Friday, April 27, 2012

නුවර ජන අරගල 3ට කැඩේ

lankahotnews.org
ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වී ගිය ජන අරගල කණ්ඩායම ආරම්භ කල පෙරටුගාමී සමාජවාදී පක්ෂය බරපතල බෙදීම් ගනනාවකට ලක්ව ඇත. මෙම කණ්ඩායම් වලට ජාතික මට්ටමේ නායකත්වය දෙන
දිමුතු අබේකෝන් මහතා නියෝජනය කරන නුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිවිරෝධය උපරිම තලයකට පැමිණ ඇති අතර දිමුතු කණ්ඩායම එහි බලය තහවුරු කර ගනිමින් සිටී. ජනඅරගල කණ්ඩායමේ නුවර දිස්ත්‍රික්කයේ
ප්‍රවනතා 3ක් දැකගත හැකි අතර 1. දිමුතු අබේකොන් කණ්ඩායම 2.සමන් ප්‍රනාන්දු කණ්ඩායම 3.මධ්‍යස්ථ කණ්ඩායම. මධ්‍යස්ථ කණ්ඩායමට යටිනුවර ගිජින්ද්‍රත් ගලගෙදර අර්ජුනත් නායකත්වය ලබාදේ,
ඔවුන් සදහන් කරන්නේ තමන්ගෙන් ලාංකීය වමට හානියක් වූ බවත් ජවිපෙට නැවත එක් විය යුතු බවත්ය.
සමන් ප්‍රනාන්දු කණ්ඩායම පවසන්නේ සැබෑ වමේ ව්‍යපාරයක් ගොඩනැගීමට අවැසි බලවේගයන්ගෙන් තමන් සන්නද්ධව සිටින බවත් වමට ද්‍රොහී වූ පිරිස් මග හැරී පක්ෂය සුද්ධ වුන බවත් කුණු හේදී ගිය බවත්ය.
ඔවුන් එල්ල කරන ප්‍රභලතම මතය වන්නේ දිමුතු මහතා ජන අරගල හැරගිය පසුව ඔහුට එරෙහිව සදාචාරය සම්බන්ද චෝදනායි. නමුත් සමන් මහතාට ඔවුන්ගේ ආරම්භක දිස්ත්‍රික් සංවිධානයෙන් රදවා තබා ගත හැකි වූයේ දෙදෙනෙක් පමණක් බවයි අනෙක් පාර්ශව සදහන් කරන්නේ. මෙම කණ්ඩාම් ප්‍රතිවිරෝධය කොපමනද යත් සමහර කණ්ඩායම් හා සමාජිකයන් පෙ.ස.ප මංගල සමුළුවටවත් සහභගී නොවීමේ තීන්දුවකට පැමිණියේය.

මෙම කණ්ඩායම් වාදයේ ප්‍රභලතම බලපෑම නුවර වුවත් ඔවුන් තම කණ්ඩායම් දෙසට රට පුරා සාමාජිකයත්වය බදවා ගැනීම සදහා වූ මතවාදී දේශපාලන අරගලය ගෙනයන බවත් ඒ සදහා වූ දේශපාලනමය කියවීම ආරම්භ කොට ඇති බවත් එහි ප්‍රකාශකයෙක් සදහන් කොට තිබුණි.

2 comments:

  1. කැඩෙන්න 3ක්වත් හිටියද?

    ReplyDelete
  2. ගිජින්ද්‍ර කියන්නේ පිස්සෙක්. කයිය විතරයි

    ReplyDelete