Sunday, February 10, 2013

පවිත්‍රාට විදුලිබල ඇමති කම ලැබුණු හැටි චන්දන සූරියආරච්චි දොඩංගස්ලන්දේදී පැහැදිලි කරයි


ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිනවල රට පුරා පවත්වමින් යනු ලබන "ජනතාව පෙළන පාලනයට එරෙහි වෙමු" ජනහමු මාලාවේ තවත් ජන හමුවක් පසුගිය 02වන දින දොඩන්ගස්ලනද ප‍්‍රදේශයේ ඔගොඩපොල නගරයේ පැවැත් විය. එහිදී අදහස් දැක්වූ අභ්‍යාස ලාභි උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු චන්දන සුරීයආරච්චි මහතා පවසා සිටියේ 
ආණ්ඩුව දෝෂාභියෝගයේදී සෑහෙන දෙනෙකුට පොරොන්දු දුන්නා.
ඒ දෝෂාභියෝගය  කථානායකතුමාට ගිහින් දුන්නේ භාර දුන්නේඑවකට විද්‍යා හා තාක්ෂණ ඇමතිවරියපවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය. අපේ රටේ අයවැය ලේඛනයෙන් ඉතාම ඉතා අඩුම මුදලක් වෙන් වෙන්නේවෙන් වන අමාත්‍යංශය තමයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යශය. ලංකාවේ අමාත්‍යශ වලින් අඩුම මුදල වෙන් කරන අමාත්‍යශය තමයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යශය. ලෝකේ වෙනත් රටවල් වැඩිපුර මුදල් වෙන් කරන්නේ විද්‍යාවට තාක්ෂණයට. ඇයි?දියුණු වෙන්න. නව පර්යේෂණ කරන්න. නව අත්හදා බැලිම් කරන්න. නමුත් මේ ආණ්ඩු අඩුම මුදල වෙන් කරන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යශයට. අපි ඒක පැත්තකින් තියමු.ඒ අමාත්‍යංශයේ ඇමතිවරිය තමා පවිත‍්‍රා වන්නි ආරච්චි මහත්මිය. එතුමිය තමයි තව ගෝල බාලයෝ කිහිප දෙනෙක් එක්ක ගිහිල්ලා පාර්ලීමේන්තුවේදී අර සුදු කොළ වලට ගත්තු අත්සන් ටිකත් එක්ක චෝදනා පත‍්‍රය භාර දුන්නේ කථානායක තුමාට. ඒක ලොකු වැඩක්. හිස් කොළ වලට අත්සන් ගත්තු ලේඛනයක්. ඊට පස්සේ චෝදනා ටික එකතු කරල ඒක උඩට,ඒ චෝදනා පත‍්‍රය දෝෂාභියෝගය විදිහට භාර දුන්න එක ලොකු වැඩක්. ඒක පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය  තමයි කලේ. මොකද කලේ දෝෂාභියෝගය ඉවර වෙලා. පාරලීමේන්තුවේ කැබිනට් එකේ ඒ කුට්ටම ආපහු ඇනුවා. අනල දැන් කට්ටියව ආපහු වෙන් කළා. මොකක්ද කලේ?දෝෂාභියෝගය භාර දීමේ ඒ රාජපක්ෂ පවුලේ උවමනාව ඉටු කිරීම සදහා පවිතා වන්නිආරච්චි මහත්මිය කරපු කැපකිරීමට පාඨලි චම්පික මහත්තය කරමින් උන්නු විදුලි බල අමාත්‍යාශය දුන්නා පවිත‍්‍රා වන්නි ආරච්චි මහත්මියට. එතුමියගෙන් ඊයේ පෙරේදා මාධ්‍යවලින් සම්මුඛ පරීක්ෂණයක් ගන්න කතා කරල තිබ්බා. අනේ මට නම්  ඕවා ගැන ගැන කියන්ඩ දන්නේ නැහැ. විදුලි බලය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මම කියන්නේ චම්පික රණවක මහත්තයා හොදයි කියල නෙමේ. නමුත් පාඨලි චම්පික රණවක කියන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජීනේරු පිඨයේ විදුලි ඉංජිනෙරුවක් විදිහට උපාධියක් සහිත පුද්ගලයෙක්. එතකොට විදුලි බල මණ්ඩලේ හිටපු විදුලි ඉංජීනේරුවරයා අමාත්‍යවරයා ඉවත් කරල මොනවත් දන්නේ නැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට දෙනවා විදුලි බල මණ්ඩලය. අරමුණු කීපයක් තියෙනවා. හෙට අනිද්දා,හෙට එළි වෙනකොට කියන්න බැහැඑහෙම නැත්නම් නිදහස් උත්සවේ ඉවරවෙලා අගහරුවාදා දද කියලා කියන්න බැහැ. නමුත් විදුලි බිල ඉහල යාමේවිදුලි බිල ඉහළ දැමීමට ආණ්ඩුව තීන්දුවක් අරන් ඉන්නවා. ඒ තින්දුවට චම්පික මහත්තයා එකග නැහැ. එයා කීවා මේ මේ අමාත්‍යංශ වලින් අපට ණය තියෙනවාවිදුලි බල මණ්ඩලේට.ඒවා වලින් ණය ගෙව්වොත් අපිට විදුලි බිල ඉහල දාන්න  ඕනා වෙන්නේ නැහැ. පෙට්‍රොලියම් මෙච්චරයි. අහවල් අමාත්‍යශයෙන් මෙච්චරක් ණය තියෙනවා කියල. ඒ ණය ටික විදුලි බල මණ්ඩලේට දුන්නොත් විදුලි බිල ඉහල දාන්න ඕනා වෙන්නේ නැහැ. දැන් ඒක කරන්න පුලූවන් දෙයක් නෙමෙයි.ඒක නිසා දැන් ආණ්ඩුව විදුලි බිල ඉහල දාන්න යනවා. ඒ අනුව දැන් චම්පික මහත්තයා මෙකෙන් ඉවත් කර ගන්ඩ  ඕනා. ඒ ඉවත් කර ගැනීම සදහා මොකද කලේ. පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට මේක තියලචම්පික මහත්තයට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරය දුන්නා. දැන් කැබිනට් එකේ 65 යි. දැන් මොකක්ද වෙලා තියෙන්නේ අලූත් කැබිනට් සංශෝධනයෙන්. විදුලි බලය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට. හුලං බලය සුසිල් පේ‍්‍රමජයන්ත මහත්තයට. කලින් තිබුනේ විදුලි හා බල ශක්ති. එතකොට හුලං කියන්නේ බල ශක්තියක්. දැන් හුලං තියෙන්නේ  පුනර්ජිවන මොකක්ද විෂයක් දාලාදැන් ඒක තියෙන්නේ පරිසර හා පුනර්ජීව මොකක්ද දාලා ඒක දැන් සුසිල් පේ‍්‍රමජයන්ත මහත්තයට. එතකොට හුලං සුසිල් පේ‍්‍රමජයන්ත මහත්තයට. විදුලි බල පවිත‍්‍රා වන්නි ආරච්චි මහත්මියට. පරිසරය සුසිල් පේ‍්‍රමජයන්ත මහත්තයට.පරිසරයේ ඉන්න සත්තු ටික විජිතමුණි සොයිසා මහත්තයට.

No comments:

Post a Comment