Thursday, April 26, 2012

පාසැල් ලමුන්ට චීන භාෂාව විෂයක් ලෙස හැදෑරීමට අවස්ථාව


lankahotnews.org
ලෝකයට අළුත් අදහස් රැසක් එක් කළ රටක් වශයෙන් චීනය අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ සමීප සම්බන්ධතා ගොඩනගා ගෙන ඇති  බවත් එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට චීන භාෂාව විෂයක් ලෙස හැදෑරීමට අවස්ථාව සලසාදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.



අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොන්ෆියුසියස් මධ්‍යස්ථානය විසින් මෙහෙය වන ලද චීන භාෂා පාඨමාලාවේ ත්‍යාග සහ සහතික පත් ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

අපේ දරුවන් ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දිය හැකි පරපුරක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් මේ වන විටත් විදේශ භාෂා හැදෑරීමේ අවස්ථාව පාසැල් පද්ධතියට හදුන්වා දී ඇති බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ සහාය ඇතිව චීන භාෂාව ඉගැන්වීම සඳහා ගුරුභවතුන් පුහුණු කිරීමේ කටයුතු  ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. මෙරට ගුරුවරුන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණු මානව සම්පත් චීන රජයේ ඉල්ලා ඇති අතර, ඉදිරියේදී ඒ අනුව මෙම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment