Monday, February 4, 2013

සිරියාවට පහර දීමට ඊශ්‍රායලය සැරසේ - දේශසීමා ඉක්මවූ අරගලයකට සිරියාව සූදානමින්


හිස්බුල්ලා වරුන්ට යැවෙන බවට සැලකෙන අවි දුටුවොත් නැවත සිරියාවට පහර දෙන බව ඊශ‍්‍රායලය කියන අතර ඇමරිකාව කියන්නේ අන්තවාදීන් ගේ අතට අවි ලැබීම වැලැක්වීමට  ඕනෑම සහයක් දෙන බවයි. සිරියානු ප‍්‍රදේශයේ හමුදා පර්යේෂණ මධ්‍යස්ථානයට පහර දීමෙන් පසු කලාපයේ ආතතිය වැඩි වී ඇත.
ඊශ‍්‍රායෙල් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊබ‍්‍රාහිම් කැම් කියා ඇත්තේ අවි ප‍්‍රවාහන වලට පහර දීමට තමන් සූදානම් බවත් ඊශ‍්‍රායලය තුන්වන අයන්ඩ්‍රෝම් බල ඇණියද උතුරට යවා සිදුකල බදාදා ප‍්‍රහාරය අනතුරු ඇඟවීමක්
බවත්ය.
ඊශ්‍රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් පළිගන්නා බව සිරියාව ප්‍රකාශ කරයි. මෙයින් පැහැදිළි වන්නේ සිරියා අරගලය දැන් එරට දේශසිමා ඉක්මවා ව්‍යප්ත වීමට පටන්ගෙන ඇති බව යැයි විශ්ලේෂකයෝ පවසති.

No comments:

Post a Comment