Thursday, April 26, 2012

රෝහලේදී කාන්තාවට අතවර කිරීමට තැත්කල වෛද්‍යවරයා අත්අඩංගුවට

lankahotnews.org
කිරිබත්ගොඩ,දලුගම පෞද්ගලික රෝහල වෙත දත් පරීක්ෂා කිරීම සඳහා  පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත්කළ රාගම රෝහලේ වෛද්‍යවරයෙකුව කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දත් පරීක්ෂා කිරීම සඳහා පසුගිය 24වෙනි දින එම කාන්තාව අදාළ වෛද්‍යවරයා‍‍වෙත
ගොස් ඇති අතර ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පසු දිනයේද දත් පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන ලෙසට දන්ත වෛද්‍යවරයා එම කාන්තාවට උපදෙස් දී ඇත.
ඒ අනුව එම කාන්තාවපසුදිනද එම දන්ත වෛද්‍යවරයා හමුවීමට ගොස් තිබෙන අතර මෙම වෛද්‍යවරයා අදාළ කාන්තාව පැය එක හමාරක පමණ කාලයක් ප්‍රතිකාර කරන කාමරයේ ඇය තබාගෙන ඇගේ ශරීරයේ විවිධ ස්ථාන ස්පර්ශ කරමින් ලිංගික අතවර කිරීමට තැත් කර තිබේ.
 මෙම අපරාධකරු (26) දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කිරිබත්ගොඩ පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

No comments:

Post a Comment