Tuesday, February 12, 2013

ගංජා බොන්න කෝටි 1600, දිනකට ස්ත්‍රී දූෂණ 05යි - චම්පික රණවක


සංවර්ධනය කියමින් මංමාත් ගොඩනැගිලි ඉදිකරණ රටේ ජනතාව දුරාචාරය සඳහා බිලියන 150ක පමණ මුදල් වියදම්කරන්නේයැයි තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක ශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ පසුගිය සතිඅන්තයේ පුවත් පතක් සමග සංවාදයකට එක්වෙමිණි.
එහිදී ඇමතිවරයා වැඩිදුරටත් වැඩිදුරටත් පවසන්නේ "කණගාටුවේ වුවත් කියන්න වෙනවා ගංජා බොන්න මේ රටේ කෝටි 1600ක්
වියදම් කරනවා. මත්පැන් බොන්න කෝටි 4000ක් වියදම් කරනවා. දුම්වැටි පානයට කෝටි 7000ක් වියදම් කරනවා. ඒ වගේමබිලියන 150ක පමණ මුදලක් වැයකරනවා දුරාචාරයට. ඉතින් රටක ආර්ථිකයක් ගොඩනගන්න බෑ මෙහෙම. අනෙක් කාරණය පසුගිය කාලයේ විශේෂයෙන්ම 2010න් පසුව ස්ත්‍රී දූෂණවල වැඩිවීමක් වාර්තා වන තත්වයක් උද්ගත වී තිබෙනවා. දිනකට ස්ත්‍රී දූෂණ 05ක් පමණ වාර්තා වන තත්වයක් උද්ගත වී තිබෙනවා. ඒක අර සමාජ බිඳවැටීමේම කොටසක්."

1 comment:

  1. දැන් ටික ටික තොරතුරු එළියට එනවා වාගේ.

    ReplyDelete