Wednesday, June 27, 2012

නිර්දේශ 02 ක් යටතේ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දී z-score අසාර්ථකයි


z-score ලකුණු ක්‍රමය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරන බවත්, නිර්දේශ 02 ක් යටතේ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දී අදාළ ක්‍රමය සාර්ථක නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් පැනනැගුණ ද එම ලකුණු ක්‍රමයෙහි වරදක් නොවන බව එම අමාත්‍යවරුන් දෙදෙනාම පැවසූ බව අත්තනායක මහතා සඳහන් කරයි.

නමුත් එම උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම z-score ලකුණු සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ නියෝග කළ බවත්, ඒ අනුව එම ක්‍රමවේදය දෝෂ සහගත නොවන බව ප්‍රකාශ කළ අධ්‍යාපන අමාත්‍යවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව හෙතෙම පෙන්වාදෙයි.

(26) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment