Tuesday, April 24, 2012

පළාත් සභා මැතිවරණයට පෙර මත්තල ගුවන් තොටුපොලේ විවෘත්ත කිරීමක්

www.lankahotnews.org
ශ‍්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොල මත්තල මේ දිනවල ඉදිවෙමින් තිබේ. ඉන් 70%ක වැඩ කටයුතු අවසන් බවයි රජය පවසන්නේ. චීන ජාතිකයන් සහ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් දහසකට වැඩි ප්‍රමාණයක් මෙහි ඉදිකිරීම් කටයුතු වල නිරත වන බවත් ලෝකයේ නවීනතම ගුවන් තොටුපළක ගොඩබැස්සවිය හැකි නවීනතම ගුවන් යානය
මෙම ගුවන්තොටුපළට ගොඩබෑ හැකි බවත් රජය කියයි.

ඇමරිකානු ඩොලර් බිලියන 209 ක වියදමින් ඉදිකෙරෙන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වර්ගමීටර දහදාහකින් යුත් මගී පර්යන්තය මගින් කාර්යබහුල වේලාවන්හිදී ජාත්‍යන්තර මගීන් 800 ක්ද දේශීය මගීන්
100 ක්ද හැසිරවිය හැකි පරිදි පළමු අදියරේදී ඉදිකෙරේ.

හෙක්ටයාර 800 ක භූමියෙහි මුල් අදියරේ ඉදිකිරිම් කටයුතු නිමකිරීමට නියමිත අතර මෙහි මගී පර්යන්තයේ ගුවන් මගින් පැමිණීම හා පිටවීම වෙන්ව සිදුකෙරෙන අතර සෞඛ්‍ය තත්වය හා ශාඛ නිරෝධායන, රේගු,
 ආගමන  හා විගමන, ආපනශාලා, ගුවන් මගී විවේකාගාර, තීරුබදු රහිත සාප්පු හා අවශ්‍ය කාර්යාල පහසුකම් ඉදිකෙරෙයි.  මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්තයේ මගීන් ගුවන් බඩු ප්‍රවාහන සඳහා වර්ග
 මීටර 5000 ක ගුවන් බඩු පර්යන්තයක්ද ගිනි  නිවීම් හා මුදාගැනීම් පහසුකම් හා මීටර 40 ක් උසින් ගුවන් පාලන මැදිරි කුළුනක්ද ස්ථාපිත කෙරෙයි.

නිල් අහස ජය ගැනීමේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. ලොව  ප්‍රධානපෙලේ ව්‍යාපාරික සමාගම් ගුවන්  තොටුපොල තම ගබඩා ඉදිකොට  සේවා පවත්වා ගැනීමට එකග වී ඇති බවත් එම සමාගම් වසරක කාලයකට ගාස්තු වලින් නිදහස් කරන බවත් රජය පවසයි. මත්තල ගුවන් තොටුපොලෙන් 60%ක් භාණ්ඩ මෙහෙයුම් සදහා වෙන් කෙරේ. මේ හා සමගාමීව කටුනායක ගුවන් තොටුපොල පුළුල් කීරීමටද මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කොට ඇත.

මැතිවරණයෙන් පසුව ජයිකා ආධාර යටතේ  මත්තල ගුවන් තොටුපොල දෙවන අධියරද ඇරඹීමට සූදානමක පවතින බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

 මෙම ව්‍යාපෘතියද ණය මත ඉදිවන්නක් අතර ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය ආරක්ෂක ගුවන් තොටුපලක් එනම් කටුනායක ගුවන්තොටුපොලේ හදිසි තත්වයකදී භාවිතා කල හැකි අමතර ගුවන් තොටුපොලක් බවත් එය රත්මලාන ගුවන් තොටුපොලට කල හැකි බවත් ඒ නිසා මත්තල සදහා යොදවන ණය කන්දරාව කෙටි කාලීනව ඉපදවිම සදහා රජයේ අවධානය යොමුවිය යුතු බවත් නොමැතිනම් රට මේ ණය උගුලේ තවත් සිරවිය හැකි බවත් විද්වතුන් කිහිප දෙනකු අප හා ප්‍රකාශ කලේය.

No comments:

Post a Comment