Sunday, February 3, 2013

දේශසීමා අතර දිවෙන ගංගාවන්ගේ උපයෝජනය සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියාකරන බව චීනය කියයි


ඉන්දියාවත් අසල්වැසි තිබ්බතයත් අතර ජලය බෙදාහදා ගන්නා බ්‍රහ්ම පුත්‍ර (තිබ්බතයේදී යාලුන් සැංපෝ) ගංගාවේ අලුතින් ජල විදුලි බලාගාර 03ක් ඉදිකිරීමට චීනය සැලසුම් කරන බවට පළවුණු මාධ්‍ය වාර්තාවකට පසු තම රටේ ගංගා අයිතින් කෙරේ ගරු කරන ලෙස ඉන්දියාව පෙරේදා චීනයෙන් ඉල්ලා තිබේ.
බ්‍රහ්මපුත්‍ර නදියේ සිදුවන වර්ධනයන්පිළිබඳව ඉන්දීය රජය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමින් සිටින බව පවසන ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක සයිද් අක්බරුදින් ඉහළ නදී ප්‍රදේශවල
සිදුකරන ක්‍රියාදාමයන්ගෙන් පහළ නදී ප්‍රදේශවලට හානියක් සිදු නොවීමට වගබලා ගන්නා ලෙස චීනයෙන් ඉල්ලා සිටින්නේයැයි කියා ති‍බේ.
පසුගිය සතියේ චීන රජය සිය වෙබ් අඩවියක ඇතුළත්කර තිබුණු නිවේදනයකින් කියා තිබුණේ ජලවිදුලි බලාගාර ඉදිකිරීම ප්‍රවර්ධනය කෙරෙන අතර යාලුංසැංපෝ නදියද ඊට ඇතුළත් බවය‍. ඒ සමගම චීනය හැමවිටම දේශසීමා අතර දිවෙන ගංගාවන්ගේ උපයෝජනය සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියාකරන බව ත් මෙහිදී ඉහළ හා පහළ ගංගා ද්‍රෝණිවල අයිතීන් සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක අධ්‍යයන හා සැලසුම් මත පමණක් ක්‍රියකරන බවත් චීන විදේශ අමාත්‍යාංශය කියා ඇත.

No comments:

Post a Comment