Thursday, June 14, 2012

ලොව වේගවත්ම ධාවක යුසේන් බෝල්ට් යට කල තරුණියට මඩ


පසුගියදා නෝර්වේ ඔස්ලෝ නුවර පැවැති මීටර් 100 ධාවන තරඟයක් අවසන් වීමත් සමඟ ලොව වේගවත්ම ධාවකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් හට පැමිණි වේගය පාලනය කර ගත නොහැකිව සුබ පැතීමට මල් කළඹක්ද සමඟ ධාවන පථයට පැමිණි තරුණියක්වද පෙරළාගෙන යාමට සිදුව ඇත.
මෙම තරගයේදී බෝල්ට් මීටර සියය තරඟය ජයගෙන ඇත්තේ තත්පර 9.79 කිනි.



කෙසේ නමුත් මෙම සිද්ධියෙන් පසු බෝල්ට් සිනාසෙමින් එම තරුණියට ස්තූතිය පුද කර තිබේ. නමුත් මෙම ජායාරූපය අන්තර්ජාලෙය් පලවීමත් සමග විකෘති කිරීම් වලට ලක්කරමින් තමන්ට අපහාස වන ආකාරෙය් අර්ථ දැක්වීම් වලට ගොස් ඇතැයි ඒම කාන්තාව ප්‍රකාශ කොට තිබේ. ඉන් තමන් බිද නොවැටෙන බවත් බෝල්ට්ට තව දුරටත් සුභ පතන බවත් ඇය අදහස් දක්වා තිබේ.
      

1 comment:

  1. හා හා නංගී මොකද මේ මහ සෙනග මැද

    ReplyDelete