Saturday, April 28, 2012

කළු ගගේ පාලම කැඩී කළුතර තරුණියක් මරුට

lankahotnews.org
කළුතර උතුර, කළු ගඟේ දුම්රිය මාර්ගයට පිටතින් සවිකර තිඛෙන මගී පාලමේ ගමන් කරමින් සිටි තරුණියක් (26) ගඟට වැටී මරණයට පත්ව ඇත.
26 සවස 03.40ට පමණ එම තරුණිය ගඟ වැටී ඇති අතර තරුණියගේ පෙම්වතාද ඒ සමඟ ඇය බේරා ගැනීමට ගඟට පැන තිබේ.

අනතුරුව පොලිස් බෝට්ටු සහ නාවික හමුදා බෝට්ටුවල සහාය ඇතිව තරුණියගේ මෘත ශරීරය සොයා ගෙන ඇති අතර තරුණයාගේ සිරුර මෙතෙක් සොයා ගෙන නොමැති බව කළුතර උතුර පොලීසිය සඳහන් කළේය.
මරණකාරිය වයස අවුරුදු 18ක් වූ ටිල්ෂානි මධුවන්ති නැමති පානදුර, අලූබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියෙකි. ඇයගේ මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් අවසන් නැත.
එසේමදියේ ගිලි අතුරුදහන් වූ තරුණයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

No comments:

Post a Comment