Monday, June 18, 2012

IMF අවසන් ණය වාරිකය සදහා තවත් කොන්දේසි

ඉදිරි මාස කිහිපය ශ්‍රී ලංකා ආර්ථිකය තවත් විනාශයන් කරා ලගා වේ යැයි ජාත්‍යත්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන නිසා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය රාමුව සහ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් තීරණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

අදාළ කරුණු පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම් ණය මුදලේ අවසන් වාරිකය ශ්‍රී ලංකාවට
ලබාදෙන බව එම අරමුදල සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කිරීමට මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අපේක්ෂා කරන බව ද ඉන් අනතුරුව එකගවන කොන්දේසි හා විශ්වාසය අනුව තීරණවලට එලැබෙව ජාත්‍යත්තර මූල්‍ය අරමුදල  බවත් පවසයි.

1 comment:

  1. ay aya waya elakka karala ganna naya gana kath nadda

    ReplyDelete