Saturday, April 28, 2012

සෙවනගල සීනිකර්මාන්තායතනයේ නැවත උද්ඝෝෂණ නෑ

lankahotnews.org
ඌන උපයෝජිත වත්කම් පනත යටතේ පසුගියදා රජයට පවරාගනු ලැබූ සෙවණගල සීනිකර්මාන්තායතනයේ උක් අස්වනු නෙළීමේ උත්සවය ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්නමහතා ඇතුළු මොණරාගල දිස්ත්‍රික් දේශපාලන නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා  සිදුවිය.


ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ අදහසකට අනුව (27) ආරම්භ කෙරෙන උක් අස්වනු ඇඹරීමේ කාර්යයන් සමඟ සෙවණගල හා පැල්වත්ත සීනි සමාගම් එක්කොට නව සමාගමක් පිහිටුවීමට ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

දැනට ප්‍රදේශයේ ගොවීන් විසින් වගාකර ඇති උක්දඬු මෙට්‍රික් ටොන් 1,30,000ක් ඇඹරීම හා සීනිනිෂ්පාදනය මෙම වර්ෂය තුළ කෙරෙන අතර ඉදිරි වර්ෂයේ උක්දඬු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 3ක් ඇඹරීම  හා  ඒ මගින් සීනි නිෂ්පාදනය කෙරෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

දැනට සීනි නිපදවන්නේ 6%ක් බවත් ඉදිරි වර්ෂ දෙක තුළ මෙය 40% දක්වා වැඩිකර ගැනීමට කටයුතු කරන බවද ඒ අනුව පිටරටට ඇදී යන විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කර ගත හැකි බව ද ඒ අනුව සෙවනගල සීනිකර්මාන්ත ආයතනයේ උද්ඝෝෂණ අනවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment