Monday, February 25, 2013

වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණය ලබන අගෝස්‌තු මාසයේ


වයඹමධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණය ලබන අගෝස්‌තු මාසයේ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
වයඹ සහ මධ්‍යම පළාත් සභා මාර්තු මාසයේදී විසුරුවා හැර මාස තුනක්‌ ඇතුළත මැතිවරණය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණදමැතිවරණය කල්දැමිය යුතු බවට වූ යෝජනාවක් ක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයන් විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත්කර තිබේ.

මාර්තු මාසයේ විසුරුවා මැතිවරණයකට ගියහොත් ජනතාවට දරාගත නොහැකි ලෙස සිදුවන බඩු මිල වැඩිවීම, ඉන්දන මිල ඉහළ යාම, අවුරුදු සමයේ දැඩිසේ දැනෙන බැවින් ආණ්ඩු‍වට ලැබෙව ඡන්ද ඉන් අඩුවී යා හැකි බවත් මේ මොහොතේ ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය අඩිවී ඇති බැවින් එය දැඩි ‍සේ මැතිවරණයට බලපාන බවත් එහිදී පක්ෂ නායකයන් මතුකර ඇතැයි ආරංචිමාර්ග අනාවරණය කරයි.
එම නිසා අප්‍රේල් මස අවසන් සතියේ හෝ මැයි මස මුල් සතියේ වයඹ සහ මධ්‍යම පළාත් සභා විසුරුවා හැරීම සිදුකෙරනු ඇත.
ඒ අනුව වයඹමධ්‍යම හා උතුරු පළාත් සභා තුනෙහි මැතිවරණය අගෝස්‌තු මාසයේ එකම දිනයකදී පැවැත්වීමට රජය මැතිවරණ කොමසාරිස්වරයාට උපදෙස් දෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ මාධ්‍යවෙත පවසා ඇත.
මෙම තීරණය සම්බන්ධ යෝජනාව ලබන 27 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබේ.

No comments:

Post a Comment