Monday, June 18, 2012

අපිට පඩි නැත්තේ නයනට දෙන නිසාද?


ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ 74 ක සේවකයන්ට පසු ගිය මාසයට අදාල වැටුප් මේ වන තෙක් ගෙවා නැතැයි වාර්තාවේ. පසු ගිය මස වැටුප් ලැබී නොමැති සේවකයන් ගණන දසදහසකට අධික වන අතර වැටුප් ලද සේවකයන්ට පවා හිමිව ඇත්තේ වැටුපෙන් කොටසක් පමණි.ගෙවීමට ඇති සම්පූර්ණ මුදල රැපියල් මිලියන 200කට අධිකය වන අතරමහා භාණ්ඩාගාරය මගින් ලංගම වෙත නිකුත් කරන මුදල් වැටුප් ගෙවීමට තරම් ප්‍රමාණවත් නොවන බවද වාර්තාවේ. අපිට පඩි නොදුන්නාට ඇමති තුමා නයනා කුමාරිට නම් වෙලාවට පඩි
දෙනවායැයි පවසමින් ඇතැම් ලංගම 
සේවකයන් ඇමතිවරයා සමච්චලයට ලක් කරනා බවද එහි සේවක ආරංචි මාර්ග සදහන් කර සිටී.

1 comment: