Tuesday, June 26, 2012

ගණිතය විසින් විසදිය යුතු ගැටළුව අධිකරණය විසදා ඇත


පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ.

පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදය අහෝසි කරන ලෙස ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම
z-score ලකුණු සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී.

පැරණි හා නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන්ට මේවන විට ප්‍රකාශයට පත් කර ඇති z-score ලකුණු ක්‍රමවේදයෙන් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව අධිකරණයේ පිළිගැනීම විය.

එසේම පෙත්සම්කරුවන් විසින් පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵලය මුළුමනින්ම අහෝසි කරන ලෙස ඉල්ලා තිබුණත්,එකී ඉල්ලීම පිළිනොගත් ශ්‍රේෂ්ඨාධිකරණය z-score ලකුණු ක්‍රමවේදයේ ගණනය කිරීම් පමණක් අහෝසි කරන ලෙස තීන්දු කරන ලදී.


උසස් පෙළ පරීක්‍ෂණයෙන් පසු සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ දී ඉසෙඩ් ලකුණ හෙවත් සම්මත ලකුණ භාවිතයට ගැනුමට යෝජනා වූයේ 2001 වර්ෂයේ සිටයි. එය යෝජනා කළේ සංඛ්‍යානය පිළිබඳ විශේෂඥයකුවූ මහාචාර්ය තටිල් මහතායි. මේ ක්‍රමය යෝජනා කිරීමට හේතු වූයේ 2001 වර්ෂයේ දී ඇතැම් සිසුන් විෂය හතරකටත් අනෙක් සිසුන් විෂය තුනකටත් පෙනී සිටීම නිසා ඔවුන්ගේ ලකුණු එක් ප්‍රමිතියකට ගෙන ඒමට ගත් උත්සාහයේදීය. 
විෂය සම්බන්ධයෙන් ඇතිවන වෙනස්කම් වලදී ඇතැම් විෂය අමාරු ය තවත් විෂය පහසු ය එවිට ඒ ඒ විෂයයෙන් ලැබෙන ලකුණුවල ප්‍රමිතියක් නොමැති වේ. මෙය මග හැරීමේ අදහසක්ද මේ ඉසෙඩ් ලකුණ ක්‍රමය තුල ගැබ්විය. 
නමුත් 2011 විෂය නිර්දේශ 2ක් යටතේ සිසුන් සහභාගී වීම නිසා ඔවුන්ගේ විෂය සංයෝජන වෙනස් වී තිබිණි. මීට විසදුමක් සෙවීමට සිවිල් සමාජ බලවේගයන්ගේ බලපෑම් එල්ලවුවද අවසාන මෙහොත තෙක්ම බලධාරීන් සිටියේ වගකීම් විරහිතවයි. සමාජ බලපෑම් ඉදිරියේ අධ්‍යාපන ඇමති වරයාට මීට උත්තර බැදීමට සිදුවූ අතර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබද විමසා සිටියදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ Z-score පිළිබඳ
ගැටලුව විසඳීම සඳහා ගණිතය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත ශාස්තීය කමිටුවක් විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කොට ඇති බවත් එහි මහාචාර්ය කේ.ආර්.එම්.ටී. කරුණාරත්න මහතා, ශී ජයවර්ධනපුර විශ්වවිද්යාලෙය් ගණිත අංශෙය් හිටපු මහාචාර්යතුමා, මහාචාර්ය සරත් පීරිස් මහතා, මොරටුව විශ්වවිද්යාලය, ආචාර්ය දිල්හාරි ආටිගල මහත්මිය, කොළඹ විශ්වවිද්යාලය, මහාචාර්ය සරත් කුලතුංග මහතා, කැලණිය විශ්වවිද්යාලය, ආචාර්ය පී.එම්.එස්. බන්නැහැක මහතා, ජයවර්ධනපුර විශ්වවිද්යාලය. ආදී විශ්වවිද්යාලවල ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සමන්විත වූ බවත් ඔවුන් ඉදිරිපත් කල නිර්දේශ

1. සියලුම අෙප්ක්ෂකයන්ගේ සාමාන් "Z" අගය නව සහ පැරණි නිර්දේශ අනුව, විෂයය ධාර අනුව  වෙන් වශෙයන්.
2. නව සහ පැරණි නිර්දේශ අනුව සෑම විෂයකටම පෙනී සිටින අපේක්ෂකයන් සංඛ්යාව, ඔවුන්ගේ ලකුණුවල මධ්යන්යය, සම්මත අපගමනය සහ මධ්යස්ථය.
3. පහත සඳහන් සමීකරණයන්ට අනුව ඉහත 1හි සඳහන් සියලුම තොරතුරු වෙන් වෙන් වශෙයන්. 

වූ බවයි.

මේ පිළිබද පේලි 8ක සූත්‍රයක් ද හැන්සාඩ් ගත කල ඇමති බන්දුල මහතා ප්‍රතිඵල හැකි ඉක්මනින් දෙනවායැයි කීවද ආචාර්යය මහාචාර්ය වරුන් සමග සිසු ජීවිත සමග සෙල්ලම් කිරීමක් කොට ඇත.

එහි ප්‍රතිඵල ලෙස ගණිතය විසදිය යුතුව තිබුණ ප්‍රශ්ණය අධිකරණය විසදා ඇත. පිරිසක් නැවත බලාපොරොත්තු දල්වා ගනිද්දී තවත් පිරිසකගේ බලාපොරොත්තු සුන්වේ යැයි බිය වෙති. 

කෙසේ වුවද මේ තුල මතුවන තරුණ අසහනය විසදීමටනම් ගණිතයටත් නීතියටත් නොහැකි වනු ඇත.

1 comment:

  1. දැන් කලින් තේරුනු අයට මොකද වෙන්නේ..??

    ReplyDelete