Sunday, February 24, 2013

උතුරු කොරියානු ප්‍රහාර වලින් ජපානය ආරක්ෂා කරන බව ඇමෙරිකාව කියයි

ජපානය උතුරු කොරියානු න්‍යෂ්ටික ප්‍රහාරවලින් මුදා ගැනිම සහ එරටට පූර්ණ අරක්ෂාව ලබාදිමට  ඇපකැප වන බව ජනාධිපති ඔබාමා පවසයි.
උතුරු කොරියාවේ තුන්වන න්‍යෂ්ටික පරීක්ෂණයත් සමඟ උතුරු කොරියාව ජාත්‍යන්තර බැඳීම් නොතකා තදබල ප්‍රකෝපකාරි ක්‍රියාවක් කිරිම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔබාමා ජපන් අගමැති ෂින්සෝ අබේ සමඟ දුරකථනයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් මේ බව පවසා තිබේ.
එම සාකච්ඡාවේ දි උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවිමට දෙරට නායකයින් එකඟ වි ඇති අතර මේ සම්බන්ධයෙන් දකුණු කොරියන් ජනාධිපති ලී මියුං බක් සමඟ ද දුරකථන සාකච්ඡාවක් ඔබාමා පවත්වා ඇත.
උතුරු කොරියාව පසුගිය අඟහරුවාදා සිදු කළ න්‍යෂ්ටික පරික්ෂණය 2006 සහ 2009 යන වසරවල සිදු කළ පරීක්ෂණවලට වඩා බෙහෙවින් ප්‍රබල එකක් බව අමෙරිකන් සහ දකුණු කොරියන් විද්වතුන් ගේ මතයයි.

No comments:

Post a Comment