Sunday, February 24, 2013

පෙට්‍රල් රුපියල් 3කින් ඩීසල් රුපියල් 6කින් වැඩි කිරීමට ජනපති අණ කරයි


23 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.

ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත. 


එසේම රුපියල් 115ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 6න් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 121කි.

තවද සුපිරි ඩීසල් ලිටරයක් රුපියල් 3න් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 145කි.

කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115දක්වා වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
රටේ සෑම සිදුවීමක්ම අධ්‍යයනය කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම තෙල් මිල වැඩි කිරීමට අණ දී ඇත්තේ ජනතාවට තව තවත් සහන දීමේ අරමුණෙනි. 

No comments:

Post a Comment