Friday, June 15, 2012

මයික්‍රොසොෆ්ට් සමාගමට ජාතිය පාවදීමේ ප්‍රමුඛයා තාරුණ්‍යයට හෙටක්

මයික්‍රොසොෆ්ට් සමාගමේ මෘදුකාංග ශ්‍රී ලාංකීය ජාතියට හුරු කිරීම සදහා මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය මේවන විට මෙරට  අධ්‍යාපන අමාත්‍යාශය හා තාරුණ්‍යයට හෙටක් සමග එක්ව විවිධ වැඩසටහන්  රාශියකයක් සංවිධානය කර ඇත. දිගින් දිගටම අධික මුදල් සම්භාරයක් පොම්පකරමින් ශ්‍රී ලංකාව මයික්‍රොසොෆ්ට් සමාගමෙන් මිදීමේ අවස්ථා අහුරමින්  අති අසාර්ථක ව්‍යාපෘති හදුන්වා දෙමින් ලාංකීය ජාතිය මයික්‍රොසොෆ්ට් සමාගමේ වහළුන් බවට පත්කිරීමේ වැඩපිළිවෙලට අතහිත දීමේ වැඩසටහනක් උතුරේ පැවැත්විනි.


 තාරුණ්‍යයට හෙටක් සංවිධානය හා මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය ඒකාබද්ධව උතුරේ යුද්ධයෙන් පීඩාවට පත් මුලතිව්, කිලිනොච්චි සහ තුලූක්කායි ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් 200 ක ගෙන් යුත් පිරිසකට තොරතුරු තාක්ෂණය හා නායකත්ව පුහුණුව ලබාදීමේ විශේෂ වැඩමුළුවක් ලෙස මෙය හදුන්වා තිබුණි.

මහින්ද චින්තන දැක්මට අනුව තොරතුරු තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහිකිරීම හරහා කුසලතා සපිරි මානව සම්පතක් බිහිකිරීමත් අතීතයේ මෙන් මෙරට මුළුමහත් ආසියාවටම දැනුම සපයන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමත් අරමුණු කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පවසමින්
‘නායකත්වය සහ තොරතුරු තාක්ෂණ පුහුණුව තුළින් අප සමාජය නැවත ගොඩනගමු’යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩමුළුවට යුද්ධයෙන් පීඩාවිදි කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල අධ්‍යාපන කලාප තුනක සිසුන් සහභාගීවූහ.
පසුගිය වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයට සාර්ථකව මුහුණදී උසස් පෙළ සඳහා ප්‍රවේශ වීමට සමත්වූ ශිෂ්‍යයින් මෙයට සහභාගී වීමට සුදුසුකම් ලැබූහ. මෙම වැඩසටහන දින 3 ක් පුරා පැවති අතර තොරතුරු තාක්ෂණය හා නායකත්ව පුහුණු සංවර්ධනය පිළිබඳ දේශන, නායකත්ව පුහුණුව සඳහා විවිධ ක්‍රියාකාරකම් සහ බාහිර අධ්‍යාපනික ක්‍රියාකාරකම් එයට ඇතුළත් විය.


මෙම වැඩමු`ඵවේ විශේෂ දේශන පවත්වනු ලැබුවේ අධ්‍යාපනවේදීන්, ජේෂ්ඨ ජනමාධ්‍යවේදීන් හා තොරතුරු තාක්ෂණ විශේෂ`ඥයින්ය. මෙම වැඩමු`ඵව පැවත්වෙන අවස්ථාව වන විට බංගලාදේශයේ රාජකාරී කටයුත්තක නිරතව සිටි මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනයේ නේවාසික කළමණාකාර ශ‍්‍රීයාන් ද සිල්වා
විජේරත්න මහතා තාක්ෂණයේ පු`ඵල් බව පෙන්වා දෙමින් මයික්‍රොසොෆ්ට් ලින්ක් නමැති නව තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් කියා සියටියේ ”තාක්ෂණය ඔස්සේ දැන් අපට බොහෝදේ කරන්න නව සබ`දතා පවත්වන්නට හැකිවී තිබෙනවා. පසුගිය දශක කිහිපයේදී අපගේ රටෙන් බොහෝ තරුණ නායකයින්
ඉවත්වෙලා ගියා. නමුත් නව තරුණ පරපුරේ නව සංකල්ප තුළන් මේ රට සංවර්ධනය කළයුතු කාලය දැන් එළැඹිලා. ලංකාවේ සෑම ප‍්‍රදේශයක්ම තාක්ෂණයේ දායකත්වයෙන් දියුණුවට පත්කිරීම අපගේ එකම
බලාපොරොත්තුවයි. අප සමාගම සතු නව තාක්ෂණ දැණුම ඔබ සිය`ඵ දෙනාට ලබාදීම අපගේ අරමුණයි ”

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජේෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතා පැමිණ සිටි ශිෂ්‍යයන් අමතතමින් ද්‍රවිඩ භාෂාවෙන් සිය දේශනය පැවත්වූ අතර ඒ පිළිබ`ද කාගේත් විශේෂ අවධානය යොමුවිය. ඔහු ප‍්‍රකාශ කළේ ” යුද්ධයෙන් පීඩාවට පත්වූ ඔබ ඒ වේදනාව හො`දින් හ`දුනනවා. එක්තරා
යුගයකදී යාපනේ කියන්නේ බුද්ධිමතුන් රැුසක් බිහිවුණ ප‍්‍රදේශයක්. නමුත් වර්තමානයේ ඒ තත්්ත්වය දකිනන නැහැ. තාක්ෂණ දැණුම කියන්නෙ අත්‍යාවශ්‍යය දෙයක්. එම නිසා අපි එය අනිවාර්යෙන්ම උගත යුතුයි. මම හිතනවා ඉදිරි අනාගතයේ සෑම සිසවෙනක්ම ලැප්ටොප් එකක් අරගෙන පාසල් යන යුගයත් ු
උදාවෙයි කියලා. අතිගරු මහින්ද රාජපක්ෂ මහතා වගේම නාමල් රාජපක්ෂ මහතාත් ජාතිබේදයකින් තොරව කටයුතු කරන දේශපාලඥයින්. ඒ නිසා තමයි ඔබලාව කොළඹට කැ`දවා මෙවැනි නායකත්ව පුහුණුවීමේ අවස්ථාව ලබාදී තිබෙන්නේ. මේ ඔබලාගේ යුගයයි. ඒ නිසා පසුගිය කාලපරිච්ෙඡ්දයේ පීඩා
වි`දින්නට සිදුවූ සිය`ඵ දුක් කරදර වි`දි ඒ තිත්ත අතීතය අමතක කර අනාගතය ගැන සිතා ඔබ සැවොම උගත යුුතුයි. මෙම සේවාවට අතහිත දෙන මයික්‍රොසොෆ්ටි ශ‍්‍රී ලංකා ආයතනය පිලිබ`ද මම මේ අවස්ථාවේ
කෘත`ඥ පූර්වකව සිහිකරනවා ”
                                             
මයික්‍රොසොෆ්ටි හා තාරුන්‍යයට හෙටක් එකමුතුවෙන් තම ශිෂ්‍යයන් ස`දහා සිදුකළ මෙම වැඩමු`ඵව පිළිබ`ද සිය සතුට ප‍්‍රකාශ කළ මුලතිවු අධ්‍යාපන කොට්ඨාශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. වරදරාජා මූර්ති මහතා ”
දරුවන්ට ලබාදුන් මේ පුහුණුව ඉතාමත් හො`දයි. මයික්‍රොසොෆ්ට් සංවිධානය විසින් මෙම වැඩමු`ඵව සාර්ථකව සංවිධානය කර තිබුණා. පරාජයෙන් නැ`ගිට හො`ද ජීවිතයක් ගතකරන්නේ කොහොමද යන්න පෙන්වා දුන්නා. ඇත්තටම තාක්ෂණය නොමැතිව අද ලෝකයේ කිසිවක් කරන්න බැහැ. ඒ පි`ළිබ`ද මේ
දරුවන් නිසි අයුරින් දැනුවත් කිරීම පිළිබ`ද මයික්‍රොසොෆ්ට් ආයතනයට මම ස්තූතිවන්ත වෙනවා.”

තුලූක්කායි අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂිකා මාලතී වෙනිටන් මහත්මිය විසින් අවධාරණය කළේ ” නවීන ලෝකයේ තිබෙන අභියෝග වලට මුහුණදී ජයග‍්‍රහණය කරන්නේ කෙසේද යන්න මෙහිදි ඔවුනට තේරුමි කිරීමට හැකිවණා. ඒ වගේම තොරතුරු තාක්ෂණයේ වැදගත්කම වගේම පරිගණකයේ වටිනාකම ළමයිනට
ුහො`දින් පැහැදිලි කළා. උතුරේ සිසුන් බොහෝ දෙනෙක් මේ විෂය ඉගෙනගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මෙම වැඩසටහනෙන් ළමයින් තුළ මේ කෙරේ ඇල්මක් ඇති කිරීමට සමත්වුණා කියලා සිතනවා. එය මේ සුනට මෙන්ම මයික්‍රොසොෆ්ට් ආයතනයයේත් තාරුණ්‍යයට හෙටක් සංවිධානයේත් ජයග‍්‍රහණයක් ”්

”තොරතුරු තාක්ෂණ දැණුම වගේම නායකත්ව පුහුණුව ලබාදීමට අපි වෙනුවෙන් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම පිළිබ`දව මයික්‍රොසොෆ්ට් ආයතනයට මෙන්ම තාරුණ්‍යයට හෙටක් සංවිධානයටත් ස්තුතිවන්ත වෙනවා” යැයි කිලිනොච්චි පල්ලෙයි මධ්‍ය මහා විiාලයේ ශිෂ්‍ය එස්. ප‍්‍රනාවන් ප‍්‍රකාශ කළේය.

එමෙන්ම මේ ස`දහා සහභාගීවූ පුදුකුඩුඉුරිප්පු මධ්‍ය මහා විiාලයේ එස්. කාර්තිකා සිසුවිය සිය අදහස් දක්වමින් පවසා සිටියේ ” තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න මීට පෙර කිසදු අවස්ථාවක නොලැබුණු උසස් අවස්ථාවක් අපට ලැබුණා. මෙම විශේෂ අවස්ථාවේදී තාන්ෂණයේ වටිනාකම තේරුම් ගන්න අපිට
හැකිවණා ඒ එය වටහා ගැනීමට නොහැකිව පියවී තිබූ අපේ දෙනෙත් විවරවීමන්”
                                   

මෙම වැඩසටහනේ තවත් විශේෂතම කරුණක් වූයේ විවේකී අවස්ථාවන් තුළ මෙම වැඩමු`ඵවට සහභාගීවූ සිසන් කොළඹ නගරයේ සංචාරයේ යෙදීමයි. මෙය බොහෝ සිස සිසුවියන්ගේ ජීවිතයේ ලත් ප‍්‍රථම අත්දැකීම විය. ඉන් අනතුරුව කොළඹ නගරයේ නවීන සිනමා ශාලාවක චිත‍්‍රපටයක් නැරඹීමේ අවස්ථාව ඔවුනට
්හිමිවූ අතර ප‍්‍රධාන අමුත්තා ලෙස මේ ස`දහා සහභාගීවූ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති මෙන්ම හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද පැමිණ සිටි සිසුන් වෙනුවෙන් මහරගම ජාතික තරුණ සේවා සභාමධ්‍යස්ථානයේදී පැවත්විණි.


4 comments:

  1. ඇයි මයික්‍රොසොෆ්ට සමාගම සමග එකතුවෙලා කරපු ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වසර 2009 යුද්දෙ අස්සේ කොච්චර සාර්ථකද දැන් මුළු රටම කථාකරන්නේ ඉංග්‍රීසියෙන්.

    ReplyDelete
  2. මහින්ද අධිරාජ්‍යවාදීන්ට පුදපු රට තමා නාමල්ට පාලනය කරන්න වෙන්නේ

    ReplyDelete
  3. නිදහස් මෘදුකාංග සමග රට පෙරට යනවාද?
    නාමල් රජපක්ෂ සමග අගාදෙට යනවාද?

    ReplyDelete
  4. අපි මේ අවුරුද්දේ http://softwarefreedomday.org/ මෙකට සෙට්වෙමු අපි අරගල කරමු නිදහස් මෘදුකාංග වෙනුවෙන්

    ReplyDelete