Thursday, June 14, 2012

ජනාධිපතිට බ්‍රිතාන්‍යයේදී සිදුවූ අපහාසය රටටම සිදුවූ අපහාසයක්

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරීමේ උළෙලට සහභාගී වීමට ගිය ජනාධිපතිතුමාට මුහුණ දීම‍ට සිදුවූ අපහසුතාවන් හා විරෝධතා තමා අනුමත නොකරන බව එ.ජා.ප හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා සදහන් කරයි.

කුමන දේශපාලන පක්ෂය නියෝජනය කළත්, කුමන මත දැරුවත්, ශ්‍රී ලංකා ජන නායකයාට අපහාසාත්මක සිදුවීමක් වුවහොත් එය මුළු රටටම ඇතිවූ
අපහාසාත්මක සිදුවීමක් ලෙස සැලකිය යුතු බව අද (13) පැවති මධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රී කරූ ජයසූරිය මහතා කියා සිටියේය.

එමෙන්ම මෙවැනි විදේශ සංචාර සැලසුම් කිරීමේදී උපදෙස් ලබාදීම හා අදහස් දැක්වීම විදේශ කටයුතු අමාත්‍යංශයේ වගකීමක් බවද ඔහු පෙන්වා දෙයි.

1 comment:

  1. කරු තමා නියම දේශප්‍රේමියා. යුද්දෙ වෙලාවේ යුද්දෙට උදව් කලා, යුද්දේ පෙන්නලා රට කන කොට ආණ්ඩුවෙන් ඉවත් වුනා.

    ReplyDelete