Tuesday, February 12, 2013

බිමල් රත්නායක කුරුණෑගල, වැවගෙදරදී කාන්තාවන් 5ස් දෙනෙකු‍‍ගේ සත්‍ය ජීවිත හෙලි කරයි

පසුගිය (10) දින කුරුණෑගල වැව ගෙදර ප‍්‍රදේශයේ පැවති "ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළ ගැසෙමු" ජන හමුව අවස්ථාවේ මෙම කාන්තාවන් පිළිබද බිමල් රත්නායක මහතා දැක්වූ  අදහස
"අපි මේ දවස්වල කාන්තාවෝ පස් දෙනෙක් ගැන කථා කරනවා. දෙසැම්බර් වල කථා කළා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගැන. ජනවාරි මාසේ කථා කලා රිසානා ගැන. ඊට පස්සේ කථා කළා අර
පොල් ගෙඩි අටක් අහුලපු ළමයා ගැන. මේ දවස්වල කථා කරනවා අර නීති විද්‍යාලයේ ශිෂ්‍යාව ගැන. තව කාන්තාවක් ඉන්නවා. එයා චන්ගුමී. මේ පස් දෙනා අපි දන්න කියන අය නෙමෙයි. ඉතින් මේ කාන්තාවන්ට වුණු සිදුවීම් දිහා බලල අපිට අඬන්න හෝ හිනා වෙන්න නෙමේ තියෙන්නේ. අපි මේවා ගැන කර්මයදෛවය ගැන විශ්වාස කරන්න ගියොත් එකෙන් වැඩි වාසියක් ගන්නේ කිසිම ආගමක් අදහන්නේ නැති අන්ත දුර්දාන්ත,දුෂිත පාලකයෝ. අපි ජිවත් වෙන රට කවුරුවත් හදල දෙන්නේ නැහැ. එක අපි හදා ගන්න  ඕනා. අපි මේ කථා දිහා බලල අපි ජිවත් වෙන සමාජය තේරුම් අරගෙන ඒක වෙනස් කර ගන්න  ඕනා. දෙවියෝ බුදුනවහන්සේ දේශපාලනය කරන්නේ නැහැ. රට හදන එක දේශපාලනයේ වැඩක්. ඒක ආගමේ වැඩක්.

1 ශිරාණි බණ්ඩාරණායක මහත්මිය
අපි කථා කළොත් ශිරාණි බණ්ඩාරණායක මහත්මියගේ කථාව මොකක්ද කියලා?.  එයාට තිබුණා චෝදනාවක් එයා අර නිවසක් මිලදී ගත්ත එකක්. ඒ ගේ අරන් තියෙන්නේ ලක්ෂ අනූවකට. එකේ වට්ටමක් හම්බෙලා තියෙනවා ලක්ෂ දහසයක. රටේ හිටපු හිටගවිනිසුරුවරිය.
තමුන්නාන්සෙලා වගේ රටෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රටේ ඉහල තැනකට ගිය කෙනෙක්. ඔයාලා දකින්න ඇති අර පොලිසියේ එක්කෙනා කියපු කතාව. දැන් නිකම්ම නිකම් ගැහැණියක්. ඊයේ සැලියුට් ගහල අද නිකම්ම ගැහැණියක්. ඊට පස්සෙ කිව්වා ඇය අන්ත දුෂිත කෙනෙක්. රට බෙදන්න කටයුතු කරපු කෙනෙක් කියල ආණ්ඩුවේ අය කිව්වා. එයාගේ මහත්තයා ප‍්‍රදීප් කාරියවසම්. රක්ෂණ සංස්ථාවේ හිටපු සභාපති. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති. එයාට තිබුණා චෝදනා ගොඩක්. තමුන්නාන්සෙලාට මතක ඇති පහුගිය ජනාධිපතිවරණයේදී කුරුණෑගලින් ඇල්ලුවා නාවික හමුදා සෙබළු හයදනෙක් සමග ලොරියක්. එකේ තිබුනේ සරත් ෆොන්සේකාට විරුද්ධව මඩ පති‍්‍රකා සහ ජන්ද පති‍්‍රකා ලක්ෂ දෙකක්. අරක්කු බෝතල් 06 කුයි. ඒවා මේ පළාතේ ඉන්න පොලිසියේ ලොක්කෝ එකතු වෙලා වැහැව්වා. ඒක අල්ලපු පොලිසියේ මහත්තුරු 09 දෙනාගේ වැඩ තහනම් කළා. එවා මුද්‍රණය කලේ ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාවේ මුද්‍රණාලයේ. එකේ සභාපති වෙලා හිටියේ ප‍්‍රදිප් කාරියවසම් මහත්තයා. එහෙම බැලුවොත් ජනාධිපතිට අසිමාන්තීකව උදව් කරපු කෙනෙක්. හැබැයි මේ රටේ උගත්තු පවා කියපු දෙයක් තමයි ශීරාණි බණ්ඩාරනායක මහත්මිය අන්ත දූෂිත කෙනෙක් කියලා. අපි උසාවියට ගියාම මාර බයකින් ඉන්නේ. අපි හිතන් හිටියේ නඩු කාරයේ කියන අය බොහෝම ගරු ගාම්භීරව ඉන්න අය කියලා. මේ සිද්ධියෙන් පස්සේ රටේ ඉන්න අනිත් නඩු කාරයන්ගේ පැටිකිරියත් එලියට එනවා. ඒ අය හම්බුණාම කියනවා මම දන්නවනේ නිකවැරටියේ ඉන්න නඩු කාරය ගැන. දන්නවනේ හලාවත ඉන්න නඩුකාරයත් ඔහොම තමා. ඔන්න ඔය විදිහට විවිධ නඩුකාරයන්ගේ දුෂණ වංචා එළියට එනවා. මෙකෙන් අපිට පෙන්නේ අධිකරණය පිරිසිදුයි කියලා කීවාට මේක හොරගුහාවක් කියලා. අන්ත දුෂිත තැනක් කියලා අපිට පේනවා. අධිකරණයට විනිසුරුවරුන්ගේ ඒ ජිවිත අන්ත දුෂිත කඩා වැටුනු ජීවිත කියලා පෙන්නේ. පහුගිය ජනාධිපතිවරණයේදි එයාට පක්ෂපාතී තීරණ දුන්නේ ඔය ශිරාණි මහත්මියමයි. ඕගොල්ලන්ට මතක ඇති සරත් ෆොන්සේකා මහත්තයා හිරේ දැම්මා. ඔය අගවිනිසුරුවරිය තමා කිවේ යුධ අධිකරණය සහ සිවිල් අධිකරණය සමානයි කියලා. ජනාධිපතිතුමාට වැඩි කාලයක් බලයේ ඉන්න පුලුවන් වෙන්න 18 වන ව්‍යවස්ථා සංශෝධනය කියෙව්වේ ඔය අගවිනිසුරුවරිය. ජනමත විචාරණයක් ගෙන ආ යුතුව තිබිච්ච නඩුවකට තින්දුව දුන්නා ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියලා. අපිට දැන් පැහැදිලියි. අධිකරණය කියල විශ්වාසය හදල තිබ්බට එක හිස්  කොම්බයක් කියල අපිට පේනවා. දැන් මේ අය දේශපාලනයේ බහුතරයක් ඉන්නේ හොරු කියලා දන්නවා. ඒ දැන දැනත් ජන්ද දෙනවා. හොරකමට අකමැතිව නෙමේ. හොරකම් නොකරනව කියලා ජන්දේ දෙනවා. මෙකෙන් ඔප්පු වූණා මෙක හොර ගුහාවක් කියලා. කොහොම හරි හොදට ඉදලා ගිය ඔක්තෝම්බර් මාසේ දෝෂාභියෝගයක් අරගෙන ආවා. එකේ නඩු අහපු විදිහ ගැන අවබෝධයක් ඕගොල්ලන්ට තියෙනවා. මේ දෝෂාභියොගයෙන් රටට ලැබුණු දේ මොකක්දඅපේ රටට කලු පැල්ලමක් ඉතිරි කරපු එක විතරයි වුනේ. අපිව ගිල ගන්න බලාගෙන ඉන්න සුද්දන්ට තවත් ලේසි කරපු එක විතරයි වුනේ. උන්ට ප‍්‍රශ්න පත‍්‍රයක් දිග ඇරල දුන්න එක විතරයි වුනේ. ශිරාණි බන්ඩාරණායක මහත්මියගේ නඩු අහපු විදිහ තමා මගේ අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය මේ රටේ පොඩි මිනිස්සුන්ගේ නඩු අහපු විදිහ. මේ රටේ පොඩි මිනිස්සුනගේ නඩු හැමදාම ඇහැව්වේ ඔය විදිහට තමා. දැන් ඔය අධිකරණේ හිටපු ලොකුම කෙනාගේ නඩු අහපු විදිහ තමා ඔය. එතකොට ආණ්ඩුව කියන්නේ මොකක්ද? ආණ්ඩුව දුෂිත නඩුකාරයෝ ටිකක් පත් කරන් ඉන්නවා. අනික රටේ අගවිනිසුරුවරිය අන්ත දුෂිත කෙනෙක් නම් හොරෙක් නම්. මම එක උදාහරණයක් කියන්නම්. මීට කලින් හිටපු අග‍්‍රවිනිශ්චයකාරය ගැන. හිටපු අගවිනිසුරු තමා අශෝක ද සිල්වා. එතුමා තමා දැන් ජනාධිපතිතුමාගේ නීති උපදේශක. එයත් අගවිනිසුරු කාලේ අර සමාගමෙන්ම ගෙයක් මිලදී ගන්නවා. ඒකට හම්බෙලා තියෙනවා ලක්ෂ දහ අටක (1,800,000) වට්ටමක්. අශෝකද සිල්වගේ දුව නෙදර්ලන්තේ උපාධියක් කරනවා. එයා බැදලා ඉන්නවා තානාතිපති සේවයේ ඉන්න නිළධාරියෙක්. පහළ මට්ටමේ. එත් බැණාට දෙනවා නෙදර්ලන්ත ශී‍්‍ර ලංකා තානාතිපති කාර්යාලේ රැකියාවක් අගවිනිසුරු කමේ ඉන්න කොට. නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. එතකොට තේරෙනවා අධිකරණයේ වැඩි පිරිසක් දාලා හිටියේ හොරු කියලා. අපිට උගන්වනවා රටේ අධිකරණය දුෂීත එකක් කියලා. මෙතෙන්ට ඔයාල ඇවිත් ඉන්නේ විශ්වාසයක් එක්කයි. ඔයාලා ගෙදර යනකොට ගෙදර වෙන කෙනෙක් අල්ලන් හිටියොත් ඒක නඩු කියලා බේර ගන්න පුලුවන්. හැබැයි දැන් එහෙම වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. රටක නිතිය අවම මට්ටමින් හෝ රැකෙන්න ඕනා ඒ නිසා.
රටේ පොලිසිය දුෂණයෙන් ඉහවහා ගිහිල්ලා. යුක්තියක් නැහැ. මේ දවස්වල ඕගොල්ලෝ දන්නවා පත්තර පිරිල තියෙනවා මොරටුවේ හාමුදුරුවෝ මරපු එක ගැන. හාමුදුරුවේ මැරුවේ ඉඩම් ආරවුලකට කියලා තමා කියන්නේ. ඒ පන්සලේ කලින් හිටය හාමුදුරුවෝ තිබුණු ඥාතිකම් එක්ක ඉඩම් බෙදල දිලා තියෙනවා. ඉතින් මේ අය ඉල්ලා හිටියා මේවා සින්නකර කරන්න කියලා. ඉතින් ඒකට තරහ වෙලා හාමුදුරුවෝ මැරුවා. හාමුදුරුවෝ මරපු කොල්ලොත් මැරුවා. හාමුදුරුවෝ මරපු එක වැරදියි. මැරුවේ ක්‍රෝධයෙන්. හැබැයි කොල්ලෝ දෙන්න මරන්නේ පොලිසියෙන්. පොලිසිය මරනව විවිධ ක‍්‍රම වලට. ආයුධ අල්ලන්න ගියාම වෙඩි තියල මරනවා. අතේ මාන්චු තියගෙන තමා වෙඩි  තියන්නේ. අතේ පැල වෙන බොරු කියනවා. මේක හෙට දවසේ අපේ අක්කට නංගිට මල්ලිට වෙන්න පුලුවන්. පොලිසිය මේ පාලනය ඇතුලේ ගොඩ ගන්න බැහැ. කොච්චර හොද වුණත් රාජකාරිය කරනකොට දුෂිත මිනිස්සු වෙනවා.
දැන් දෙශපාලනඥයෝ උදේ නඩුකාරයට කථා කරලා කියනවා අද අපේ ගොලයෙක් එනවා කියලා. දවල් කෑම ටයිම් එක අල්ලා කථා කරලා අහනවා මොකද වුනේ කියලා. ශිරාණි බණ්ඩාරණායක මහත්මියට ගහල මොකක්ද කරලා තියෙන්නේඅපිට නීතියේ යුක්තියේ හෙවනැල්ල නැති වෙනවා. මේ සිද්ධියෙන් අපිට පාඩම් තුනක් ඉගෙන ගන්න පුලුවන්. අධිකරණය පාලනය කරන්නේ අන්ත දුෂිතයෝ. මේ රටේ නඩු අහන්නේ පාලකයන්ගේ කැමැත්තට. ක‍්‍රමයක් නැහැ. චප්ප කරන්න ඔනා නම් චප්ප කරනවා. රටේ නිතිය නැති එක අපිට ඔබට බලපානවා. ආණ්ඩු පාක්ෂිකයෙක් එක්ක අපිට නඩු කියන්න බැහැ. ජාත්‍යන්තරය ඉස්සරහ අපි තවත් පරාජය වෙනවා. ඔයාලට මතක ඇති මීට අවඅරුදු තුනකට කලින් දරුස්මාන් කියලා වාර්තාවක් එනවා. උතුරේ දෙමළ ජනතාව හතළිස්දාහක්  අමු අමුවේ මැරුවා කියලා. ඒ ගැන පරික්ෂණය කරන්න කමිටුවක් පත් කරන්නනඩු අහන්න යනවා. සාධාරණ පරික්ෂණයක් කරන්න ඕනා කියලා. ඒ පරික්ෂණ කමිටුව අපි වලක්ව ගත්තේ කොහොමදඅර වීරවංශ මහත්තය වගේ කී‍්‍රම් ක‍්‍රැකර් බිස්කට් කාලාද?අපේ රටේ තානාතිපති නිළධාරින් ගිහින් කිව්වා අපේ රටේ තියෙනවා විධිමත් නිති පද්ධතියක්. අධිකරණ පද්ධතියක් තියෙනවා කියලා. උඹලගේ කමිටු එපා. එහෙම වැරද්දක් වෙලා තියෙනවනම් ඒවාට දඩුවම් දෙන්න අපිට පුලුවන් කියලා කිව්වා. එහෙම තමයි ජී. ඇල්. පීරිස්  ලොක්කයි,මහින්ද සමරසිංහයි ගිහිල්ලා කිවේ. සුද්දට එකෙන් බෙරෙන්න බැරි වූණා. ඒකට එකග වෙන්න වුණා. ඔයාලගෙන් ඇහැව්වොත් දැන් සුද්දො ඇවිත් උඹලගේ රටේ නිතීය හරිද කියලා අපිට කියන්න දෙයක් නැහැ. ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයෙක්වත් හරි කියන් නැහැ. මොකද මම එහෙම කියන්නේ ඔය අනුර පි‍්‍රයදර්ශන මහත්තයගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමබන්ධ නිතිඥ මහත්තුරු තුන්සීයයක් එකතු කලා. එයාලට ලියුමක් හදල දුන්නා දෝෂාභියෝගයට පක්ෂපාතියි කියල අත්සන් කරන්න කියලා. කවුරුවත් අත්සන් කලේ නැහැ. ආණ්ඩුවට තමන්ගේ පක්ෂෙ නිතඥයෙක් හොයා ගන්න බැරි වුණා ඒකට අත්සන් කරන්න. ඒ අය ජන්දේ දෙයි තවත් තේරුම් අරන් නැත්නම්. ඉතින් සුද්දට පුලුවන් කියන්න උඹල උඹලගේ රටේ අග‍්‍රවිනිශ්චයකාරයට සැලකුවේ මෙහෙමනේ. ඉතින් උඹල කොහොමද දෙමල මිනිස්සු ගැන හරියට නඩු අහන්නේ කියන්ඩ පුලුවන්. අපිට දෙන්න උත්තරයක් නැහැ. රටේ පාලනය දුර්දාන්ත වෙන්න වෙන්න අපිට හිතේ අමාරුව විතරක් නෙමේඅපිව ගිල ගන්න බලන් ඉන්න පිටස්තර බලවේගවලට වාසියි. දැන් අපේ ගෙදර නිතරම ආරවුල් නම් එකෙන් වාසිය ගන්නේ වෙනත් අය. අල්ලපු වැටේ ඉන්න මිනිහා ඉඩම අල්ල ගන්න බලන් ඉන්නවනම් ඒයාට වාසියි. ශිරාණි බණ්ඩාරනායක සිද්ධියේ පාඩම ඒකයි.

රිසානා
රිසානාගේ සිද්ධිය. රිසානාගේ සිද්ධියේදි ඔයාලා වෛර කරන්නේ සෞදි වදකයටදවෛර කරන්න ඕනා තමයි. බනින්න ඕනා තමයි. නමුත් මේ ආණ්ඩුව රට ඉන්න අයට හදුන්වන්නේ කවුරු කියලදරට විරුවෝ කියලා. රට ගිහිල්ල වැඩ කරන අයට ජනාධිපතිතුමාගේ අය කියන්නේ රට විරුවෝ කියලා. යුද්දේ කරපු අය රණවිරුවො. රිසානාව ඝාතනය කරපු දවසේ පාර්ලිමේන්තුවේ අහනව රට විරවෝ භාර ඇමති ඩිලාන් පෙරේරගෙන් රිසානා සම්බන්ධව මොකක්ද අරන් තියෙන කි‍්‍රයාමාර්ගය කියලා. එයා කියනවා අපේ ජනාධිපතිතුමා සෞදි රජාට කියලා තියන්නේ. අපි රිසානාව බේර ගන්නවා. මොකද ඊට කලින් සතියේ පත්තර වල ගියා ලොකුවට ජනාධිපතිතුමගේ ඉල්ලීම සෞදි රජතුමා පිලිගත්තා එහෙම කියලා. රිසානාගෙන් දේශපාලන වාසියක් ගන්න හැදුවා. අපේ ජනතා විමුක්ති පෙරුනේ මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති සහෝදරයා ඒ රටේ ඉන්න අපේ හිතවතුන්ගේ මාර්ගෙන් අහලා දැනගෙන පාර්ලිමෙන්තුවේ කියනවා රිසානාව ඝාතනය කරලා ඉවරයි. පාර්ලිමෙනතුවේ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ඉන්න කියලා අර ඇමතියත් විලි ලජ්ජා නැතිව නැගිටිනවා. රට විරුවෝ ප්‍රෝඩාවක්. ඇයි රිසානාව රට ගියේ. දැන් අපිට ප‍්‍රශ්නේ තියෙන්නේ රිසානාව මරපු විදියනේ. රිසානාව විදුලි පුටුවේ තියලා මැරුවනම්. ඉන්ජෙක්ෂන් එකක් ගහල මැරුවනම්. අමු තිරිසන් ක‍්‍රමෙට කපපු නිසා තමා එක දැනෙන්නේ. අපේ රටේ තරුණ තරුණියන්ගේ කථාව තමා රිසානා තුළින් කියවෙන්නේ. රිසානා වුරුදු 17 ළමයෙක්.
මේ ගම්වල ඉන්න කොල්ලෝ කීයක් කී සියයක් යුද්දේට ගියාද උප්පැන්නේ වෙනස් කරගෙන. මම ගිහින් තියෙනවා අවුරුදු 17 අඩු මළ ගෙවල් වලට. ඇයි ඒරට රකින්නම නෙමේ. ගමේ හිටියොත් ජිවත් වෙන්න විදිහක් නැති නිසා. අපේ රටේ තරුණියන්ගේ කථාව තමා රිසානාගෙන් කියවෙන්නේ. අවුරුදු 17 දී උප්පැන්නෙ හදනවා 21ට. මම හිතන්නේ රිසානා රට ඉන්න කාලේ තමා කාලා ඇදල ජිවත් වෙන්න ඇත්තේ. මේ රටේ පාලකයෝ දේශපාලනඥයෝ,ඇමතිවරු කොච්චර ඉන්නවදදැන් යනව පෝලීමේ. මැරුණට පස්සේ සල්ලි අරන් යනවා. රිසානාගේ උප්පැන්නේ අරගෙන ගිහිල්ලා අරාබි භාෂාව දන්න නිතිඥයෙක් අල්ලල රිසානා අවඅරුදු 17 ළමයෙක් කියලා ඔප්පු කළා නම් රිසානාගේ බෙල්ල කපන්නේ නැහැ. මොකද සවුදි අරාබිය අත්සන් කරල තියෙනව ළමා කම්කරු ප‍්‍රඥප්තියට. අවුරුදු 17 දී තමයි මේ වැරද්ද වුනේ. මරන්න බැහැ අවරුදු 17 ළමයෙක්ව. ඇත්ත තිරිසන් රටවල් තමයි. ඇයි රිසානාලව මේ වගේ තත්වෙකට පත් කරන්නේමේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ළමයින්ට ජිවිතයක් නැහැ. අද වෙන කොට කොල්ලෝ කොච්චර ඉන්නවද රට යනඉතාලි යන. අර සින්දුවකුත් තිනේනේ. ඒකෙ එක සිද්දියක් විතරයි රිසානාගේ සිද්ධිය. එතකොට මග මැරෙන ඒවා සියදිවි හානි කර ගන්න ඒවාමත්ද්‍රව්‍ය වලට අහු අවෙන එවා කොච්චර දලක්ෂ ගාණක් බව දන්නවදලොකයේ වැඩිම තරුණ සියදිවි නසාගැනිම් අතර පස්වෙනියට තියෙන්නේ අපේ රට. ලොකේ වැඩිම තරුණියෝ තරුණයෝ සියදිවි නසා ගන්න රට වෙලා තියෙනවා පස් වෙනියට දැන්. දවසකට එකොළහක් සියදිවි නසා ගන්නවා. ඒ වගේ විසි ගුණයක් උත්සහ කරනවා. විස්ස එකොළහෙන් වැඩි කළාම කියදදෙසීය විස්සයි. දවසකට දෙසීය විස්සක් මැරෙන්න ට‍්‍රයි කරනවා. අවුරුද්දකට කීයදදෙසීය විස්ස වැඩි කිරීම තුන්සීය හැට පහ.හය ලක්ෂ පනස්දාහක්. මේකයි අපේ රටේ තත්වය. මේ රටේ ඊට වඩා දෙයක් දෙන්න ඉතිරිද?


3 පොල්ගෙඩි අටක් හොරකම් කරපු ළමයා.
තවත් කථාවක් යනවා පොල්ගෙඩි අටක් හොරකම් කරපු ළමයා. ජනාධිපතිතුමාගේ පඩුපුල් අස්න රත්වෙලා. වහාම වාර්තාවක් දෙන්න කියලා. අධ්‍යාපන අමාත්‍යශයේ ඔක්කොම හොරණට ගිහිල්ලා. මට විශ්වාසයක් තියෙනවා ඕකේ වාර්තාවත් හම්බෙන් නැහැ කියලා.

4 නිතී විද්‍යාලයේ අචලා
අනිත් කාන්තාව තමයි අර නිතී විද්‍යාලයේ අචලා. අද එයා වෙනුවෙන් හිරකාරයෝ පවා මුදල් එකතු කරලා දෙනවා. ඇයි ඒඒ අතට ලැබුණු ආර්ථික වටිනාකමක් තියෙනවා. මොකද එයා කොළඹ නිතී විද්‍යාලයේ ඉගෙන ගන්න කෙනෙක් නිසා. එයා වෙනුවෙන් හඬ නගන්න එයාගේ නිතී විද්‍යාලයේ ශිෂයෝ හරි හිටියා. ඒත් ඔබ දන්නවා මේ කුරුණෑගල දිස්ති‍්‍රක්කේ බිංගිරියකුලියාපිටිය වගේ ප‍්‍රදේශවල කොච්චර නම් කාන්තාවන්ගේ අත් අහිමි වෙලා තියෙනවද කොහු අඹරන මැෂින් වලට පොල් ලෙලි දාන්න ගිහිල්ලා. ඒ අයට රුපියල් 100ක් දෙන්න කෙනෙක් නැහැ. අඩුම තරමේ ගමේ ග‍්‍රාම සේවක මහත්තයවත් උදව් කරන්නේ නැහැ.

5 චන්ගුමී.
තව කාන්තාවක් ඉන්නවා. හැමදාම හවස හය හමාරට ජාතික රූපවාහිනියේ යනවා චන්ගුමී. මොකක්ද ඒ නාට්‍යයේ  තියෙන්නේඅපිට ගන්න පුළුවන් මොනවද?ලංකාවේ අයට උගන්වනවා දුක දරා ගැනීමේජීර්ණය කර ගැනීමේ කොරියානු ක‍්‍රම. ඊටත් වඩා දෙයක් තියෙනවා ඒ නාට්‍යයේ. එක පවුලක් වෙනුවෙන් මුළු කොරියාවම දුක් විදින ආකාරය තියෙන්නේ. එක රජෙක් වෙනුවෙන්එයාට හොදම කෑම ටික දෙන්නඑයාට හොදම ඖෂධ ටික දෙන්නඑයා කැමති ගෑණු ළමයව යාලු කරලා දෙන්න මුළු කොරියාවක මිනිස්සු දුක් විදින ආකාරය පෙන්වනවා. ඒ නාට්‍යයේ පෙන්වනව දුප්පත් මිනිස්සු ඉන්නවා. චන්ගුමී වුණත් පොසත් කෙනෙක් නෙමේ. මම කියන එක නාට්‍යයේ ඒවිදහටම පෙන්වන්නේ නැහැ. එත් යටින් තියෙන්නේ ඒ කථාව. එක පවුලක් වෙනුවෙන් චන්ගුමීලයිසෙන්පතිලයි දුක් විදින ආකාරය. නාට්‍යය ඇතුලේ හිතනවනම් ඒකයි. ලංකාවේ තියෙන්නෙත් ඒක තමා. එක පවුලක් වෙනුවෙන් ආදරණීය සහෝදරයසහෝදරිය අපි දුක් විදිනවා.


මේ කාන්තාවෝ පස් දෙනාගේ ජීවිත හරහා අපි වර්තමාන දේශපාලනය ගැන බැලුවොත් ඔබ දන්නවා ඊයේ පෙරේදා කැබිනට් හුවමාරුවක් වූණා. ඒකේදී ශිරාණි බණ්ඩාරණායක මහත්මියට වැඩියෙන්ම ගහපු අයට හොදම කැබිනට් ඇමති ධුරයිඒ කි‍්‍රයාවට අඩුවෙන් සම්බන්ධ වුණු අයට කපා දැමීමයි එකේ අරමුණ.
දැන් අනුර පි‍්‍රයදර්ශන මහත්තයා කුණු මුල්ලේ දාලා හිටිය කෙනෙක්. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂෙ පරණ මන්තී‍්‍රවරයෙක්නේ. එතුමා තමයි අර වධක උසාවියේ සභාපතිතුමා. අර කුණු හරුප අමුණපු උසාවියේ සභාපති. දුන්නා අනුර පි‍්‍රයදර්ශන මහත්තයට කුණු මුල්ලෙන් එළියට අරගෙන ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය ධුරය. එකෙත් යොදය කොටස නැහැ. ඒකෙත් තෙල් කැණිම් අංශය බැසිල් මහත්තයට. මොකද කැණිම් කරනකොටනේ ඉල්ලම අහුවෙන්නේ. ඊට පස්සේ අපේ මේ කුරුණෑගල ප‍්‍රදේශයේ ජයරත්න හේරත් මහත්තයා. ටිකක් පරන කෙනෙක්. එතුමාට හම්බුණේ සුපීන් ඇමතිකමක්. අද මම දැක්කා පුවක්ගස් හංදියේ හැම තැනම කටවුට් දාලා තියෙනවා. නව කැබිනට් අමාත්‍ය කියල දාලා තියෙනවා. මම කල්පනා කළා ඒවාගේ විෂය දාලා නැහැ. එතුමාට දිලා තියෙන්නේ උද්භිද උද්‍යාන ඇමතිකම. මල් පැළ බලා ගන්ඩ. ජයරත්න හේරත් මහත්තයටත් ලැජ්ජයි මේක දාන්න. ඊට පස්සේ සීනි ඇමති.
මෙතන ඉන්න ඔබ දන්නවා එක්දහස් අටසීය පණස් ගණන් වල ඉදල අසූහත වෙනකම් මේ රටේ හිටියේ කෘෂිකර්ම හා ආහාර ඇමති කෙනෙක්. ඊට පස්සේ මේක අසූ හතේන් පස්සේ චන්ද්‍රිකා මහත්මියගේ කාලේ කෘෂිකර්මය වෙනම ගියා.ආහාර වෙනම ගියා. පංශු සම්පත් වෙනම ගියා. වාරී මාර්ග වෙනම ගියා. ඉතින් දැන් මෙකත් ඇමීබාවා වගේ සත්තු බෙදී ගිහින් අවසානෙට සීනි ඇමතිකම දක්වා ඇවිල්ලා. තවත් කාලයක් ගියාට පස්සේ අඹ ඇමතිලත් එයි. මොකක්ද මේ වෙලා තියෙන්නේරටේ පාලකයා තමන්ගේ දෝෂාභියෝගයට  උදව් කරපු අයට රටේ පොකට් එකෙන් සන්තෝසම් දෙනවා. මේ දෙන්නේ රටේ අනාගතය උගස් තියලා. මේ ඕනාවට රටේ ඇමතිකම් පට්ට ගහන්න බැහැ. ඒවට තියෙනවා විද්‍යාත්මක ක‍්‍රමයක්. දැන් ජයරත්න හේරත් මහත්තයට  පේරාදෙණියහග්ගල උද්භිද උද්‍යාන බාරව ඉන්නේ. උද්භිද උද්‍යානයක් හදන්න මොනවද ඕනා වෙන්නේඒකට උද්භිද විද්‍යාඥයෝ ඕනා. කෘෂිකර්ම නිළධාරීන්ගේ සහාය  ඕනා. එගොල්ලෝ කොහෙද ඉන්නේඒ අය ඉන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේ. උද්භිද කටයුතු ඇමතිට මේ අය අයිති නැහැ. චිරාත් කාලයක් උද්භිද උද්‍යාන කටයුතු භාරව තිබුණේ කෘෂිකර්ම අමාත්‍යංශයට. ඒකේ තමා උගත් අය ඉන්නේ. ඒ අය දාලා පුළුවන් උද්භිද උද්‍යානයක් හදන්න. ඉතින් ජයරත්න හේරත් මහත්තය කොහොමද කරන්නේඑයාගේ වයින් ස්ටෝර්ස් එකේ ඉන්න අයව දාලාදඉතින් වැඩ පැටලෙනවා. හැම තිස්සේම කෘෂිකර්ම නිළධාරීන් ඉල්ල ගන්න වෙනවා. ඉතින් වැඩේ ඇනෙනවා. ඒ අය වග කියන්නේ නැහැ. මම එකක් කියන්නම්. ආහාර හා කෘෂිකර්ම ඇමතිකම බලන්න. දැන් කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන. ආහාර ඇමති කෙනෙක් දැන් නැහැ. වෙළද ඇමති යටතේ තියෙන්නේ. ඒක තියෙන්නේ ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු මහත්තයට. මෙහෙන් ගොයම් කපනකොට අරහෙන් හාල් ගෙනවා. මහින්ද යාපා මහත්තයා දඹුල්ලේ ළුණු ගලවනකොට පෝන්ස්ටන් ඇමති ඉන්දියාවෙන් ළුණු ගේනවා. ඇයි එහෙම වෙන්නේමේ දෙක අතර සමතුලිත භාවයක් තියෙන්න ඕනා. මේ විෂයන් දෙක එකක්. මේ දෙක අතර අවබෝධයක් තියෙන්න ඕනා. කෘෂිකර්ම ඇමති තමා දන්නේ අල ගලවන වේලාවළුණු ගලවන වේලාවගොයම් කපන කාලය. ආහාර ඇමති ඒක දන්නේ නැහැ. එයාට ඒකේ සංවේදී භාවය නැහැ. ඒ නිසා ඇනෙනනවා වැඩේ. ගොවියා පෙළපාලි යනවා. වහ බොනවා.
මොකක් වෙනුවෙන්ද මේ කැබිනට් මාරුවීම් කරන්නේමේ විෂයන් දෙන්නේ මොකක් වෙනුවෙන්දතමන්ට කඩේ යන නිසා ඇමතිකම් දෙනවා. පවිත‍්‍රා වන්නි ආරච්චි ඇමතිතුමිය. චන්ද්‍රිකාගේ ගෝලයෙක් නිසා මහින්ද මහත්තයා එයාව කපලා තිබුණේ. දැන් දුන්නා විදුලි බල ඇමතිකම. එකේ යොදය කොටස දිලා නැහැ. සුනිත්‍ය බල ශක්ති අධිකාරිය. එකෙන් තමා හම්බ කර ගන්න තියෙන්නේ. තාප බලාගාරකුඩා ජල විදුලි බලාගාර එයාට නැහැ. එයාට ඇයි ඒක දුන්නේඑයා තමා ගැහැණියක් විදිහට ශිරාණි බණ්ඩාරණායක මහත්මියට කැතම විදියට ගැහැව්වේ. ශිරාණි බණ්ඩාරණායක අනියම් සම්බන්ධකම් පවත්වනවා මංජුල තිලකරත්න නඩු කාරයත් එක්ක කියලා ඇය කිව්වා. එතකොට තමා අපේ විජිත හේරත් මන්තී‍්‍රතුමා කීවේ එයාට කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලල ඇවිත් කියන්න කියලා. මේවා ඕයගොල්ලෝ දැන ගන්න. කුණු හරුප නෙමේ. එතුමිය දැන් බැදල ඉන්න එතුමියගේ හිටපු ප‍්‍රධාන ආරක්ෂක නීළධාරියා. එයත් එක්ක වැලන්ටයින් දිනය සමර සමර ඉන්නකොට තමයි එයාගේ නිත්‍යානුකුල ස්වාමිපුරුෂයගේ අතටම අහුවෙලා දික්කසාද කරල මේවා කරන්නේ. තමන්ගේ ඇගේ කුණු ගොඩාක් තියාගෙන ශිරාණි මහත්මියට විරුද්ධව චෝදනා නගනවා. අන්න ඒ නිසා තමයි විදුලි බල ඇමතිකම හම්බුණේ. එක පවුලක් වෙනුවෙන් මේ රට දුක් විදිනවා චන්ගුමීලා වගේ. මේ රටේ කිසිම දෙයක් දියුණු කරන්නේ නැහැ. මේ රටේ කර්මාන්තයක් වත්කෘෂිකර්මයවත් මේ අය දියුණු කරන්නේ නැහැ. මේ රටේ යපස් වලින් මොකක් හරි කර්මාන්තයක් කරනවාදෆොස්පෙට් ටිකෙන් පොහොර හදනවදමේ රටේ මිනිරන් ටිකෙන් පැන්සලක් හදනවද?මේ රටේ ඉල්මනයිට් ටිකෙන් වෙල්ඩින් කුරක් හදනවද?හොයල බලන්න. මොකුත් කරන් නැහැ. මව්බිමට ආදරේයි කියල රටේ සම්පත් ටික විකුණනවා. සුද්දන්ගේ පස්සේ ලොකුම ඉඩම් මංකොල්ලය සිද්ධ කරනවා අද. පොළොන්නරුවේ අක්කර පන්දාහක් දුන්නා ඇමරිකාවේ ඩෝල් සමාගමට. කල්පිටියේ දුපත් ටික විකුණුවා අනු නව අවුරුදු බදු වලට අරාබි කාරයන්ට. අද වෙනකොට පිටකොටුවේ කඩ ටිකත් කඩල ඉවරයි. කෝටි ප‍්‍රකෝටි ගණන් වලට විකුණනවා සමාගම් වලට. ඒ නිසා රටේ සම්පත් දේපළ විකුණමින් තමා සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ. සංචාරක ව්‍යාපාරයෙන් දියුණු වුණු කිසිම රටක් අද ලෝකේ නැහැ. සංචාරක ව්‍යාපාරය අපේ රටේ ප‍්‍රධාන ආර්ථික ආදායම් මාර්ගය කර ගන්න හදන්නේ. අපේ රට සංචාරක ව්‍යාපාරයෙන් දියිණු කරන්න බැහැ. යම් ප‍්‍රමාණයකට හරි දියුණු කරනවා කියන්නේ අපේ රට සම්පුරණයෙන් නන්නත්තාර වෙනවා. ඒක නිසා ජනාධිපතිතුමාට වැව් පෙන්නේ සී ප්ලෙන් බාන එවා විදිහට. ඒක නිසා තමා වනාන්තර එළි කරල හොටෙල් ගහන්නේ. අද හමුදාවත් එක්ක එකතු වෙලා. විල්පත්තුවෙන් අක්කර දහස් ගණනනක් විනාශ කරනවා නාවික හමුදාවත් එක්ක එකතු වෙලාසංචාරක තී‍්‍රකෝණයක් හදන්න. පරිසර නිතී නිසා කෑලැ එළි කරන්න බැරි වුණාමහමුදාවත් එක්ක ගිහින් නැගෙනහිර පළාතේ ලාහුගල පුරාවිද්‍යා භූමිත් එක්ක ඩෝසර් කරලා හෝටල් ගහනවා. සංචාරක ව්‍යාපාරය නිසාම ගණිකා වෘත්තිය,මත්ද්‍රව්‍ය වගේ දේවල් වැඩි වෙනවා. අද මේ රටේ ලොකේ වැඩියෙන්ම ළමා අපචාර වෙන රටවල් අතරින් එකක් බවට පත් වෙලා තියෙනවා. ඕයාලා පහු ගිය දවස්වල දකින්න ඇති  තාත්තයි පුතයි නංගිව දූෂණය කරල තියෙනවා. ජනාධිපතිතුමා කියනවා මතට තිත කියලා. ලංකාවේ ෆුඩ් සිටි කියන්නේ මොනවදකුරුණෑගල ෆුඩ් සිටියක් ළග ශවස හයට විතර ටිකක් ඉදලා බලන්න. අරක්කු ගන්න කොයි තරම් පෝලීමක් තියෙනවද කියලා.මම ඉතා වගකීමෙන් කියනවා කුරුණෑගල වැඩිම අරක්කු විකිණෙන්නේ ෆුඩ් සිටිවල මිසක් ඇමතිවරුන්ට අයිති බාර් වල නෙමේ. මතට තිත කියල අරක්කු විකුණනවා. ෆුඩ් සිටි තියෙනවා බුලත් විට කඩ ගාණට.
අද කොළඹ හවස පහට හයට වැල්ලවත්තබම්බලපිටිය,කොල්ලුපිටිය යන ඔය කිලෝමීටර් දෙකේ ඉන්නවා ලෝකේ  ඕනම වර්ගයක ගණිකාවන්. ඒ අය මෙහේ ඇවිත් හොරෙන් ඉන්නඅය නෙමෙයි. කර්මාන්තයක් විදිහට කරන අය. ලංකාවේ ලොකු සමාගම් වලින් පිට රටින් පන්නගෙන ඇවිත් මෙහේ ගණිකා වෘත්තියේ නියැලෙන අය. ඒ නිසා රටේ පොඩි මිනිස්සුන්ගේ අතට කීයක්වත් එන්නේ නැහැ. ඒ නිසා කොල්ලෝ රට පනිනවා. මෙ ළගදී හොද සිද්ධියක් වූණා. මේකත් කියන්න ඕනා. මීගමුවෙන් කුරුණෑගලින් කොලඹ යනව වගේ දවසකට බෝට්ටු තුන හතරක් විතර දවසකට ඉතාලි යනවා. කොල්ලො සෙට් එකක් ගිහින් ඉතාලි යන්න කියලා මීගමුවේ මනුස්සෙයෙකුට සල්ලි දීලා. ලක්ෂ පහළෝව ගානේ එක්කෙනෙක් දෙන්න කියලා. කොහොම හරි එයා කියලා තියෙනවා බෝට්ටුවේ යන කොට හැංගිලා යන්න  ඕනා. මොකද ලංකාවේ නෙවි එකට හරිපිට රට නෙවි එකට හරි අහු වෙන්න බැරි නිසා. අපි ඔයාලාව ගිහින් දානව ඉතාලිය වෙරළ ආශි‍්‍රතව තියෙන කෑලැබද ප‍්‍රදේශයකට. එතනින් ඔයාලා බැහැල ගියාම කාපට් කරපු පාරක් හම්බෙනවා. බස් එනවා. ඒකක නැගල ඉතාලියට හරි රෝමයට හරි යන්ඩ කියලා. මේ විදියට කොල්ලො එකඟ වෙලා ගිහින්. සති දෙකක් විතර මුහුදේ ගිහින් අර තැනින් බස්සලා යන්න කියලා. කොල්ලෝ බැහැල කැලෙන් ඇවිත් පාරට ආවා. හොද කාපට් පාරක් තියෙනවා. බස් එකක් ආවා. නැග්ගා. කොහේ බස් එකක්ද?කොළඹ කතරගම බස් එකක්. මේක බොරු කථාවක් නෙමේ.
අද වෙනකොට රටේ ඉන්නවා ලක්ෂ හෑත්ත හයක් සාමන්‍ය රස්සා කරන පිරිස්. ඔබත් මමත අයිති නැතිව. ගොවි මහත්තුරු ඉන්නවා ලක්ෂ හැට පහක්. මේ අයගේ දරුවෝ ලක්ෂ හතළිහක්. ලක්ෂ එකසිය අසු එකක්. ලංකාවේ ජනගහණය ලක්ෂ දෙසීය තුනයි. මේ අයගෙන් වැඩි පිරිසක් දුප්පත් මිනිස්සු. කොටස් වෙළදපොලේ කොටස් නැතිලක්ෂතිහ හතළිහක් ගිණුම්වල නැතිඅක්කර විස්සක තිහක පොල් වතු නැති පිරිස තමයි වැඩි. අපි මොනවත් භාර ගන්න කියලා ව්‍යාපාර නැහැ. ධනවතුන් ඉන්නේ ලක්ෂ පහළොවයි. සුපිරි ධනවතුන් ඉන්නේ පවුල් දහදාහක් විතරයි. ඒ නිසා ඉගෙන ගන්න එක තමා අපිට කරන්ඩ තියෙන්නේ ඉහළ යන්ඩ නම්. මහින්ද මහත්තයත් ජ.පුර සරසවියේ පුස්තකාලේ පොත් උස්සන් යන්ඩ ආවේ. දැන් එවා වලව් වෙලා. මේ සැරේ "ඒ" තුන ගත්ත ළමයින් ගෙන් දෙදහකට විතර විශ්වවිද්‍යාලයට යන්න බැහැ. රටේ පාලකයගේ පළවෙනි ජොබ් එක තමයි අධ්‍යාපනය දියුණු කරන එක්.විශ්වවිද්‍යාල හදන එක. මේ රටේ තිස් හතර අවුරුද්දකින් පස්සේ විශ්වවිද්‍යාලයක් හදල නැහැ. රුහුණු සරසවියෙන් පස්සේ කිසිම විශ්වවිද්‍යාලයක් හදල නැහැ. සබරගමුව වයඹ හදා ගත්තේ කොල්ලො කෙල්ලෝ උද්ඝෝෂණය කරලා.
රටේ හැම තැනක්ම නරක් වෙලා තියෙන්නේ. අද කාලය සමානයි 1815 ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ යුගයට. හිතල බලන්න. එදා මොකද වුනේ කියලා. රජවරු පොඩි අයට සලකන්නේ නැහැ කොහොමත්. මුලින් පොඩි මිනිස්සු එක්ක බද්ධ වෙලා හිටියට පස්සේ කාලේදී එයා පිරිහුණා. එයාගේ ළගම හිටිය ප‍්‍රධාන ඇමතිවරයව අල්ල ගන්න බැරි වූණාම එයාගේ බිරිදව කුමාරිහාමිවපවුලේ අයව මැරුවා. එයා තමන්ගේ පවුල මුල් කරගෙන හැම දෙයක්ම කරන්න ගත්තා. රාජසිංහ ට විරුද්ධ හැමෝම මැරුවා. එක්දහස් අටසීය පහළොව වෙනකොට රටේ ආර්ථිකය වැටිලා. රට පිරිහිලා. මිනිස්සුන්ට එපා වෙලා තිබුණේ. සුද්ද මොකද කලේ. වේලාව එනකම් බලාගෙන හිටියා. රටේ පාලකයා දුර්දාන්ත වෙනකම් බලාගෙන හිටියා. සුද්දා මිනිස්සුන්ට කිවේ මොකක්දඅපි එන්නේ උඹලව බෙර ගන්න කියල. මිනිස්සු කල්පනා කළා මේ යකා එළවන්න පුලුවන්නම් රට මොකාට ගියත් කමක් නැහැ කියලා සහයෝගය දුන්නා. රජා අල්ල ගන්නකොට බේර ගන්න බලු බල්ලෙක් හිටියේ නැහැ. එක කඩු ෆයිට් එකක් තිබුනේ නැහැ. එදා රටට නැති වුනේ මොනවදසුද්දා භාගෙට නිදහස දිලා 1948 ගියා. එත් පිරිසක් ඉතුරු කරලා ගියා. දැන් ආයෙත් එමින් තියෙනවා.
විපක්ෂය කියන්නේ පාර්ලිමේන්තුවේ තියෙන එක නෙමේ. යුන්පී අය පනින්නේ ඇයි. ඒ අයත් මේකේ ඉන්නකොට හොරා කාපු අයම තමයි. ඒ මහත්තුරුන්ට ආණ්ඩුව ඉන්න දෙන්නේ නැහැ. සජිත් මහත්තයා හැමදාම ඒක ඒක එවා කියලා හැමදාම කථා කරනවා. එත් රාජපක්ෂ කියනවා තියා ර කියල වත් කියන් නැහැ. එයාලා බලන්නේ තමන්ගේ පුද්ගලික දේශපාලනය ගොඩ යන එක. මිනිස්සු මේ රටේ ඔප්පු කරලා තියෙනවා සාධාරණ ප‍්‍රශ්න වලට මිනිස්සු එකතු වුණාම ජයග‍්‍රහණය කරනවා කියලා. එහෙනම් ගිය පාර ඉසෙඩ් ස්කෝර් ප‍්‍රශ්නය මතකදඒක ජයග‍්‍රහණය කළා. ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි මේ රටේ සාධාරණයප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වෙනුවෙන්යුක්තිය වෙනුවෙන්රටේ ස්වෛරීභාවය වෙනුවෙන්අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉදලා තියෙනවා. පාර්ලිමෙන්තුව ඇතුලෙත් එළියෙත් අපේ හඩ නතර කරලා නැහැ. මේ දුෂිත පාලකයෝ හැමදාම ඉන්නේ නැහැ. ඒ නිසා අපි ජනතා බලයක් ගොඩ නගන්න ඕනා. අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ වෙනුවෙන් කථා කරන්න. ඉදිරියට එන්න. වැරදි දේ වෙනුවෙන් පෙනී හිටින්න එපා. කොච්චර ලාභ තිබුණත් වැරදි දේට උදව් කරන්න එපා. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න. ශිරාණි මහත්මිය හොදම උදාහරණේ. මහින්දගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැරදි වැඩ වලට එතුමිය උදව් කරා. ආයෙත් ඒක එතුමියට හෙණයක් වගේ පාත් වූනා. අපි ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙනී හිටින්න ඕනා. අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ප‍්‍රශ්න ඉස්සරහ ඇහැ පියගෙන ඉන්න එපා. සාධාරණ ප‍්‍රශ්න වෙනුවෙන් ඉස්සරහට එන්න. එකතු වෙන්න. කථා කරන්න. සංවිධානය වෙන්න. මොකද  ඕන තුවක්කුවක බලයක්ඕන මාධ්‍යය බලයක්ඕන මුදල් බලයක් ජනතා බලට යටත්. ඒක තමා ඊජිප්තුවෙන් අපට පෙන්වන්නේ.
දැන් මේ දුර්දාන්ත පාලනයෙන් රට මුදා ගන්නත් ඕනා. එහෙම කියලා අධිරාජ්‍යවාදීන්ගේ සරණ ගිහින් වැඩකුත් නැහැ. මොකද එජාපයේ ඉන්න සමහර මන්තී‍්‍රවරු කියනව මූට ඇමරිකාවෙන් හරි ඇවිත් ගහනවනම් කමක් නැහැ කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැහැ. අපි  ආණ්ඩුවේ පාලකයන්ට කරන විවේචන,ලංකාවට එල්ල වෙන්න දෙන්නේ නැහැ. අපි ඒ දේශපාලනයේ නැහැ. රටට වදින්න දෙන්නේ නැහැ. ආණ්ඩුවට එල්ල කළත් අපි ඇමරිකාවට ගිහින් කියන් නැහැ. අපි කියන්නේ 1815 මිනිස්සු කරපු වැරැද්ද ඕයාලට කරන්න කියලා. ඔය සම්ප‍්‍රදායික ඇමතිවරු පස්සේ යනව වෙනුවට ජනතා බලයක් ගොඩ නගමු. ගම් මට්ටමෙන් සාධාරණ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී හිටිමින් සංවිධානය වෙමු. අපි කියන්නේ ඒ දෙකම එකට තියලා පරාජය කරන්න පුලුවන් ජනතා බලයක් ගොඩ නගමු."

No comments:

Post a Comment