Wednesday, February 13, 2013

පොලිස්පතිතුමා මේ ගැරන්ටි එක දෙනවා අම්මා ළමයි බලා ගන්නවා කියලා. එහෙමනම් හෙට ළමයව නිදහස් කරන්න.


යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ලෙස කටයුතු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ දරුවන් දෙදෙනාගේ මව්වරුන් තම දරුවන් නිදහස් කරගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තද පොලීසිය පවසා සිටියේ දරුවන් නිදහස් කිරීමට පුනරුත්තාපනය කල යුතු බවයි. නමුත් යාපනයේ සංචාරය කල මහින්ද රාජපක්ෂ මහතා යාපනයේ මවක ඉදිරිපත් කළ ඉල්ලීමට කාරුණිකව සවන්දී එම සිසුන් අද (13) වන විට නිදහස් කළ යුතු බවට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට උපදෙස් දුන්නේය. අතිගරු
ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිතුමාට උපදෙස් දුන්නේ මෙසේය- පොලිස්පතිතුමා මේ ගැරන්ටි එක දෙනවා අම්මා ළමයි බලා ගන්නවා කියලා. එහෙමනම් හෙට ළමයව නිදහස් කරන්න.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය ටිල්කෝ සිටි හෝටලයේදී පැවැති යාපනය දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමේදී මේ ඉල්ලීම ඉදිරිපත් කළේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සිට පැමිණි ගුරු මාතාවක් සහ තවත් මාතාවකි.
දැනට මාස දෙකහමාරක පමණ කාලයක සිට සිය දරුවන් පොලිස් අත්අඩංගුවේ පසු වන බව ඇය කළ ප්‍රකාශය අසා සිටි ජනාධිපතිවරයා එය සත්‍යක්දැයි පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේය.
එය සත්‍ය බවට පොලිස්පතිවරයා පැවසූ පසු ජනාධිපතිවරයා මවගෙන් විමසා සිටියේ දරුවන් නිදහස් කළහොත් ඔවුන් අධ්‍යාපන කටයුතුවල පමණක් නියැලෙන බවට වගකීම භාර ගත හැකිදැයි කියාය.
මව එසේ වගකීම භාර ගත හැකි බවට පැවසූ පසු ජනාධිපතිවරයා දරුවන් නිදහස් කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. දරුවන් පාසලට, විශ්ව විද්‍යාලයට යන්නේ අධ්‍යාපනය ලැබීමට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම විටම එයට ප්‍රමුඛතාව දිය යුතු බව කීවේය.
සිය දරුවන් රාජ්‍ය විරෝධී කටයුතුවල නියැළෙන්නේ නැති බවට මව ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා කියා සිටියේ රජයට විරුද්ධව කටයුතු කළාට කමක් නැහැ, හැබැයි ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ යනුවෙනි.
මෙහිදී ජනතාව අමතා භාෂා දෙකෙන්ම කථා කල අතර රුපියල් මිලියන 3500ක වියදමින් ඉදිවුන උතුරු ජනනි විදුලි බලාගාරයද විවෘත්ත කළේය.
මීට අමතරව ජනපතිතුමා යාප‍‍ෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී  එළවලු ගොවියන් කිහිපදෙනකුද හමුවීමෙස්දී තමන්ගේ අල තොග විකුණාගත නොහැකි බව ප්‍රකාශ කොට තිබූ බවත්, මේ දිනවල මිනිස්සු අල ගලවන බව තමන් නොදන්නා බවත් දැඩිව නිලධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කලේය.

No comments:

Post a Comment