Sunday, February 3, 2013

කියුබානු BTI බැක්ටීරියාව ගුවනින් ඉසීම කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් අරඹයි


නියාමන ව්‍යාපෘතියක් වශයෙන් ඩෙංගු මර්දනයේ දී බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර අවසන් කර තිබේ. එය ඉදිරි දින කීපය තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙම ව්‍යාපෘතිය සඳහා ලැබුණහොත් මාර්තු 15 දින කොළඹ නගර සභා බල ප්‍රදේශය, දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශය,කොලොන්නාව නුගේගොඩ යන ප්‍රදේශවලට ගුවනින් බී.ටී.අයි. බැක්ටීරියාව ඉසීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 56%ක්ම වර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙන් වන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මෙම වසරේ දී ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් යැයි සැක කෙරෙන පුද්ගලයින් 2775ක් වාර්තා වී තිබෙන අතර, ඉන් සියයට 43.8%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

No comments:

Post a Comment