Friday, April 20, 2012

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියකර හැරීමේ උත්සාහයක්

වෙන් කර ඇති ප්‍රතිපාදන වසරින් වසර කපා හරිමින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියකර හැරීමේ උත්සාහයක් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත.

මේදක්වා විශ්වවිද්‍යාල මගින් පාලනය වූ ඇතැමි අරමුදල්
උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම එම දියකර හැරීමේ ප්‍රබල පියවරක් යැයිද එම ලිපියෙන් පෙන්වා දී ඇත. මෙම තත්වයට විරෝධය
 පළ කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්දතිය යහපත් අයුරින් පවත්වාගෙන යාමට ක්‍රියාකරන මෙන් එම ලිපියෙන් රජයට බලකර ඇත.

උසස්‌ අධ්‍යාපනයට අදාළව සිදු කෙරෙන ප්‍රතිසංස්‌කරණවලදී ආචාර්යවරුන් සහභාගි කර ගත යුතු බවට සම්මේලනය මීට පෙර කර තිබූ ඉල්ලීම ඉවත දමා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාල
 පිහිටුවීමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණව සිටින බව ද සම්මේලනය සඳහන් කර තිබේ.

අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%කට වැඩි ප්‍රමාණයක්‌ වෙන් කළ යුතු යැයි යුනෙස්කෝ සංවිධානය (United Nations Educational, Scientific and Cultural Organization)
නිර්දේශ කර තිබුනද ආණ්‌ඩුව පසුගිය වසරටත් වඩා අඩු ප්‍රමාණයක්‌ මෙවර වෙන් කර ඇතැයි එම ලිපියෙන් පෙනිවාදී ඇත.
මෙම සියළු තත්වයන් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඩපණ කිරීමේ උත්සාහයක පෙර නිමිති බව  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යොමුකළ එම ලිපියෙන් අවධාරණය කර ඇත.

No comments:

Post a Comment