Friday, June 15, 2012

සරත් ෆොන්සේකා සිරගෙදර සිටියදී ජවිපෙ සොයා බලා නෑ

ප්‍රජාත්‍රන්තවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා 14 දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී එතුමාගේ සිරගත කළ ජීවිතය, නිදහස ලබාගැනීම, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට දුන් පිලිතුරු හා ඉදිරි දේශපාලන ගමන් මඟ හා ප්‍රතිපත්ති පිලිබඳවත් සිරගෙදරදී තමාට සැබෑ ලෙසම උදව් කල අයගේ නම් පිළිබදවත් මෙහිදී සැකැවින් විස්තර කළේය. නිදහස ලැබීමෙන් පසු ප්‍රථම මාධ්‍ය හමු‍වේදීම සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ කිසිසේත් මෙම දුෂිත ආණ්ඩුව සමඟ එක්වීමට කිසිඳු
බලාපොරොත්තුවක් නොමැති බවත්, නව දේශපාලන ගමනක් ඇතිකිරීම වෙනුවෙන් වූ තම අරමුණ දුර්වල කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත්, සිය නිදහස් වීම සම්බන්ධව ආණ්ඩුවෙන් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොවූ බවත් පොදු විපක්ෂයක් සමඟින් ඉදිරියට ගමන්කිරීමට බලාපොරොත්තු වන බවත්ය. 


තවමත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සිදුවන බැවින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සුදුසු නොවන බව එසේ හමුදා කඳවුරු ඉවත් කිරීම වැරදි කරන්නන්ට තවදුරටත් උඩගෙඩි දීමක් වන බැවින් කාලයත් සමග ක්‍රම ක්‍රමයෙන් එම හමුදා කඳවුරු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.


තමන් සිරගෙදර සිටියදී අවංකවම උදව් කල පුද්ගලයින් පෙන්වා දීමද මෙහිදී සිදුවූ අතර ටිරාන් අලස් මහතාට විශේෂ ස්තූතියක් පල කල අතර විශේෂයෙන් තමාගේ මානසිකත්වය පවත්වා ගැනීමට උදව්කළේ  සතියකට දෙවරක් බැලීමට පැමිණි කරු ජයසූරිය මැතිතුමා, ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමා පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා, පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා  ලෙස විශේෂයෙන් නම් කරමින් ඔවුන්ට ස්තූති කළේය. 


මෙහිදී  සරත් ‍ෆොන්සේකාමහතා ජනාධිපතිවරණයට තරග වැදීමේදී විශාල කාර්යයභාරයක් ඉටුකල ජනතා විමුක්ති පෙරමුණ එතුමා සිරගතව සිටියදී ලෙංගතු සමීප සහයෝගයක් නොදක්වා ඇති බවයි පෙනී යන්නේ. එතුමා සිරෙන් නිදහස් වී පැමිණි විගස BBCයට ජවිපෙ අන්තවාදී පක්ෂයක් ලෙස නම්කරන්ට ඇත්තේ මේ හේතුව නිසා විය හැකිය. 
නමුත් සරත් ෙෆාන්ෙස්කා මහතා නිදහස් කර ගැනීම සදහා ජවිෙප කල අරගලය ෙමතරම් ඉක්මනින් අමතක වීම කාෙග්ත් අවදානයට ෙයාමුව තිෙබ්.
මේ අතර මෙම මාධ්‍ය සාකච්ජාව සමග එජාපය තුලද ගැටළු හටගෙන ඇතැයිද වාර්තාවේ.

4 comments:

  1. jvp danne gaha hollanna vitharay gedi kanna danne na

    ReplyDelete
  2. ජවිපෙ සරත් විරසකය ඇරඹේ

    ReplyDelete
  3. මහින්ද ජවිපෙට කල දේම සරත් ජවිපෙට කරනවා ජනතාව හොදට නිදා ගන්නවා

    ReplyDelete
  4. මේකා හිරේ ඉන්නකාලේ වයර් මාරු වෙලාද කොහෙද

    ReplyDelete