Friday, June 15, 2012

රජ රට වැව් හිදුනද හින්දුවා ද?

ආණ්ඩුවේ සංචාරක ව්‍යාපාරය රටේ එකම ආදායම් මාර්ගය කොට ගත් නිසා අනෙක් ක්ෂේත්‍රයන්ට තැබූ අවධානය අඩු විය. ලහි ලහියේ රට පුරා පිහිටි වැව් වලට සී ප්ලේන් බෑමේ ව්‍යාපෘතිය හා ඒ හරහා මතු වන ආර්ථික සාධක උරා ගැනීම සදහා ඉදිකිරීම්ද ඇරඹූයේ කළුවා සියඹල ගහ කැපුවා සේය. අද සී ප්ලේන් අසාර්ථක වූනිසා බෙරේ පලුවක් නැතිවීමේ පාඩුව ගොවියාට දරාගැනීමට සිදුව තිබේ. 
ඉදිරි දින කිහිපයල තුල වැසි නොලැබුණහොත් මහවැලි “එච්” කලාපයේ අක්කර තුන් ලක්ෂයකට
වැඩි වී වගාවද, අක්කර 10,000 ක අතුරු බෝග වගාවද විනාශ වී යාමේ තර්ජනයකට මුහුණ දී මහවැලි “එච්” කලාපය තුල වගාකොට ඇති කුඹුරුවලට හා සෙසු වගා බිම් වලට කළා වැවෙන් ජලය නිකුත් කල හැක්කේ තවත් දින පහකට පමණක් බව තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කළමනාකාර ආර්.බී සිරිසේන මහතා පවසයි.

වැසි නොලැබීමත්, වගාවට ජලය නිකුත් කිරීම දින කිහිපයකට සීමා වීමත් නිසා මෙම වගාවන් මැරී යාමේ තත්වයක් උදවිය හැකි බවට මහවැලි “එච්” කලාපයේ ගොවියෝ මැසිවිලි නගති. කළා වැවට ජලය මුදා හරිනු ලබන මහවැලි ජලාෂවලද ජලය මදිකම හේතුකොට ගෙන මේ අවදානම තත්වය උද්ගතව ඇති සිරිසේන මහතා පැවසීය. ඉදිරි දිනවලදී වැසි නොලැබුණහොත් ජනතාවට පානීය ජලය ලබාදීමේ ගැටළු සහගත තත්වයක්ද ඇති විය හැකි බවත් සිරිසේන මහතා පවසයි.
මේ වන විට කළා වැවේ තිබෙන මුළු ජාල ධාරිතාව අක්කර ආදී එකොලොහොස් දහසකට සීමා වී ඇති අතර තලාව කොට්ඨාසයේ වගා කර ඇති කුඹුරු අක්කර තුන් දහසකින් බොහොමයක් පමණ ජාල හිඟයෙන් මාරි ගොස් ඇති ගොවීහු පවසති. තවදුරටත් වැසි නොලැබුණහොත් රටේ කෘෂි ආර්ථික රටාවටද යම්තාක් දුරට බලපෑම් එල්ල විය හැකි බව මහවැලි අධිකාරිය පවසයි.
නමුත් ගොවි සංවිධාන පවසන්නේ ආණ්ඩුවේ සී ප්ලේන් ව්‍යාපෘතිය අසාර්ථක වීමට ප්‍රථම ගොවි සංවිධානවල අවසරයකින් තොරව අත්තනෝමතික ලෙස ජලාශවල ජලය මුදා හරිම්න් කල ඉදිකිරීම් නිසා මෙලෙස ජලාශ හිදුන බවයි.

2 comments:

  1. කොරොස් කටේ කිඹුල්ලු දැකීම

    ReplyDelete
  2. වැස්ස නැති එින්කටත් පලි මහින්දද

    ReplyDelete