Friday, April 20, 2012

ලෝක බැංකු සභාපති නම් කරයි

ලෝක බැංකුවේ නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ සාමාජික රටවල ඡන්දවිමසීමේදී ඇමරිකාව නියෝජනය කළ ජිම් යොන් කිම් මහතා ජයගත්තේය. ලෝක බැංකුවේ කොටස් ප්‍රමාණයක් හිමි ඇමරිකාණු නියෝජිතයෙකු හෝ ඔවුන්ගේ අභිලාශයන් නියෝජනය කරන පුද්ගලයෙකු සාමාන්‍යයෙන් මෙම තනතුරට පත්වේ.


මෙවර තේරීපත්වූ ජිම් යොන් කිම් ඇමරිකාව නියෝජනය කළ කොරියාණු සම්භවයක් සහිත 52වැනි වියේ පසුවන වෛද්‍යවරයෙකි. නයිජීරියානු මුදල් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු මොහු සමග සභාපතිධූරයට තරග කළේය.

නව සභාපතිවරයා ජූලි මස 01වැනිදා  වැඩභාරගැනීමට නියමිතය. ඔහු ඉදිරි වසර 5තුළ ලෝක බැංකු සභාපතිධූරයේ කටයුතු කරයි.

No comments:

Post a Comment