Saturday, February 2, 2013

කුරුණෑගල ව්‍යාජ කච්චේරියක් වටලයි

කුරුණෑගල ඔරලෝසු කණුව හන්දිය අසළ දී ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මොහු විසින් ව්‍යාජ උප්පැන්න, මරණ, විවාහ සහතික ඇතුළු වෙනත් ලිපි ලේඛන සකස් කර ඇති බව සඳහන්ය. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ 62 හැවිරිදි වූ පොතුහැර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි . 


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී රජයේ නිලධාරීන්ගේ රබර් මුද්‍රා කිහිපයක් ද, ව්‍යාජ ලිපි ලේඛන කිහිපයක්ද, ඡායා පිටපත් යන්ත‍්‍රයක් ද කුරුණෑගල පොලීසිය විසින් සොයාගෙන තිබේ. 

සැකකරු අද කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

No comments:

Post a Comment