමාජවාදී පරිවර්තනයක් සඳහා කි‍්‍රයාකිරීමේ අධිෂ්ඨානයෙන් යුතුව අද සිට නව සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමට කි‍්‍රයාකිරීමේ වගකීම තිබෙනවා. කම්කරු පන්තිය, ගොවිජනතාව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ධීවරයන්, තරුණයන්, කාන්තාවන් ඇතුළු සියලූ දෙනා තම තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා. නමුත් මේ කාගේත් අරගලයට හේතුකාරක වී තිබෙන්නේ අධිරාජ්‍යවාදයත් ධනවාදයත් බව අපි දන්නවා. මේ නිසා අපි සැමදෙනාගේම සතුරා අධිරාජ්‍යවාදය සහ ධනවාදය. මේ සියලූ සටන් ඒකාබද්ධ කර ජයග‍්‍රහණය කිරීමේ වගකීම අපිට තියෙනවා. මේ යුගයේ ධනවාදය පවත්වාගෙන යන කිසිම පාලකයෙකුට අධිරාජ්‍ය විරෝධී වෙන්න බෑ. ඔවුන් සියලූ දෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අධිරාජ්‍යවාදී ගැත්තන්. අපේ රටේ අධ්‍යාපනය කප්පාදු කිරීමේ යෝජනාව එන්නේ කොහෙන්ද? උසස් අධ්‍යාපනයේදී එස්.බී. දිසානායකත් අධ්‍යාපනයේ දී බන්දුල ගුණවර්ධන යන බාන කි‍්‍රයාත්මක කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ නියෝග. අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රතිපත්ති හදුන්වාදෙන මූලයන්ට විරුද්ධව අපි සටන් කළ යුතුයි.

මේ ආර්ථිකයේ සම්පත් පාලනය කරන්නේ අධිරාජ්‍යවාදීන්. ලංකාවේ ආර්ථිකය සතු හොඳම සම්පත් මේ මොහොතේ තිබෙන්නේ විදේශීය සමාගම් සතුවයි. ලංකාවේ  ඕනෑම ඉදිකිරීමක් කරන්නේ විදේශීය සමාගම්. කල්පිටියේ දූපත් ඇතුළු වෙරළ තීරයේ වටිනාම ඉඩම් විදේශීය සමාගම්වලට විකුණලා. වටිනාම කෘෂිකාර්මික ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණලා. ඇමරිකාවේ ඩෝල් සමාගමට කෙසෙල් වවන්න ඉඩම් විකුණුවා. පැලවත්තේ ඉඩම් විකුණුවා. රටේ සම්පත්වලින් ලාභ ලබන සියල්ල දී තිබෙන්නේ ඉන්දියාවට නැත්නම් ඇමරිකාවට. අපේ රටේ ජනතාව බදුබර දරාගෙන දඩ ගෙවාගෙන ණය බර දරාගෙන ආණ්ඩුව නඩත්තු කරනවා. සාම්පූර්වල ඉදිකරන ඉන්දියානු බලාගාරයට අවුරුදු 25ක බදු සහනයක් ලබාදී උදාහරණයක්. ජනතාවගේ විදුලි බිල වැඩිකර බරපටවන අතර විදේශීය සමාගම්වලට විවිධ සහන ලබාදෙනවා. මේ රටේ ජනතාව සියලූ බර දරන අතර ප‍්‍රතිලාභ ලබන්නේ අධිරාජ්‍යවාදී සමාගම්.

ධනවාදය තුළ තිබෙන ලොකුම ප‍්‍රශ්නය ඇති නැති පරතරයක් තිබීමයි. මේ යටතේ දේපොළ අයිති සුළු පිරිසක් වගේම දේපොළ අයිති විශාල පිරිසක් ඉන්නවා. මේ තත්වය අධ්‍යාපනය තුළටත් ඇතුල් කිරීමට දැන් උත්සාහ කරමින් ඉන්නවා. තුන්ලක්ෂයක් පාසල් අධ්‍යාපනයට ඇතුල් වුණත් 20,000කට උපාධිය ලබාදෙන්නේ අධ්‍යාපනයේ සම අයිතිය අහිමි කිරීමටයි. ධනවාදය වෙනස් කර අධ්‍යාපනයේ සම අයිතිය හැමදෙනාටම ලබාදීමේ සටනේ ඉදිරියෙන්ම සමාජවාදී ශිෂ්‍ය සංගමය සිටිනවා. මුළු ලෝකයම අර්බුදයට ගිහින් තියෙන වෙලාවක ලංකාවේ තත්වයත් බරපතල අර්බුදයකට පත්වෙලා. ඒ නිසා අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සේවාවන් කප්පාදු කරමින් තිබෙනවා. මේ තිබෙන දේශපාලන තත්වය අපි හරියට තේරුම් ගන්න  ඕනෑ. මාවෝ සේතුං එකවෙලාවක කියා තියෙනවා අධිරාජ්‍යවාදය කියන්නේ කඩදාසි කොටියෙක් බව. අපේ රට තුළ අධිරාජ්‍යවාදය කි‍්‍රයාත්මක වෙන්නේ මේ රටේ ධනපති පාලකයන් හරහා ඒ නිසා අධිරාජ්‍යවාදය පරද්දන්න නම් ඔවුන්ගේ නියෝජිතයින් වූ මේ රටේ පාලකයන් පරාජයට පත්කළ යුතුයි. සමහර මහත්වරු ටිකක් ඉන්නවා අධිරාජ්‍යවාදය පරාජය කිරීමට කැමති බව පෙන්නමින් ධනපති ආණ්ඩු ආරක්ෂා කිරීමට කැපවී කි‍්‍රයාකරන. මේක හරියට කැලේ දකිනවා ගස් නොදකිනවා වගේ.

අධිරාජ්‍යවාදයත් ධනවාදයත් පරාජය කිරීමේ සටනේදී අපට කෙළින්ම අධිරාජ්‍යවාදය මුණගැහෙනවා වෙනුවට සහායක බලඇණි හමුවෙනවා. මිලට ගත්තු කණ්ඩායම් ප‍්‍රතිගාමී කණ්ඩායම් විවිධ කුලී කණ්ඩායම් විවිධ වෙස්මුහුණු දාගෙන එන සහායක බලඇණි අපි නවැරදිව තේරුම් ගන්න ඕනෑ. මේ සහයක බලඇණි සතුරා ලෙසින් එනවා වෙනුවට වමේ වෙස් මුහුණු දාගෙන එනවා. අපි යොදාගන්න සටන් පාඨම යොදා ගන්නවා. විවිධ ආකාරයෙන් අපි සමග සමානකම් පෙන්වනවා. ඒ සමානකම් පෙන්වා වමේ ව්‍යාපාරය කෙරෙහි තියෙන විශ්වාසය බිඳදමනවා. මේ ආදී වූ වමේ ව්‍යාපාරය හෙළිදරව් කරන දුර්වල කරන කිසියම්වූ කි‍්‍රයාමාර්ගයක් ගන්නා උදවිය ඉටුකරමින් ඉන්නේ සතුරන්ගේ වුවමනාව. ශිෂ්‍ය ව්‍යාපාරය වඩා ප‍්‍රවේසම් විය යුතුව තිබෙන්නේ පෙනෙන සතුරාගෙන් නොවේ. වාමවාදී වෙස්වලාගත් සතුරන්ගෙනි.

පීඩාවට පත්වී සිටින සියලූ ජනතාව එක කොඩියක් යටතේ ඒකරාශී කර සටන් කි‍්‍රයාමාර්ග ගත යුතුයි. ධනපති පන්තිය සහ අධිරාජ්‍යවාදීන් බියට පත්වෙන්නේ අරගලවලට නොවේ. වමේ විප්ලවවාදී නායකත්වයෙන් අරගල ඒකාබද්ධ වනවාට. මේ ක‍්‍රමය ආරක්ෂාවන හුදකලා අරගලවලට ඔවුන් කැමතියි. නමුත් අපේ වගකීම වන්නේ සියලූ බලවේග එක මධ්‍යස්ථානයකට එකතු කර නායකත්වය දීමයි. ඒ සඳහා නිර්මාණය කළ පළල්ම පෙරමුණ වශයෙන් අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පිහිටවූවා. අධිරාජ්‍යවාදයට එරෙහිව ගිණි අවුලවන බලවේගය බවට ශිෂ්‍ය ව්‍යාපාරය පත්වන බව අපට විශ්වාසයි.

ශිෂ්‍ය අරගලවලට සීමා නොවී පොදුවේ ජනතා අරගලවලට මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය දායකත්වය ලබාදී තිබෙනවා. ඔවුන් ශිෂ්‍ය කේන්ද්‍රීය අරගලවලින් මිදී කි‍්‍රයාකළ අවස්ථා ගණනාවක් තිබෙනවා. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පළවෙනි ලේකම් බවට පත්වූ ශාන්ත බණ්ඩාර සහෝදරයාගේ නායකත්වයෙන් 1978 ජනතාවගේ සහල් සලාකය අහෝසි කිරීමට විරුද්ධව අරගල කළා. ඒ නිසා ශාන්ත බණ්ඩාර සහෝදරයාගේ ශිෂ්‍ය බාවය අහෝසි කළා. සමාජවාදී ශිෂ්‍ය සංගමය පොදු ජනතාවගේ අරගලවලට මැදිහත්වී කැපකිරීම් කළ සංවිධානයක්. ඒ ගෞරවය ඔබට තිබෙනවා. 1988, 89 යුගයේ දේශපේ‍්‍රමී අරගලය ඇතිවූ අවස්ථාවේ පෙරමුණේ සටන් කළේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. එදා කම්කරු පන්තියත් එක්ක එකතු වී ඒ අරගලය දියත් කළා. සමාජවාදී ශිෂ්‍ය සංගමය ඉතිහාසයේ අරගල කළේ පටු අරමුණු වෙනුවෙන් නොවේ. ඒ කීර්තිමත් අතීතය තුළින් ආදර්ශ ගෙන හෙට දවසේ දැවැන්ත කාර්යභාරයක් කිරීමට තිබෙනවා. පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ඇතුළු නිදහස් අධ්‍යාපනය අහෝසි කරන සියලූ බලවේග පරාජයට පත්කළ යුතුයි. සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහෝසි කරන සියලූ බලවේගවලට විරුද්ධව අරගල කළ යුතුයි. ඒ අරගලය දුර්වල කරන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙන් බිඳ දැමීමේ කුමන්ත‍්‍රණ හදුනාගෙන පරාජය කළ යුතුයි. ඔබ ඉදිරියේ පවතින්නේ විශාල අභියෝගයක්.

මේ මොහොතේදී ඔබ ලබාතිබෙන්නේ විශාල ජයග‍්‍රහණයක්. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ බලය මේ ශාලාව පුරා විහිදී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට ශිෂ්‍ය ව්‍යාපාරයේ බලයක් නැහැයි කියලා කවුරුන් හෝ කියනවානම් ඔවුන්ට වැරදී ඇති බව ඔබ ඔප්පු කර තිබෙනවා. අනාගතයේ ජයග‍්‍රහණ ලබාගත හැකි බව ඔබ මෙයින් ඔප්පු කර තිබෙනවා. අතීත ආදර්ශ සමග අනාගතය වෙනුවෙන් සටන් වැදී ජයග‍්‍රහණ ලබාගත හැකියි. අපි හැමෝටම තිබෙන්නේ එකට ඇත්වැල් බැඳන් ජයග‍්‍රහණය කළ හැකි අරගලයක්. ඒ අරගලයේ ජයග‍්‍රහණ දක්වා නොසැලී පෙරට යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය තිබෙන බව ඔප්පු කර තිබෙනවා. විවිධ ආකාරයේ කුමන්ත‍්‍රණ, මර්දන මැද්දේ සමාජවාදය විශ්වාසය කරන ජනතාවට ජයග‍්‍රහණ ලබාදීමේ අරගලය ජනතා විමුක්ති පෙරමුණ දියත් කර තිබෙන අතර සමාජවාදී ශිෂ්‍ය සංගමය එහි කාර්යභාරය නිවැරදිව ඉටුකර තිබෙනවා. සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාවගේ එකම නායකයා සමාජවාදී ශිෂ්‍ය සංගමය පමණක් බව තහවුරු වී තිබෙන නිසා වෙහෙසවී වැඩ කිරීමට සිදුවී තිබෙනවා. කැපකිරීම් සම්බන්ධයෙන් උපරිම ආදර්ශයන් අපේ ඉතිහාසයේ තිබෙනවා. ඒ සියල්ල තුළින් ශක්තිය ධෛර්ය ලබාගෙන ධනවාදයත් අධිරාජ්‍යවාදයත් පරාජයට පත්කර සමාජවාදය ජයග‍්‍රහණය කිරීමේ අරගලයේදී සියලූ බලවේග ඒකාබද්ධ කළ මධ්‍යස්ථානයේ ශිෂ්‍ය ව්‍යාපාරයට විශේෂ කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය ඉටුකරමින් අපි ප‍්‍රාර්ථනා කරන ප‍්‍රභාෂ්වර සමාජය නිර්මාණය කිරීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය සමාජවාදී ශිෂ්‍ය සංගමය දරන බව ස්ථිරයි. ඉගෙන ගනිමින් සටන් කරන්න. සටන් කරමින් ඉගෙන ගන්න අවසානයේ අපේ දෑත්වලින් අපේ දෑස් ඉදිරිපිට ජයග‍්‍රහණය නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලබාගන්න.

2 comments:

  1. කල්ලිය පුංචි වුනාට වැඩ පුංචි නෑ හරිද අපි තාම වැඩ පෙන්නුවේ නෑ

    ReplyDelete
  2. මේ දරුපැටවි ටික කොහෙන්ද සොයා ගත්තේ

    ReplyDelete