Saturday, April 21, 2012

අවුන් සාන් සුකී පාර්ලිමේන්තු වර්ජනයකට

lankahotnews.org
මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන්සාන් සුකී එරට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සූදානම් වේ. වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිටි ඇය පසුගියදා පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ඇගේ ජාතික ලීගයට ආසන රැසක් දිනා දෙමින්. පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමේදී භාවිතා
කරන පාඨයක් හේතුවෙන් ඇගේ පක්ෂය සහ ආණ්ඩුව අතර මතබේදයක් උද්ගත විය. දැනට දිව්රුම් දීමේදී භාවිතා කරන ‘‘ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම’’ යන වචනය වෙනුවට ‘‘ගෞරව කිරීම’’ යන වචනය යොදන ලෙසයි මියන්මාර් ජාතික ලීගයේ සාමාජිකයින් ඉල්ලා සිටින්නේ. කෙසේ වුවත් ඊට මියන්මාර් ආණ්ඩුව යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. මේ අනුව සඳුදා ආරම්භවන මියන්මාර නව පාර්ලිමේන්තු සැසිවාරයට පවා සහභාගි නොවී  අවුන් සාන් සුකී සිය විරෝධය පළකිරීමට නියමිතයි.

No comments:

Post a Comment