Tuesday, February 5, 2013

හයිබ්‍රිඩ් සතුරා පැරදවීමට 06වැනිදා හයිඩ් එන්න-පූජ්‍ය දඹර අමිල හිමි

අධිරාජ්‍යවාදයරටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී සිටිමින් සිටින බවත් ඔවුන්ගේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේග ඒකරාශී විය යුතු බවත් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

උන් වහන්සේ මෙම අදහස් පළකළේ 03 කොළඹ ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමිල හිමියන් ප්‍රකාශ කළේඅධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය ලෙස එළඹෙන 06වනදා පා ගමන් දෙකක් සහිත දැවැන්ත රැලියක් හයිඩ් පිටියේ සූදානම්කර ඇති බවත් ඒ සඳහා රටට ආදරය කරන සියලූ දෙනාට ආරාධනා කරන බවත්ය.
"අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරුජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත,අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක මණ්ඩල සභික,ශී්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය දේවක පුංචිහේවාඅධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක මණ්ඩල සභික අන්තර් සමාගම් සේවක සංගමයේ සංවිධායක ලේකම් වී.අයි. ආබ්දීන්අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක මණ්ඩල සභිකආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විෙජ්රත්න යන මහත්වරුන්ද එක්ව සිටි මෙම මාධ්‍ය හමුවේදී පළවූ වැඩිදුර කරුණු දැක්වීම් මෙසේය.
අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය එළඹෙන 06වනදා පා ගමන් දෙකක් සහිත දැවැන්ත රැලියක් සූදානම්කර තිඛෙනවා. පා ගමන් දෙකින් එකක් ලේක්හවුස් වටරවුමෙනුත් අනෙක පුංචිබොරැල්ල මංසන්ධියෙනුත් ආරම්භ වී හයිඩ් පිටියේ පැවැත්වෙන දැවැන්ත රැලිය දක්වා යාමට නියමිතයි. මෙම පා ගමන් සහ රැලිය සංවිධානය කිරීමට අදාල කරුණු පැහැදිළි කිරීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණයි. මේ මොහොත වනවිට මේ රටට නායකත්වය සැපයිය යුතු අවස්ථාවක් එළඹ තිඛෙනවා. විශේෂයෙන්ම ජනතා බලවේග ගොඩනැංවිය යුතු අවස්ථාවක් එළඹ තිඛෙනවා. එසේ වන්නේ රට දැවැන්ත අනතුරකට පත්වීමේ ලකුණු පෙනෙන්නට ඇති නිසයි. මෙම බලවේග ඒකරාශී කිරීම කාලීන අවශ්‍යතාවයක්. පිරිසිදු අරමුණු සහිත පුළුල් ජන බලවේග ඒකරාශී වීමෙන් පමණයි රටට වන විපත වැළැක්විය හැක්කේ. එබැවින් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය ලෙස අප සංවිධානපුද්ගලයින්,වැඩකරන ජනතාව ඇතුලූ පුළුල් ජනතා බලවේග ඒකරාශී කර තිඛෙනවා. සැබැවින්ම ගත්තොත් මෙය මංගල එළිදැක්වීම ලෙසත් හැඳින්විය හැකියි.
අද අපට ද්විත්ව සතුරෙක් හඳුනාගත හැකියි. ඒ අධිරාජ්‍යවාදී බලවේගවලට රටට පාර කපන ආණ්ඩුවයි. ආණ්ඩුව මානව හිමිකම් කඩමින් ප්‍රජාතන්ත්‍රවාදය වළලමින් අධිරාජ්‍යවාදීන්ටරටට මැදිහත්වීමට ඉඩකඩ හදනවා. ජනමාධ්‍යවේදන්ට තර්ජනය කිරීම්අතුරුදහන් කිරීම්මාධ්‍ය ආයතන ගිණි තැබීම්සිදුකරමින් ජනතාවට ආණ්ඩුවේ සැබෑ ස්වරූපය කාන්දු වීම වළකාලීමට උත්සාහ කරනවා. සියලූ මාධ්‍ය හිරිවට්ටවා තිඛෙනවා. මාධ්‍යවල නිසි ලෙස රටේ සිදුවන දේ වාර්තා නොවන්නේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයක් නිසා නොවෙයි. ආණ්ඩුවේ මැරවර හැසිරීම නිසයි.
අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව අනුව අධ්‍යාපනය විකිණීමට ආණ්ඩුව සැරසෙමින් සිටිනවා. ඊට බාධාවක් වන ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. මෙවර උසස් පෙළ සමත්වීමේ ප්‍රතිශතය 61%කට වැඩි අගයක් බවට පත්කර තිඛෙනවා. එය දළ වශයෙන් එක් ලක‍ෂ හතලිස් හතරදාහක් පමණ. මෙයින් විශ්වවිද්‍යාලවලට බඳවාගත හැක්කේ 25"000ක පමණ ප්‍රමාණයක්. එසේ තිබියදී වැඩි ප්‍රතිශතයක් සමත් කිරීම තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉතුරු ශිෂ්‍ය පිරිස තල්ලූ කිරීමේ කුමන්ත්‍රණයක් විය හැකියි. ඒ පිළිබඳව බරපතල සැකයක් අපට තිඛෙනවා. දැනට ගම්පහ ප්‍රදේශයේ ආණ්ඩුවේ මැදිහත්වීම මත පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩම් වෙන්කරමින් තිඛෙනවා. ජනතා විරෝධය මත හකුළා ගත් අධ්‍යාපනය පෞද්ගලීකරණ පනත් අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ලෙස නැවත ගෙනඒමට උත්සාහ කරනවා.
ආණ්ඩුව මැතිවරණ සිදුකරන ආකාරය පිළිබඳවත් රටේ ජනතාව අමුතුවෙන් කිවයුතු නැහැ. රාජ්‍ය සම්පත්රාජ්‍ය දේපළරාජ්‍ය මාධ්‍යරාජ්‍ය නිලධාරීන් සියල්ල ආණ්ඩුව වෙනුවෙන් පාවිච්චි කරගන්නවා. ආසන්නම සිදුවීම ගත්තොත් අගවිනිසුරුවරිය ඉවත්කිරීමේ ප්‍රජාතන්ත්‍රවිරෝධී කි්‍රයාවලිය රටට හතුරු ප්‍රතිඵල ගෙනඑමින් තිඛෙනවා.
ආණ්ඩුව රටේ වටිනා ඉඩම් සම්පත් අධිරාජ්‍යවාදීන් අතට,බහුජාතික සමාගම් අතට පත්කරමින් තිඛෙනවා. ගොඩ ඉඩම්,මඩ ඉඩම්වගුරු බිම්සියල්ල 99 අවුරුදු බදු මත අධිරාජ්‍යවාදීන් අතට පත්කරමින් තිඛෙනවා. මෙම භූමි බොහොමයක් රටේ ආර්ථීකය පැත්තෙන්ආරක‍ෂාව පැත්තෙන් මර්මස්ථාන ලෙස හඳුනාගතහැකි භූමි භාගයන්. ඒවා සියල්ල විදේශිකයන් අතට පත්කරමින් තිඛෙනවා. රට අස්වැද්දිය යුතු ගොවිබිම් විජාතිකයන්ට පවරමින් සිටිනවා. ඩෝල් සමාගමට පවරමින් ඇති අක්කර දහස් ගණන එක් නිදසුනක් පමණයි. ආණ්ඩුවේ අධිරාජ්‍යගැති ආර්ථීක පිළිවෙත නිසා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව විශාල වශයෙන් අඩුකර තිඛෙනවා. රාජ්‍ය සේවකයන්ට ණය නිකුත් කිරීම පවා නවතා තිඛෙනවා. ජීවන වියදම අහස උසට නැග තිඛෙනවා. ඉතිහාසයේ කවරදාවකවත් නැති ලෙස එළවලූ මිල ඉහළ ගොස් තිඛෙනවා. මේගොවිබිම් බහුජාතිත සමාගම්වලට පවරා දීම නිසයි.
මේවන විට රට තුළ මුස්ලිම් විරෝධයක සළකුණු මතුකරමින් තිඛෙනවා. 30 වසරක යුද්ධයේ තුවාල තවමත් සුවවී නොතිබියදී මුස්ලිම් විරෝධයක් ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව මතුවෙමින් තිඛෙනවා. අප විශ්වාස කරන අන්දමට මේ කණ්ඩායම් වල හැසිරීම මගින් සිදුවන්නේ ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතා ඉටුවීමක්. අප දන්නවා යුදමය පෙරමුණ මගින් අධිරාජ්‍යවාදීන්ට රට කැබළිකර දුබල කරගන්න බැරි වුණා. නමුත් ඔවුන් ඒතුළ සිංහලදෙමළ ජාතිකත්වයන් අතර මිත්‍රත්වයසහෝදරත්වය බිඳ දැමීමට සමත් වුණා. යුද්ධය අවසන් වී වසර තුනක් ගතවී තිබුණත් ඒ දුරස්වූ මිත්‍රත්වය සමීප කරනවා වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ තුවාල පාරවන කටයුතුයි.
අධිරාජ්‍යවාදී බලවත් රටවල් තමන්ගේ සුඛෝපභෝගී ජීවිත පවත්වාගෙන යාම සඳහා පරිධියේ රටවල් සූරාකමින් සිටිනවා. ඔවුන් අපවැනි රටවලට මැදිහත්වීමේ අරමුණ එයයි. එක්සත් ජාතීන්පොදුරාජ්‍ය මණ්ඩලය වැනි ආයතනවලට බළල් අත් ඔවුන් ඒ සඳාහා පාවිච්චි කරමින් සිටිනවා. නැගෙනහිර ටිමෝරය වෙන් කිරීමදකුණු සුඩානය වෙන් කිරීමවැනි දේ වලට ජනමත විචාරණ පාවිච්චි කෙරුණා. දැන් අධිරාජ්‍යවාදීන් උතුරු නැගෙනහිර එක් කිරීම සඳහා ජනමත විචාරණයක් ගෙන ඒමට උත්සාහ කරමින් ඉන්නවා. සිංහල,මුස්ලිම් විරෝධය පිළිබඳ කරුණ සළකා බැලිය යුත්තේ මේ තත්වය උඩයි. නැගෙනහිර පළාතේ ජන සංයුතිය ගතහොත් සෑම ජාතිකත්වයකටම දළ වශයෙන් 33% බැගින් පවතිනවා. ඒ තත්වය අනුව මුස්ලිම් ජන ප්‍රජාව එම පළාතේ තීරණාත්මකයි. ජනමත විචාරණ කි්‍රයාවලියකදී මුස්ලිම් ප්‍රජාව සිංහල ප්‍රජාව සමග එක්ව කටයුතු කිරීම වළකාලීමට අධිරාජ්‍යවාදීන් උත්සාහ කරනවා. එම එකතුවීම වැලැක්වීමට කෘති්‍රම භේදයක් වපුරමින් සිටිනවා. මෙම විරසක කිරීම කුමන්ත්‍රණයක්. බොදු බල සේනා මගින් කරළිගත කරන්නේ එයයි. උතුරු නැගෙනහිර එකතුකර ඊළමක් කරා අධිරාජ්‍යවාදීන් සිහින දකිනවා. ඒ ඔවුන්ගේ රෝඩ් මැප් එකේම කොටසක්. මුස්ලිම් විරෝධයේ පදනම මත මුස්ලිම් ජාතිවාදී නායකයන්ටත් ඔවුන් වටා මුස්ලිම් ජනතාව ඒකරාශී කිරීම පහසු කරවනවා. එය හකීම් වැනි ජාතිවාදී නායකයින්ට මුස්ලිම් ජනතාව තමන්ගේ ඔඩෙක්කුවට දමා ගැනීමට පහසු කරවන අතර මහින්ද රාජපක‍ෂට සිංහල බෞද්ධ ඡන්ද තමන්ගේ ඡන්ද ගොඩට තල්ලූ කරවනවා. ආණ්ඩුව ඉඩදී ඇත්තේ අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ලෙස ජාතිවාදය කළමනාකරණය කිරීමේ කටයුත්තටයි.
මීට එරෙහිව සිංහලදෙමළමුස්ලිම් ජනතාව ඒකරාශී කළ යුතුයිබලලෝභය වෙනුවෙන්ඡන්ද වෙනුවෙන් දුරදිග නොබලා කරන මෙම කටයුත්තෙන් රටට සිදුවන හානිය අතිවිශාලයි. අධීරාජ්‍යවාදීන්ට මේ රට පිළිකන්නක් වියයුතු නැහැ. ආර්ථීකසමාජයීයදේශපාලන නිදහස අපේ රටට තිබිය යුතුයි. එසේම ජාත්‍යන්තරය සමඟ බුද්ධිමත්ව සිදුකරන රාජ්‍යතාන්ති්‍රක සබඳතාද අපේ රටට අවශ්‍යයයි. සිංහළ,දෙමළමුස්ලිම්බෞද්ධකි්‍රස්තියානිහින්දුඉස්ලාම් විවිධත්වයේ චමත්කාරය ලාංකේය ජාතියට අප උරුම කරදිය යුතුයි. මේ සියලූ ජනතාව පක‍ෂ භේදයක් නොමැතිව ශ්‍රී ලංකායු.ඇන්.පී. පක‍ෂවල පවා රටට ආදරය කරන සියලූ දෙනාට ඒ සඳහා ඒකාබද්ධ විය හැකියි. රටට හතුරු බලවේග හඳුනා ගැනීමට හයිබි්‍රඩ් සතුරන්ට එරෙහිව පෙළ ගැසීමට හයි‍බ්‍රිඩ් සතුරා පැරදවීමට එළඹෙන 06වනදා අප සංවිධානය කරන පා ගමන්වලට හා රැලියට සහභාගි වන ලෙස සියලූ ජනතාවට ඇරයුම් කරනවා."

No comments:

Post a Comment