Monday, February 25, 2013

22වැනි ජිනීවා සමුළුව අද ඉන්දියාව මෙවරත් ශ්‍රී ලංකාවට එරෙහිවේ


22 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අද 25 ජිනීවා නුවරදී ආරම්භ වේ. ඒ සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්‌ඩායමක්‌ ජිනීවා බලා ගොස් ඇත. ඊට අමතරව මෙරට අධිකරණ සහ ආරක්‌ෂක අංශවලට සම්බන්ධ නිලධාරීහු දස දෙනෙක්‌ දැනටමත් ජිනීවා වෙත ගොස්‌ තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‌ෂාවට සෘජුව මැදිහත්වෙමින් ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාවට ස්‌විට්‌සර්ලන්තයදකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමයද සහාය දැක්‌වීමට ඉදිරිපත්වී තිබේ.

මාර්තු 11 සහ 12 යන දෙදින තුළ පැවැත්වෙන මානව හිමිකම් සමුළු සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන විවාදයද මාර්තු 15 වැනි දින ශ්‍රී ලංකාවට අදාළ විශ්ව කාලාන්තර සමුළු වාර්තාව ගැන වූ විවාදයද පැවැත්වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ගෙන ඒමට නියමිත යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අමාත්‍ය වී. නාරායනසාමී උපුටා දක්වමින්
ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මේ පිළිබඳ වාර්තා කර තිබේ.

අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කරන බවට තමන් ඇතුළු තමිල්නාඩු අමාත්‍යවරුන් පිරිසකට පොරොන්දු වූ බව ද නාරායනසාමී මහතා පවසයි.
පසුගිය වසරේ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ යෝජනාවට ද ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව විසින් ඡන්දය භාවිත කරන ලදී. 

No comments:

Post a Comment