Sunday, February 3, 2013

ජාත්‍යන්තර නීතීඥයින්ගේ වීසා අවලංගු කරයි


ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සොයා බැලීම පිණිස ඉහල පෙළේ ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ඇතුළු දූත පිරිසක් (ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිළිබඳ ආයතනය (ඉබාරි)) පෙබරවාරි පළමු වැනි දින සිට දස වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබිණ.
දූත පිරිසේ එක් සාමාජිකයෙකුට ජනවාරි වැනි දින වීසා බලපත් නිකුත් කළ ශ්‍රී ලංකා ආණ්ඩුව, අවසාන මොහොතේ එනම්
පසුගිය ජනවාරි 29 වැනි දින එම බලපත්‍රය අවලංගු කළ බව ඉබාරි ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
දූත පිරිසේ අනෙක් සාමාජිකයන්ට ඒ සඳහා අවසර දීම ජනවාරි 29 සහ 30 දිනවල ප්‍රතික්ෂේප කෙරුණු බව ද එහි සඳහන් වේ.
ඒ පිළිබඳව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිය බරපතල විරෝධය පළ කළ බව පවසන ඉබාරි ආයතනය, තත්ත්වය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා අදාළ බලධාරීන් සමඟ ක්‍රියා කිරීමට සූදානම් බව ද සඳහන් කරයි.

No comments:

Post a Comment