Sunday, February 3, 2013

මුස්ලිම් ජනතාවට එ‍රෙහිව ප්‍රචණ්ඩත්වයක් මතුවුවත් ඊට එරෙහිව ආණ්ඩුවේ පියවර ප්‍රශංසනීයයි - මුස්ලිම් නායකයෝ කියති


ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් බෞද්ධ සංවිධාන මගින් කලක් මුළුල්ලේ ගෙන යන ප්‍රචාරවලට ප්‍රතිචාරය පළ කිරීම පිණිස කොළඹ පැවති මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කැදවා තිබුණි. මුස්ලිම් ජනතාවට එරෙහිව රට තුලින් මතුවෙමින් තිබෙන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම් වස් ආණ්ඩුව ගෙන තිබෙන පියවර පිළිබඳව සෑහීමකට පත්වන බව මෙහිදී මුස්ලිම් නායකයෝ අවදාරණය කලහ.

අල් කයිඩා සහ තාලිබාන් සංවිධාන ශ්‍රී ලංකාවේ තහනම් කළ හොත්, රටේ මුස්ලිම් ජනතාවට හිරිහැර කිරීම සඳහා එම නීති යොදාගැනීමේ අවදානමක් පවතින බවත් අවබෝධයකින් තොරව මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය විවේචනය නොකරන මෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලීමක් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ නියෝජිතයෝ මුස්ලිම් ජනතාව කිසිදු අවස්ථාවක රටට ද්‍රෝහී වී නැති බවත් විශේෂයෙන්ම රහසිගත ජිහාඩ් සංවිධානයක් පිළිබඳව පළ වන ප්‍රචාරයන් ද තරයේ ප්‍රතික්ෂේප කළේය.
මුස්ලිම් ප්‍රජාව අතර අන්තවාදීන් සිටින්නේ නම් ඔවුන්ට දඬුවම් පැමිණවීම පිළිබඳව තම සංවිධානයේ කිසිදු විරෝධයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
වෙළඳපොළට නිකුත් කෙරෙන මස් වවලට හලාල් සහතිකය නිකුත් කිරීම මගින් ජමියතුල් උලමා සභාව විශාල ආදායමක් උපයා ගන්නා බවට එල්ල වන චෝදනා ද මුස්ලිම් නායකයෝ ප්‍රතික්ෂේප කළහ.
එම සහතිකය නිකුත් කිරීම කිසිදු ආකාරයක ව්‍යාපාරයක් නොවන බව අවධාරණය කළ ජනාධිපති නීතිඥ අලි ශබ්රි, එය හුදෙක්ම මුස්ලිම් ජනතාව වෙනුවෙන් සැපයෙන සේවාවක් බව ද පැවසීය.
මුස්ලිම් ජනතාවට එරෙහිව රට තුලින් මතුවෙමින් තිබෙන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම් වස් ආණ්ඩුව ගෙන තිබෙන පියවර පිළිබඳව සෑහීමකට පත්වන බව ද මුස්ලිම් නායකයෝ නැවත වරක් ශපත කලහ.

No comments:

Post a Comment