Sunday, February 3, 2013

සමාජවාදය හැර වෙන කිසිම උත්තරයක් නැහැ - ටිල්වින් සිල්වා කියයි

වී.අයි. ලෙනින් මරණයට පත්වී දැනට වසර 89ක් ගෙවී හමාරය. ඒ වෙනුවෙන් ලෙනින සමරුවක් සමාජවාදී කම්කරු සංගමය විසින් පැවැත්වූ අතර එහි ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලිවින් සිල්වා මහතා විසිනි. එම දේශනය කොළඹමහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2013.01.21 දින පැවැත්විණි. එහිදී ‍ජවිපෙ ප්‍රධාන ලෙකම් ටිල්වින් සිල්වා මහතා විසින් කළ සමරැ දේශනය මෙසේ පල කර සිටිමු.



වර්තමානයේ ජීවත්වන අපට ලෙනින් සම්බන්ධ වන්නේ කොහොමදඅපේ රටේ මේවන විට දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් තිඛෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවක ලෙනින් ගැන කතා කරන්නේ මොකදකාට හරි එහෙම හිතෙන්න පුළුවන්. අපේ රට මේ වනවිට දැවැන්ත ආර්ථීක ප්‍රශ්න ගණනාවකට මුහුණදීලා තිඛෙනවා. අනෙක් පැත්තෙන් අධිකරණය සම්බන්ධ ප්‍රශ්න. ගොවීන්ගේ ප්‍රශ්නධීවරයින්ගේ ප්‍රශ්නබඩු මිල ආදී ප්‍රශ්නවලින් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නවා. අපිට මේ අවුරුද්ද ආරම්භ කරන්න වුණේ රු.10කින් තෙල් මිල ඉහළ යාමත් සමගින්. ඒ වගේම ගෑස් මිල රුපියල් 150කින් වැඩිකරමින් තමයි ආණ්ඩුව අලූත් අවුරුද්ද ආරම්භ කළේ. ඒ වගේම එළවලූ මිල අධික ලෙස ඉහළ යමින් තිඛෙනවා. අනෙක් පැත්තෙන් මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙමින්අහෝසි වෙමින් යනවා.
ආණ්ඩුව තමන්ගේ බලය වැඩි කරගන්න ගෙනාපු 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට අධිකරණය තමන් යටතට අත්පත් කර ගැනීමඅත් අඩංගුවට ගත් අයෙකු පැය 48ක් රඳවාගැනීමේ විශේෂ විධිවිධාන පනත දක්වා ගත්තාම ආණ්ඩුව ඒකාධිපති ගමනක් යාමට න්‍යාය පත්‍රය සකස්කරමින් සිටිනවා. ලබන මාර්තු මාසයේදී මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට නියමිතව තිඛෙනවා. එවැනි කරුණු විශාල ප්‍රමාණයක් තිඛෙන අවස්ථාවක තමයි අප අධිරාජ්‍යවාදයට එරෙහි මතවාදී ප්‍රහාරකයා වූ ලෙනින් සහෝදරයා ගැන කතා කරන්නේ.
වී.අයි. ලෙනින් මිය ගියේ 1924 ජනවාරී 21 දිනයේ. ලෝකයට සමාජවාදය පිළිබඳ යථාර්තය කියා දුන්නේ ලෙනින් විසින්. ලෙනින් මිය ගිහින් දැනට වසර 89ක් ගත් වෙලා තිඛෙනවා. වර්තමානයේ අප ජීවත් වන්නේ ලෙනින් විසින් මීට වසර 90කට කලින් හඳුනාගත් අධිරාජ්‍යවාදී යුගයකයි. මුලින්ම එය හඳුනාගත්තා පමණක් නොවේ එය පරාජය කිරීමට උපාය උපක්‍රම නීර්මාණය කළේ ලෙනින්. දේශපාලනමය වශයෙන් සංවිධානමය වශයෙන් එම අරගලයට නායකත්වය ලබාදුන්නේ ලෙනින් විසින්.
මේ කාලෙත් ආණ්ඩුව ඇතුලේ අධිරාජ්‍ය විරෝධය ගැන කතා කරන ගිරව් ටිකක් ඉන්නවා. මහින්ද රාජපක්ෂගේ කූඩුව ඇතුලේ ඉඳන් තමයි ඒ ගිරව් කෑගහන්නේ. ඒ අයගේ බොරු දේශප්‍රේමයෙන් ජනතාව නොමග යන්න පුළුවන්. ඒ බොරුව කුමක්ද යන්න ගැනත් ඇත්ත අධිරාජ්‍යවාදය පරාජය කරන්නේ කාහොමද කියලත් ජනතාව නිවැරදිව අවබෝධ කරගත යුතුයි.  පළමුවෙන්ම අධිරාජ්‍යවාදයට මරණීය ප්‍රහාරයක් එල්ල කළේ ලෙනින්. අධිරාජ්‍යවාදය පරාජය කර සමාජවාදී රුසියාවක් ගොඩනැගුවා. ලෙනින්ගේ මරණින් පසු එම සමාජයට සමාජවාදය ආරක්ෂා කර ගැණීමට නොහැකි වුණත් ලෝකයේ ජතාවගෙන් පහෙන් එකක් අධීරාජ්‍යවාදයෙන් මුදා ගැනීමට ලෙනින් සමත් වුණා. ලෙනින් ඉපදුනේ වැඩවසම් සාර් රුසියාවේ. ඔහු නීතිඥයෙක්. ඔහුට රාජාණ්ඩු පාලනය තුළ සැපවත් ජීවිතයක් ගත කිරීමට ඇවස්ථාව තිබුණත් ඔහු තමන්ගේ ජීවිතය කැප කළේ සාර් පාලනයෙන් පීඩාවට පත් ජනතාවට විමුක්තිය දිනාදීමටයි. එයට ඔහුට ලැබුණු දඩුවම වූයේ අති දුෂ්කර රටක් වන සයිබීරියවට පිටුවහල්වීමටයි. නමුත් ලෙනින් එයින් දූර්වල වූයේ නැහැ. ඔහු ඉතා දක්ෂයෙක්. බුද්ධිමතෙක්. සාර්ගේ කෘෘරත්වයට එරෙහිව ජනතාව වෙනුවෙන් අරගලයට පණ පෙව්වා. අධිරාජ්‍යවාදය මතවාදීව පරාජය කරලා සමාජවාදී සෝවියට් රුසියාව ගොඩ නැගුවා. ලෙනින් පොතේගුරුවාදි මාක්ස්වාදියෙක් නොවේ. තමන් විශ්වාස කළ එම දර්ශනය වෙනුවෙන් ප්‍රායෝගිකව මැදිහත්වුණා. ඒ වෙනුවෙන් සියලූ කැපවීම් කළා.
20 වන සියවසේ සමාජවාදය අරුණලූ ලෝකයට ගෙනාවේ ලෙනින්. ලෙනින් විසින් හඳුනාගත් අධිරාජ්‍යවාදය යනු කුමක්දලෙනින් කිව්වා¦ ධනවාදය කිසියම් කාලයක් ගතවෙද්දී අලූත් අවධියකට පය තබනවා. ධනවාදය අර්බුදයට ලක්වෙන විට ප්‍රාග්ධනය එකතුවෙමින් ඒකාධිකාරයක් බවට පත්වෙනවා. එය අධිරාජ්‍යවාදයයි. එය ධනවාදයේ අවසන් අවදියද වෙනවා කියලා. මෙම තත්වය මුලින්ම දැක්කේ ලෙනින්. ඔහු එය නිවැරදිනව විග්‍රහ කළා. ඔහු ඒ වෙනුවෙන් පොතක් ලිව්වා. අධිරාජ්‍යවාදය ධනවාදයේ ඉහළ අවධියයි යනුවෙන්. ධනවාදය අධිරාජ්‍යවාදය වූ පසු එය පරාජය කරන්න අරගලයක් ඇරඹුවා. අධිරාජ්‍යවාදය යනු වෙනත් සංකල්පයක් නොවේ. එය ධනවාදයේම ඒකාධිකාරී අවධියක්. ඊට ගැලපෙන ලෙස මාක්ස්වාදය සංවර්ධනය කළා. මාක්ස්වාදය බිහිවුණේ ධනවාදයේ මුල් අවධියේ. ලෙනින් අධිරාජ්‍යවාදී යුගයට ගැලපෙන ආකාරයට මාක්්ස්වාදය ගොඩනැගුවා. එනිසා අපි කියනවා එය මාක්ස් ලෙනින් වාදය කියලා. එම යුගයේදී ලෙනින් සමාජවාදයට අලූත් වැඩපිළිවෙලක් නිර්මාණය කළා. උපාය උපක්‍රම තේරුවා. රැසියානු කොමියුනිස්ට් පක්ෂය ගොඩනගලා මාක්ස්වාදය භාවිතයට නැගුවා. සෝවියට් දේශයේ නායකත්වයෙන් තුන්වෙනි ජාත්‍යන්තරය ගොඩ නැගුවා. ලෝකයේ අනෙක් රටවලට සමාජවාදය වෙනුවෙන් අධිරාජ්‍යවාදය පරාජය කිරීමට මතවාදී සහ ද්‍රව්‍යමය සහාය ලබාදුන්නා. අධිරාජ්‍යවාදය පරාජය කිරීමට නම් ලෝකයේ අධිරාජ්‍යවාදයට යටවී සිටින අනෙක් රටවල් අධිරාජ්‍යවාදී බූවල්ලාගේ අ`ඩුවලින් එකින් එක නිදහස් කරගත යුතු බව ලෙනින් දැක්කා. එම රටවල්වල කොමියුනිස්ට් පක්ෂවලට උපදෙස් ලබාදුන්නා. චීනය,වියට්නාමය එලෙස සමාජවාදය දිනාගත්තා.
අපි දැන් නූතන අධිරාජ්‍යවාදය පැත්තට හැරෙමු. ප්‍රාථමික සාමූහික සමාජයේ සිට වහල්වැඩවසම් සමාජය හරහා ධනවාදය තෙක් සමාජය සංවර්ධනය වූනා. අපේ රටට විශේෂයක් ලෙස ආසියාතික සමාජයක් ලෙස සමාජය ක්‍රමය හඳුනාගත්තා. කෙසේ වෙතත් 15-16 සියවස්වන විට ධනවාදය බිහිවුණා. එතැන් සිට අවුරුදු 500-600ක් ගත වු පසු ධනවාදය අධිරාජ්‍යවාදී අවධියට පය තැබුවා. ඒ 1900දී පමණ. එතැන් සිට අවුරුදු සියයක් පමණ මෙම අධිරාජ්‍යවාදී අවධිය පැවතගෙන යනවා. ඒ හරහා අද ලෝකය ම්ලේච්ඡ යුගයකට ළඟාවෙමින් යනවා. මේ වනවිට ලෝක යුද්ධ දෙකකට අප මුහුණ දීලා තිඛෙනවා. කෝටි ගණන් මිනිසුන් මරා දැම්මා. ධනපති රටවල් තමන්ට ලෝකය ඛෙදාගැනීම සඳහා යුද්ධ කළා. දෙවන ලෝක යුද්ධයේදී පමණක් මිනිසුන් කෝටි පහක් පමණ මියගියා. අධිරාජ්‍යවාදය කොතරම් කුරිරුදඒ විතරක් නොවෙයි ලෝකයේ ස්වභාවික සම්පත් විනාශ කරලා දැම්මා. පටු ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පෘථීවිය විනාශ කරලා දානවා. මේ අධිරාජ්‍යවාදය විශාල ප්‍රමාණයෙන් දුප්පතුන්නූගතුන් බිහි කළා. ලෝක ජනගහනයේ කෝටි 700න් කෝටි 100ක් නූගතුන්. අකුරු ලියන්න බැහැ. ඇති නැති පරතරය විශාල ලෙස වර්ධනය වෙලා. එවැනි අධිරාජ්‍යවාදී යුගයකයි අපි දුක්විඳිමින් ඉන්නේ.
ඔබ දන්නවා ලංකාවේ අයවැය හදන්නේ කවුද කියලා. ඔබ කල්පනා කරයි මුදල් ඇමති මහින්ද රාජපක්ෂයි,පී.බී. ජයසුන්දරයි කියලා. නමුත් එහෙම නෙමෙයි. ලංකාවේ අයවැය හදන්න උපදෙස් දෙන්නේ ලෝක මූල්‍ය අරමුදලයි. ඔවුන්ගේ උපදෙස් අනුව රුපියල බාල්දු කරනවා. බදු වැඩිකරනවා. අධ්‍යාපනය කපනවා. රූකඩ වගේ ආණ්ඩුවක් අපට තිඛෙන්නේ. නමුත් අධීරාජ්‍යවිරෝධීන් ලෙස රඟපානවා. එහෙම රඟපාන පාලකයින් තමයි ඉතාම නරක පන්නයේ දුෂ්ඨයින් වෙන්නේ.
අධිරාජ්‍යවාදය දැන් බරපතල අවධානමක ඉන්නේ. 2008දී සිදුවුණු ආර්ථීක අවපාතය තවමත් සමනය කරගන්න බැරිවෙලා තිඛෙනවා. ගොඩ ගන්න බැරිවෙලා තිඛෙනවා. ප්‍රාග්ධනය තවදුරටත් ප්‍රසාරණය වන්නේ නැහැ. නිෂ්පාදනය බිඳවැටිලා. එනිසා ධනපති රටවල් දැන් ලෝකය කොල්ල කන්න පටන්අරගෙන. මෙය මාක්ස් 1800 ගණන්වලදී දැක්කා.
ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් දැන් වෙනත් රටවල අභ්‍යන්තර ප්‍රශ්න හරහා රටවල්වල පාලනයට අතපොවමින් තිඛෙනවා. අධිරාජ්‍යවාදය නැවත රටවල් තමන්ගේ යටත් විජිත බවට පත්කරගන්න උත්සාහ කරමින් තිඛෙනවා. රටක පාලකයන් ඒකාධිපතියන් වූ විට එම රටවල්වලට අධිරාජ්‍යවාදයට මැදිහත් වෙන්න පහසුයි. ලිබියාට ඇතුල් වුණේ ඒ විදියටයි. රටේ ජනතාවගේ මානව හිමිකම් අහිමිවන විට අධිරාජ්‍යවාදීන් ඒවා පාවිච්චි කරමින් රටතුලට ඇතුල් වෙනවා. ඒ වගේ තමයි මහින්ද රාජපක්ෂ පාලනය අධිරාජ්‍යවාදයට පාරකපමින් ඉන්නේ.
මෙම කි්‍රයාවලිය ලෙනින් කල්තියා දුටුවා. ඔහු එය හඳුනාගත්තා. ලෙනින් හඳුනාගත් අධිරාජ්‍යවාදයේ විශේෂ ලක්ෂණ පහක් තිබුණා. එනම්ධනවාදයේදී නිෂ්පාදනය ප්‍රාග්ධන ඒකාධිකාරයක් බවට පත්වෙනවා. කාර්මික සහ බැංකු ප්‍රාග්ධනය මූල්‍ය ප්‍රාග්ධනය බවට පත්වෙනවා. වෙළෙඳ භාණ්ඩ වෙනුවට ප්‍රාග්ධන අපනයනය ආරම්භ වෙනවා. ලෝකය තමන් අතර ඛෙදාගන්න දැවැන්ත ධනපති හවුල් සමාගම් බිහිවෙනවා. ඒ වගේම ලෝකයේ ලොකුම ධනපති බලවතුන් අතර ලෝකය ඛෙදාගැනීමට තරඟයක් ඇතිවෙනවා. ඒ හරහා තමයි ලෝක යුද්ධයන් නිර්මාණය වෙන්නේ.
ලෝකය එහෙම තත්වයක තිබියදී අපේ රටේ පාකයෝ එම අධිරාජ්‍යවාදීන්ට අතවනමින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන්. මාලේ රාජ්‍යලිබියාව සිදුවන්නේ එයයි. අධිරාජ්‍යවාදය දැන් අනුගමනය කරන්නේ නව ලිබරල් ආර්ථීක උපක්‍රමයයි. නිදහස් යැයි කියාගන්නා ආර්ථීකයක්. ලංකාවේ හැත්තෑ ගණන්වල බිහිවුණු විවෘත ආර්ථීකය හරහා පළවෙනි ඉණිම ආරම්භ වුණා. දැන් මහින්ද රාජපක්ෂ එහි දෙවැනි ඉණිම කි්‍රඩා කරමින් ඉන්නවා.  අපේ රටේ ආර්ථීකය අධිරාජ්‍යගැති ආර්ථීකයක්. ලංකාවට වෙන විකල්පයක් ඉතිරිව නැහැ. 1948 අපි ලාබාගත්තා කියන නිදහස පූර්ණ නිදහසක් නෙවෙයි. බි්‍රතාන්‍ය නිදහස ලබාදුන්නට එය දිගේලි කළ නිදහසක් පමණයි. හරියට අධිරාජ්‍යවාදී කණුවේ ගැටගසා තිඛෙන සතෙක් වගේ. ඉන් ගැලවිලා යන්න බැහැ. මහින්ද රාජපක්ෂ එයට ගැලපෙන ලෙස ආර්ථීකය පවත්වාගෙන යනවා. ෙජ්.ආර්.ගේ කාලේ ඇඟලූම් ආර්ථීකයක් පටන් ගත්තා. දැන් මහින්ද රාජපක්ෂ විනෝද ආර්ථීකයක් සඳහා රටතල්ලූ කරමින් ඉන්නවා. අපේ කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථීකය වෙනුවට සංචාරක කර්මාන්තය ආරම්භ කරන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි ලංකාවේ කැසිනෝ නීති ගත කරේ. ලැම්බෝගිණිවලට බදු සහන දුන්නේ. ඇඟ විකුණන විනෝද ආර්ථීකයක් ගොඩනගමින් ඉන්නේ. මේ රට ගණිකාවෝ ආනයනය කරන රටක්. ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්තිය ඒකයි. රටේ සම්පත් ටික අධීරාජ්‍යවාදී රටවල් වලට විකුණලා දානවා. ඉඩම් ටික ඇමරිකන් සමාගම්වලට විකුණුවා. ලංකාවේ කෘෂිකර්මය පාලනය කරන්නේ බහුජාතික සමාගම් කිහිපයක් මගින්. මුළු රටම දැන් බහුජාතික සමාගම් අතේ.
අපේ රටේ ආර්ථීකය දැන් ණය සහ බදු යන දෙක මත තීරණය වෙනවා. අපේ රට ණය ගන්නේ අධිරාජ්‍යවාදීන්ගෙන්. ඒ ණයත් සමග කොන්දේසිත් ගලා එනවා. මේ රටේ ඉන්නේ රූකඩ නායකයෝ. අධිරාජ්‍යවාදී උවමනාවට නැටවෙනවා. ඒ අතරේ බොරු අධිරාජ්‍ය විරෝධී නාඩගමක් රඟපානවා. එයට රැවටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. දැන් අපේ රට දැවැන්ත ආර්ථීක අර්බුදයක තිඛෙන්නේ. ණය බරින් පීඩාවට පත්වෙලා. ජනතාවට කිසිම සහනයක් නැහැ. අධිරාජ්‍යවාදී රටවල් අපේ රට කොල්ල කනවා. අපේ රටේ නායකයෝ ජනතාව කොල්ල කනවා. ආණඩුව කරන්නේ සරදියෙල් කරපු දේට විරුද්ධ පැත්ත. දුප්පතුන්ගෙන් කොල්ල කාලා පෝසතුන්ට ලබාදෙනවා.
පසුගියදා 18වන සංශෝධනය මගින් බලය තහවුරු කරගත්තා. දැන් ආණ්ඩුව 19ක් ගැන කථා කරමින් ඉන්නවා. ආණ්ඩුව අධිරාජ්‍යගැති පවුල් පාලනයක් ගොඩනගමින් තිඛෙනවා. අධිරාජ්‍යවාදය ආණ්ඩුව තමන්ට ඕන විදියට පාලනය කරමින් ඉන්නවා. එයට අදාළ වටපිටාව මහින්ද රාජපක‍ෂ විසින් ගොඩනගමින් ඉන්නවා. මානව හිමිකම් උල්ලංඝණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරමින් මේ ගමන යන්නෙ. අප වගේ ණය මත යැපෙන රටවල ඇත්තටම අධිරාජ්‍යවිරෝධී වෙන්න බැහැ. ලෙනින් කියල තිඛෙනවා ඕනෑම කුකුල් පැටවෙකුට අධිරාජ්‍යවාදයේ වානේ කටුව බිඳ දමන්න බැහැ කියලා. ආණ්ඩුව ඇතුලේ ඉන්නෙත් ඒ වගේ කුකුල් පැටවුන්. අධිරාජ්‍යවාදය හදල තියෙන වානේ කටුව ආණ්ඩුව ඇතුළේ ඉන්න බොරු දේශප්‍රේමී කුකුල් පැටවුන්ට කඩා දාන්න බැහැ. ඒ සඳහා මහා දැවැන්ත ජනතා බලයක් ගොඩනගන්න ඕන. ඒ ගොඩනගන්න සමත්විය යුත්තේ පීඩාවට පත්ව සිටින ගොවි කම්කරුධීවරශිෂ්‍ය,කාන්තා බලවේගයන්.
අධිරාජ්‍යවාදය පැරදවීමේ ගාමක බලය ලෙස ලෙනින් හඳුනාගත්තා. කම්කරු පංතිය රටක පාලක පංතිය වියයුතු බව ලෙනින් හඳුනාගත්තා. ඒ අත්දැකීම අප ලබාගත යුතුයි. මේ අධිරාජ්‍යවාදය ගතකරන්නේ අවසන් කාල පරිච්ඡේදයයි. ලෝකයට අලූත් තත්වයක් ලබාදෙන්න ජීවයක් ලබාදෙන්න අධිරාජ්‍යවාදයට බැහැ. ඒ නිසා එය පරාජය කළ යුතුයි. අපට ජාතික විමුක්ති අරගලය අවශ්‍යවන්නේ ඒ නිසයි. එය නව පන්නයේ දේශප්‍රේමී අරගලයක් විය යුතුයි. මහින්ද රාජපක‍ෂ සමඟ අත්වැල් බැඳගත්ත එකක් නොවෙයි. මේ ධනපති පාලකයෝ අධිරාජ්‍යවාදයට පාර කපන්නන්. ඊට එරෙහිව දැවැන්ත අධිරාජ්‍යවිරෝධී බලවේගයක් ගොඩනගන්න ඕනෑ. ඒ සඳහා අප ලෙනින්ගෙන් ඉගෙනගත යුතුයි. ලෙනින් කියා තිඛෙනවා ජාතික විමුක්ති අරගලය ධනපති පංතිය අතට දෙනවා වෙනුවට කම්කරු පංතියටනිර්ධන පංතියට ලබාගතයුතුයි කියලා. එයට අනිවාර්යයෙන් වමේ නායකත්ය ලබාදිය යුතුයි. එම අරගලයගමන්මග අප ඉදිරියේ තිඛෙනවා.
මෙය කළ හැකිදලෙනින් කියනවා අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ ඉහළ අවධිය වගේම අවසන් අවධිය කියලා. සමාජවාදය සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සූදානම එය තුළ නිර්මාණය වෙමින් තිඛෙනවා. එනම් සමාජවාදයේ එළිපත්තයි. අධිරාජ්‍යවාදය යනු සමාජවාදයේ පෙරවදනයි. නවීන ධනවාදයේ හැම ජනේලයකින්ම සමාජවාදය අපවෙත බැලූම් හෙළනවා. ජනතාව යා යුත්තේත් යා හැක්කේත් එම මාර්ගයේමයි. මහින්ද රාජපක‍ෂ අධිකරණය සාක්කුවේ දාගත්තත් මර්දන පනත් 
ගෙනාවත් ගොඩනැගෙමින් තිඛෙන්නේ රාජපක‍ෂලාගේ ලෝකය නොවේ. ඉදිරියට නිර්මාණය වෙන්නේ වැඩකරන ජනතාවගේ ලෝකයක්. ඒකාධිපතියන් බවට පත්වෙන්න බල කරන්නේ මේ ධනපති ක්‍රමයේ උග්‍ර වන ආර්ථීක අර්බුදයයි. එවිට පාලකයින්ට අධිකරණයපොලීසියමර්දන අනපනත් අතට ගන්න වෙනවා. මර්දනීය කි්‍රයාදාමයන් තීව්‍ර කරන්න වෙනවා. එවැනි හැම ඒකාධිපති පාලකයෙක්ම ජනතාව විසින් එළවා දැම්මා. මාකෝස්බැටිස්ටා,හොස්නි මුබාරක්ගඩාෆි ජනතාව විසින් එළවා දැම්මා. සමහරු වෙන රටවල්වල අසරණ විදියට මරණයට පත්වුණා. සමහරු හිරගෙවල්වල වැටුනා.
ඒ ආකාරයෙන් මහින්ද රාජපක‍ෂත් අධිකරණයට අත තිබ්බා. මෙම ඒකාධිපතිවාදයට වැඩි දුරක් යන්න බැහැ. එම නිසා නිර්ධන පංතිය ලෙනින්ගේ මඟ පෙන්වීම් තේරුම් ගත යුතුයි. ඒ මග පෙන්වීම් සමඟ අපේ මාර්ගය ගොඩනගාගත යුතුයි. බලය සඳහා කරන අරගලයේදී නිර්ධන පංතියට සංවිධානය හැර වෙන අවියක් නැහැ කියලා ලෙනින් කියා තිඛෙනවා. ඊට අනුව ඔහු විනයගරුක පක‍ෂයක් ගොඩනැගුවා. සමාජවාදී රුසියාවක් ගොඩනැගුවේ එම ස්ථාවරයේ ඉඳලා. දේශපාලනයට පමණක් නොවේ ලෙනින් හොඳ මිනිසෙකු වීමටත් කියවිය යුතු චරිතයක්. ඔහු අනාගතය දැක්කා. මහා දැවැන්ත නිර්මාණකරුවෙක්. ඔහු විශාල පොත් ප්‍රමාණයක් රචනාකොට තිඛෙනවා. ඔහුගේ ජීවිත කාලය තුළ ලියූ දේවල් අපේ ජීවිත කාලය තුළ කියවා නිම කිරීමටත් නොහැකියි. රටක වැඩකරන ජනතාව ප්‍රාග්ධනයේ හිමිකරුවා වූ විට ඔවුන්ට කළ නොහැකි දෙයක් නැහැ. ලෙනින් එය රුසියාව තුළ ප්‍රායෝගිකව අත්හදා බැලූවා.
එංගල්ස් කියා තිඛෙනවාමානව සංහතිය සමාජවාදය තෙක් පෙරට හෝ එසේ නොමැතිනම් ම්ලේච්ඡත්වය කරා ගමන් කළ යුතුයි කියලා. අප හිතනවා අධිරාජ්‍යවාදය ගමන් කරමින් තිඛෙන්නේ ඒ ම්ලේච්ඡත්වය දෙසටයි. මිනිසුන්ගේ ඔළුවට පරමාණු බෝම්බ දැම්මේ මේ අධිරාජ්‍යවාදයයි. මංකොල්ලකෑම්,ස්තී්‍ර දූෂණවංචාවමිනී මැරුම් ඉහවහා ගිහිල්ලා. විශාල ලෙස නූගතුන්දුප්පතුන් බිහි කරලා. එනිසා මේ ධනවාදයත් අධිරාජ්‍යවාදයත් පරාජය කළ යුතුයි. ඒ වෙනුවෙන් ජනතාවට අධ්‍යාපනය ලබාදිය යුතුයි. ඒ සඳහා ගුරුවරයා ලෙනින් බව කිව යුතුයි. ලෙනින්ගේ උපුටා ගැනීම් කටපාඩම්කර එම අරගලය දිනන්න බැහැ. ලෙනින්ගේ ක්‍රමවේදයන් හොඳින් අධ්‍යයනය කළ යුතුයි. අපේ අරගලයට ගළපා ගත යුතුයි. ලෙනින් මාක්ස්ව කොපි කළේ නැහැ. අධිරාජ්‍යවාදී අවධියට උචිත වන ආකාරයෙන් මාක්ස්වාදය දියුණු කළා.
අධිරාජ්‍යවාදය අපේ රටවල් ගිල ගන්න බලා ඉඳිද්දී මහින්ද රාජපක‍ෂ කරන්නේ රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වාදනය කරනවා වාගේ කි්‍රයාවන්. අගවිනිසුරු ඉවත්කිරීමවැලිකඩ හිරගෙදර ඝාතනයන්නීතිඥයින්ට වෙඩි තැබීම් මගින් මානව හිමිකම් උල්ලංඝණය කළා. ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා. දැන් අධිරාජ්‍යවාදී බලපෑම් තීව්‍ර වෙමින් තිඛෙනවා. එනිසා මේ පාලනය අධිරාජ්‍යවාදීන්ට අත වනමින් ඉන්න පාලනයක්. ඒ නිසා අපේ රටේ ජනතාවට වෙන විකල්පයක් නැහැ. සමාජවාදය හැර වෙන කිසිම උත්තරයක් නැහැ. එනිසා ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්නඅධ්‍යාපනය ලබන්නඅරගල කරන්නඒ වෙනුවෙන් කැපවීම් කරන්න සියලූ දෙනාට ආරාධනය කරනවා.

No comments:

Post a Comment