Sunday, February 3, 2013

අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය එළඹෙන 06වනදා පා ගමන් දෙකක් සහිත දැවැන්ත රැලියක් හයිඩ් පිටියේ සූදානම්කරයි


අධිරාජ්‍යවාදයරටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී සිටිමින් සිටින බවත් ඔවුන්ගේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේග ඒකරාශී විය යුතු බවත් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

උන් වහන්සේ මෙම අදහස් පළකළේ අද (03) කොළඹ ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමිල හිමියන් ප්‍රකාශ කළේඅධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය ලෙස එළඹෙන 06වනදා පා ගමන් දෙකක් සහිත දැවැන්ත රැලියක් හයිඩ් පිටියේ සූදානම්කර ඇති බවත් ඒ සඳහා රටට ආදරය කරන සියලූ දෙනාට ආරාධනා කරන බවත්ය.
"අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරුජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත,අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක මණ්ඩල සභික,ශී්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය දේවක පුංචිහේවාඅධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක මණ්ඩල සභික අන්තර් සමාගම් සේවක සංගමයේ සංවිධායක ලේකම් වී.අයි. ආබ්දීන්අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක මණ්ඩල සභිකආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විෙජ්රත්න යන මහත්වරුන්ද එක්ව සිටි මෙම මාධ්‍ය හමුවේදී පළවූ වැඩිදුර කරුණු දැක්වීම් මෙසේය.

No comments:

Post a Comment